Home Parenting පොඩ්ඩගේ කෑම පෙට්ටිය වෙනස් විදියකට හදලා බලමුද

පොඩ්ඩගේ කෑම පෙට්ටිය වෙනස් විදියකට හදලා බලමුද

by ladylk

පාන්දරම නැගිටලා මහන්සිවෙලා හදලා යවන කෑම එකෙන් බාගයක්වත් පොඩ්ඩා කාලා නැත්තන් අම්මගේ හිත කොයි තරම් රිදෙනවද? හැබැයි අම්මා මොන තරම් වැඩ දාලා හදලා යැව්වත්, කෑම එක නොකා ගෙදර අරන් එන්න පොඩ්ඩාටත් එයාගෙම හේතු තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි නොදැනුවත්වම කරන යම් යම් වැරදි හන්දා පොඩ්ඩා කෑමට අදිමදි කරනවා වෙන්න ඉඩ තියෙනවා. ඉතින් පොඩ්ඩගේ කෑම රුචිය වෙනස් කරන්න උත්සහ කරන්න කලින් කෑම පෙට්ටිය වෙනස් කරන්න හිතුවොත් හොඳ නැද්ද? ඔන්න එහෙනම් අලුත් අවුරුද්දෙ අලුත් විදියකට පොඩ්ඩගේ ලුන්ච් බොx එක හදන්න ලඩ්ය්.ල්ක් අපෙන් අලුත් අදහස් කීපයක්.

කලින් කාලා නැති දේවල් යවන්න එපා.
පොඩ්ඩා මීට කලින් කාලා නැති දෙයක් පාසලට යවන්න හිතන් ඉන්නවා නම් ඊට කලින් ගෙදරදී ඒ කෑම වර්ගය වරක් දෙවරක් දීලා බලන්න. ඇල්ලෙර්ගීස් තියෙනවා නම් අඳුරගන්න එය උපකාරී වේවි. පාසලෙන් එදිනෙදාට යැවිය යුතු කෑම වර්ග ගැන සටහනක් එවන නිසා මේ කියන විදියට සූදානම් වෙන්න ඔබට කාල වේලාවත් ඇති තරම් ලැබිලා තියෙනවා.

වර්ග කීපයකින් පොඩ්ඩ පොඩ්ඩ යවන්න
එක කෑම වර්ගයක් යැව්වොත්, ඒ කෑම එක කන්න පොඩ්ඩා අකමැති නම් එයාට ගෙදර එනකන්ම බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ. හැබැයි වර්ග කිහිපයක් දාලා යැව්වොත් එතනින් මොනවා ම හරි දෙයක් පොඩ්ඩගෙ බඩට වැටෙන්න ඉඩ තියෙනවා. තම්බපු එළවලු ටිකක්, ධාන්ය වර්ගයක්, බිත්තරයක්, පලතුරක්, පස්ට, සන්ඩ්විච් එකක් වගේ මේ විදියට යවන්න පුලුවන්කම තියෙනවා. කෑම වර්ග කිහිපයක්ම වෙන වෙනම දාලා යවන්න පුළුවන් ලුන්ච් බොx එකක් මිලට ගත්තා නම් මේ වැඩේ ලස්සනට, පිළිවෙළට කරන්න හැකියාව ලබෙනවා.

කෑම එක ගැන පොඩ්ඩා මොකද කියන්නේ
ඉස්කෝලෙන් එවන උපදෙස් සහ අම්මගේ කැමැත්ත විතරක් සළකලා ලුන්ච් බොx එක පිළියෙල කරන්නේ නැතුව පොඩ්ඩගේ කැමැත්තටත් මුල් තැන දෙන එක තමයි වඩා වටින්නේ. උදාහරණයක් විදියට ධාන්ය කන්න පොඩ්ඩා අකමැති නම් තම්බපු ධාන්ය ටිකක් පොඩි කරලා, මස් චුට්ටක්, එළවලු ටිකක් එක්ක එකතු කරලා cඋට්ලෙට් එකක් හදලා යවන්න ඔබට පුළුවන්. ඒ වගේම අම්මා හදලා යවන කෑම එක වෙනස් වෙන්න ඕනි කොහොමද කියලා පොඩ්ඩගෙන් අහන්න අමතක කරන්නත් එපා. රස, ගුණ, ලස්සන හැම දේකින්ම පිරුණු ටිෆ්ෆින් බොx එකක් හදාගන්න චුට්ටක් මහන්සි වෙන්න සිදු වුණත්, ඒකෙන් පොඩ්ඩගේ බණ්ඩිය පිරෙනකොට අම්මට මහන්සිය අමතකම වෙන්න ඉඩ තියෙනවා.

කලබල වෙන්න දෙයක් නෑ
වැඩිහිටි අපේ වුණත් කෑම රුචිය අවස්ථානූකූලව වෙනස් වෙන එකේ පොඩ්ඩෝ ගැන කවර කතාද? ඉතින් ඊයේ හොඳට කෑම කාපු පොඩ්ඩා මොකක් හරි හේතුවක් නිසා අද කෑම ටික එහෙම පිටින්ම ඉතුරු කරගෙන ඇවිත් නම් කලබල වෙන්න එපා. ඒකට හේතුව අහලා බලලා පිළියමක් හොයාගන්න එක තමයි කරන්න අවශ්ය වෙන්නේ.

උදේට දෙපාරක් බඩ පුරවාගන්න බෑනේ
ඉස්කෝලේ යන්න කලින් කිරි වීදුරුවක් බීලා තවත් මොනවාහරි කාලා නම් ඉස්කෝලෙට යන්නේ, ගෙදරින් ගෙනියන කෑම එකත් සම්පූර්ණයෙන් කයි කියලා හිතන්න අමාරුයි. මේ නිසා පොඩ්ඩගේ පොඩි බණ්ඩියට ගැළපෙන ප්රමාණයට විතරක් කෑම යවන්න සිහි තබාගත්තොත් අම්මයි පොඩ්ඩයි දෙන්නගෙම හිතට සතුටුයි.

වතුර අත්යවශ්යයි
වෙනත් බීම වර්ග යවනවාට වඩා පොඩ්ඩට බොන්න පහසු විදියේ බෝතලයකට වතුර යවන එක තමයි වඩාත් සුදුසු වෙන්නේ. ඔබට ඉන්නේ වතුර බොන්න අකමැති පොඩ්ඩෙක් නම් ඒ බව එයාගේ ටීචර්ට විශේෂයෙන් කියලා තිබ්බොත් වරින් වර වතුර බොන්න කියලා ටීචර් මතක් කරන්න ඉඩ තියෙනවා.

පොඩ්ඩට තියෙන්නේ පොඩි කටක්
මස්, මාළු, එළවලු, පළතුරු වගේ ලුන්ච් බොx එකට දාන ඕනෑම කෑම වර්ගයක් පොඩ්ඩට කන්න පහසු ප්රමාණයට සහ හැඩයට කපලා යවන්න සිහි තබාගන්න. කෑම හොඳට හපලා ඉක්මනින් කන්න පුළුවන් වෙන්න වගේම කෑම උගුරේ හිර නොවෙන්නත් මේ දේ උපකාරී වේවි.

Finger foods දුන්නොත් හොඳ නැද්ද
කිරි සමඟ මිශ්ර කරලා යවන cඑරේල් වර්ග, ඔඅට්ස්, cඔර්න් ෆ්ලකෙස් වගේ දේවල් නම් ලුන්ච් බොx එකට දාලා යවන එක එතරම් සුදුසු වෙන්නේ නැහැ. ඒ වෙනුවට පහසුවෙන් කෑමට ගන්න පුළුවන් ෆින්ගෙර් ෆූඩ්ස් යවන්න පුළුවන් නම් පොඩ්ඩා පහසුවෙන් ඒ දේවල් කෑමට ගනිවී. ඒ වගේම බත්, නූඩ්ල්ස් වගේ දෙයක් යවනවා නම් හැන්දක්, ගෑරුප්පුවක් යවන්නත් අමතක කරන්න එපා.

හිතන්න වෙන තවත් දේවල්
උදේම හදන කෑම එක කොයි තරම් ලස්සන සහ රස වුණත්, කෑමට ගන්න වෙලාවට ඒ රස, ලස්සන සහ සුවඳ අතුරුදහන් වෙලා, පළතුරුවල කහට පිපිලා හෝ කෑම එක පෙඟිලා වගේ නම් පොඩ්ඩා කන්න කැමති වෙන්නේ නෑ. ඒ වගේම එකිනෙකට වෙනස් කෑම වර්ග කිහිපයක් එකට මිශ්ර වෙලා නම් එයත් පොඩ්ඩගේ කෑම රුචිය නැති කරවන්නට සමත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, පොඩ්ඩා සාමාන්යෙන් කන්න අකමැති කෑමක් යවනවා නම් කෙළින්ම ඒ දේ සකස් කරලා යවන්නේ නැතිව වෙනස් විදියකට හදලා යවන්නත් උත්සහ කරන්න. එහෙම වුණොත් අම්මා මහන්සිවෙලා හදන පෝෂ්යදායි, රසවත් කෑම වේල කොහොමටවත් අපතේ යන්නේ නැතිවෙයි කියලා අපි විශ්වාස කරනවා.

Related Articles