Home Parenting කුඩා දරුවන්ට දිය සායම් භාවිතයෙන් සිදුකළ හැකි නිර්මාණ

කුඩා දරුවන්ට දිය සායම් භාවිතයෙන් සිදුකළ හැකි නිර්මාණ

by ladylk

සෑහෙන කාලයක් තිස්සේ මුළු දවස පුරාම ගෙදරට කොටුවෙලා ඉන්න පොඩිත්තොන්ගේ කම්මැලිකම නැති කරවන, ඒ වගේම නිර්මාණශීලීත්වයත් වැඩි දියුණු කරවන ක්‍රියාකාරකම් කිහිපයක් ගැන තමයි අපි මේ ලිපියෙන් කතා කරන්නේ. සාමාන්‍යෙන් පොඩ්ඩොන්ට චිත්‍ර ඇඳීමේදී වැඩිපුරම ලබා දෙන්නේ chalk හෝ පාට පැන්සල් වුණත් අපිට මේ ක්‍රියාකාරකම් සිදු කිරීමේදී නම් අවශ්‍ය වෙන්නේ දිය සායම්. අම්මලාත් බබාලාට උදව් කළාට කමක් නැහැ. හැබැයි පොඩ්ඩෝ මේ නිර්මාණ තනිවම කරන එක තමයි වඩා වටින්නේ.

Watercolor Dot Art

පාට වර්ග කිහිපයක් වෙන වෙනම භාජනවලට දාලා වතුර බිංදුවක් හෝ දෙකක් එකතු කරගන්න. Cotton wool වලින් සදාගත් බෝල කිහිපයක් තමයි පින්සල වෙනුවට අපි පාවිච්චි කරන්නේ. එක් එක් වර්ණ දවටාගත් cotton wool වලින් කොළය පුරා dots තියමින් අවශ්‍ය පින්තූර නිර්මාණය කිරීම මෙහිදී සිදුකරනවා.

Scribble Art Activity

පින්තූරයේ දැක්වෙන ආකාරයට සම්පූර්ණ කඩදාසිය  පුරාම දිවෙන පරිදි නිදහස් තනි රේඛාවක් අඳින්න. ‍රේඛාව ඇදීමට chalk පාවිච්චි කරන්න පුළුවන්. රේඛාව ඇඳීමේදි එකිනෙකින් වෙන්වුණු කොටස්වලට වෙන වෙනස් පැහැති දියසායම් යොදමින් වර්ණ ගන්වා ගන්න.

Watercolor Doodle Flowers

විවිධ වර්ණයේ දියසායම් භාවිතා කර තමන්ට අවශ්‍ය ප්‍රමාණයට රවුම් පාට කරගන්න. කැමති නම් මලක හැඩය එන විදියට වුණත් පාට කරගන්න පුළුවන්. මේවා හොඳින් වියළුණු පසු crayons හෝ පාට පැන්සල් භාවිතා කර විවිධාකාර මෝස්තරවලින් පෙති සහ මැද කොටස ඇඳගන්න.

Salt And Watercolor Technique

නිර්මාණය කිරීමට ගන්නා කඩදාසිය වටේට masking tapes අලවා ඝනකම board එකක සවි කරගන්න. කඩදාසියේ තැනින් තැන කැමති ආකාරයට විවිධ වර්ණවල දියසායම් වලින් පාට කරගන්න. ඒ වර්ණවල තෙත ගතිය ඉවත් වී යාමට පෙර ඊට උඩින් ඒකාකාරි ලෙස ලුණු කුඩු ඉසින්න. කොළය ඉතා හොඳින් වියළුණු පසුව ඇඟිල්ලෙන් ප්‍රවේශමෙන් අතුල්ලා ලුණු කුඩු ඉවත් කරගන්න. දේදුන්නක්, තරු පිරි අහසක්, ගංගාවක් යට දර්ශනයක් වගේ විවිධ දර්ශන මේ ක්‍රමය පාවිච්චි කරලා නිර්මාණය කරන්න පුළුවන්.

The Watercolor Resist Technique

නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන කඩදාසිය ගෙන සුදු පැහැති crayon හෝ oil pastel වලින් තමන්ට අවශ්‍ය දෙයක් ඒ මත ලියන්න. එහෙමත් නැත්තන් අඳින්න. ඉන් පසු එය මත දිය සායම් ආලේප කරන්න. Calk වලින් අඳින ලද රේඛා හැර අනෙක් තැන් පමණක් වර්ණවත් වී ඇති ආකාරය ඔබට පෙනේවි.

Symmetry paints (butterfly)

වර්ණ කිහිපයක දියසායම් ගෙන ඒවාට වෙන වෙනම වතුර ස්වල්පය බැගින් මිශ්‍ර කරගන්න. නිර්මාණය සඳහා යොදාගන්නා කඩදාසිය ගෙන එය හරි මැදින් දෙකට නවා නැවත දිගහරින්න. එහි නැමුම් දාරය මත එක වර්ණයකින් සමනළයාගේ ශරීරය පාට කරගන්න. ඉන් පසුව කොළයේ එක පසෙක පැන්සලකින් සමනළයාගේ පිහාටු ඇඳගෙන ඒ මත විවිධ වර්ණවල තෙත දිය සායම් අලේප කරන්න. වර්ණ වියළෙන්නට පෙර කොළය නැවත නවා මඳක් තදකර ප්‍රවේශමෙන් දිග හරින්න. එක් පසෙක පමණක් ආලේප කළ වර්ණ අනෙක් පැත්තෙත් තැවරී දෙපසම එක සමාන පරිදි සමනළයාගේ පිහාටු සම්පූර්ණ වී ඇති ආකාරය ඔබට පෙනේවි. ඉන්පසු කලු පැහැයෙන් ඇස් සහ අනෙක් කොටස් පාට කරගන්න.

Wet on wet technique

අවශ්‍ය වර්ණ කිහිපයක් ගෙන වතුර සමඟ මිශ්‍ර කරගන්න. නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන කඩදාසිය මත සම්පූර්ණයෙන් ම ළා පැහැති වර්ණයක් ආලේප කරන්න. ඒ තෙත ගතිය කඩදාසියේ රැඳී තිබියදීම ඒ මත තමන්ට අවශ්‍ය වෙනත් දේවල් වර්ණ ගන්වන්න. උදාහරණයක් විදියට, සම්පූර්ණ කඩදාසියම ළා නිල් පැහැයෙන් වර්ණ ගන්වා ඒ මත මාළු, වර්ණවත් ගල්, ජලජ පැළෑටි වගේ දේ පාට කරලා ගංගාවක් නිර්මාණය කරන්න පුළුවන්.

Watercolor and Cling Wrap Technique

නිර්මාණය කිරීමට යොදාගන්නා කඩදාසිය board එකක් මත සවිකරගන්න. ජලය ස්වල්පයක් එක් කරගත් තරමක් තද පැහැති දියසායම් වර්ණ 2-3කින් කඩදාසිය වර්ණ ගන්වා ගන්න. එහි තෙත ගතිය වියළෙන්නට පෙර අතින් පොඩි කරගත් cling wrap එකක් මුළු  කඩදාසිය පුරාම ආවරණය වන පරිදි තදකර තියන්න. පැය කිහිපයකින් පසු ප්‍රවේශමෙන් cling wrap එක ඉවත් කරන්න. අලංකාර රටාවක් මැවී ඇති ආකාරය ඔබට දකින්නට ලැබේවි.

Crumpled paper art

නිර්මාණය කිරීමට යොදාගන්නා කඩදාසිය (අඟල් 6*4 ප්‍රමාණයේ කඩදාසි කිහිපයක විවිධ වර්ණ යොදා නිර්මාණ කිහිපයක් කරන්න) එක මිටට බෝලයක් වන පරිදි පොඩි කරන්න. එහි ඉහළට මතු වී ඇති කොටස් එක් දියසායම් වර්ණයකින් පාට කරන්න. ප්‍රවේශමෙන් දිග හැර පාට නොකළ කොටස් මතුවෙන පරිදි නැවත පොඩි කරන්න. ඉහළට මතුවී ඇති පාට නොකළ කොටස් පමණක් නැවත වෙනත් වර්ණයකින් පාට කරන්න. මේ ආකාරයට කඩදාසිය සම්පූර්ණයෙන්ම වර්ණවත් වෙනතෙක් තෙවරක් පමණ මේ ක්‍රියාවලිය සිදු කර, සම්පූර්ණයෙන් දිගහැර වියළා ගන්න.

Related Articles