Home FoodRecipes වට්ටක්කා සුප්

වට්ටක්කා සුප්

by LADY.LK

වට්ටක්කා කියන්නේ රසවත් වගේම ගුණදායී ආහාරයක්. වට්ටක්කා උයලා වගේම තම්බලා කාලා තිබුණට කව්රුත් වට්ටක්කා සුප් එකක රස බලලා නැතුව ඇති.

ඔන්න ඉතිං අද අපි කියන්න යන්නේ වට්ටක්කා සුප් එකක් හදා ගන්නා විදිහ ගැනයි. රවීණ සූපවේදි විමල් නගොඩවිතානමහතා  තමයි මේ රසවත් වට්ටටෝරුව ගැන කියලා තිබුණේ.

අවශ්‍ය ද්‍රව්‍ය

වට්ටක්කා ග්‍රෑම් 500
චිකන් බ්‍රෙස්ට් කැබැල්ලක්
සැල්දිරි නටු කැබැල්ලක්
බේලීව්ස් 2ක්
බටර් ග්‍රෑම් 50
පාන්පිටි ග්‍රෑම් 50
ලුණු රසට අනුව

සාදන ආකාරය

වට්ටක්කාවල ‍පොත්ත හැර කුඩාවට කපා ගන්න. සැල්දිරි නටුවද ඉතාම කුඩාවට කපා ගන්න. දැන් බටර් ටික ළිප තබා රත්වන විට සැල්දිරි දමන්න. එයට වට්ටක්කා දමන්න.
බේ ලීව්ස් ද දමන්න. මෙය සෝටර් කර ගන්න. පාන්පිටි ද එකතු කර ගන්න. ලුණු සහ අවශ්‍ය තරමට වතුර දමා හොඳින් තැම්බෙන්නට හරින්න. හොඳින් තැම්බුණු පසු නිවෙන්නට හැර බ්ල්නේඩර් කර ගන්න. ඉන්පසු ළිප තබා රත්කර උණුවෙන්ම බිමට ගන්න.

Related Articles