Home LifestyleLiving ඔයාගේ ස්මාට් ෆෝන් එක නැති උනොත් ?

ඔයාගේ ස්මාට් ෆෝන් එක නැති උනොත් ?

by LADY.LK

මෙහෙම දෙයක් හීනෙන්වත් වෙනවට අපි බයයි. ඇත්තටම ඔයාගෙ ස්මාට් ෆෝන් එක නැති නොවේවා කියල අපිත් ප්‍රාර්ථනා කරනවා. හැබැයි හදිසියේවත් එහෙම උනොත් මොකද කරන්න‍ෙ

වෙන්න පුලුවන් දෙයක්නෙ.

පලවෙනි කාරණාව තමයි එහෙම උනොත් ඔබ කලබල විමත්, අනවශ්‍ය විදියට බය වෙලා කටයුතු කිරීමත් කරන්න එපා. මොකද එතකොට ආයෙ ෆෝන් එක ලැබෙන්න තියෙන ඉඩත් නැති වෙන්න පුලුවන් නිසා. එනිසා හොයද්දි කලබලය පුලුවන් තරම් අඩු කරගෙන ඉවසීමෙන් හොයන්න බලන්න. ෆෝන් එක හොරකම් කරලා නම්, එහෙම වෙන්නත් පුලුවන් නිසා රහස් අංකය හෝ පැටර්න් එක ලේසියට හොයන්න බැරි වෙන්න එකක් දාල තියන එක ඔබේ වගකීමක්. මොකද ඔයාගේ තියෙන දේවල් ලේසියෙන්ම දැනගන්න පුලුවන් ෆෝන් එක අන්ලොක් කරගත්තොත්.

ඔයාට ෆෝන් එක ගනිද්දි ගන්න තැනින් ලැබෙනවා ඒකට අදාල විස්තර. ඒව නැති කරගන්නෙ නැතිව දැන්ම අරන් තියාගන්න. ඒකියන්නෙ හැම ෆෝන් එකකටම තියෙනවා අංක 15ක  IMEI  නොම්මරය කියල එකක්. ඔබේ ෆෝන් එක නැති වෙලා, හොරකම් කරලා නම් ඔබ මුලින්ම කරන්න ඕන අදාල පොලිස් ස්ථානයට ගිහිල්ලා ඒ වෙනුවෙන් පැමිණිල්ලක් දාන එකයි. එතකොට ඒ ඉමි නොම්මරය කියන එක වැදගත් වෙනවා. ඒක කරාට පස්සෙ ඒ පැමිණිල්ල අරගෙන TRC ( Telecommunications Regulatory Commission) එකට යන එකයි. එතනින් ඔයාගෙ  ෆෝන් එක හොයාගන්න අවශ්‍ය කටයුතු කරාවි. ගූගල් මැප් එකේ ඔය නමින් හෙව්වාම ලේසියෙන් හොයාගන්න පුලුවනි.

ඉතින් ෆෝන් එක නැති උනොත් අපි කලින් කියපුවා අනිවාර්ය කරන්න මතක තියාගන්න. අනිත් කාරණය තමයි කොහේ හරි යනකොට හොද අවධානයකින් ගමන් යන්න. ගොඩක් වෙලාවට ෆෝන් එක නැතිවෙන්නෙ තමන්ගෙ තියෙන අවධානය අඩු උනාමයි. එතකොට ලේසියෙන් හොරෙක්ට ෆෝන් එක ගන්න පුලුවන්. ඒවගේම තමයි හොදට මතක තියාගන්න ෆෝන් එක නැති උනොත්, අර තොරතුරු ඇතිව හරි නැතිව හරි පොලිස් පැමිණිල්ල දාන්න. මොකද ඔයාගෙ ෆෝන් එක භාවිත කලොත් අපරාධයක් වගේ දෙයකදී, ඔබටත් කරදර එන්න පුලුවන් නිසා.

මේ කාරණා ගැන සැලකිලිමත් වෙන්න.

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about what you shall do if you misplace your smart phone  .You can read the article and put your feedback on it.

Related Articles