Home FoodRecipes වම්බටු මෝජු

වම්බටු මෝජු

by LADY.LK

ඕනෑම විශේෂ උත්සව අවස්ථාවකදී පිළියෙල කරන ආහාරයක් තමයි වම්බොටු මෝජු කියලා කියන්නේ . දානේ ගෙදරක එහෙමත් නැත්නම් මගුල් ගෙදරකදී වම්බටු මෝජු වරදින්නේ නැහැ. ඔන්න ඉතින් අද අපි කියලා දෙන්න යන්නේ ඔයාගේ සාමාන්‍ය කෑම වේලකට වම්බටු මෝජුවක් ඉතාමත් පහසුවෙන් පිළියෙල කරගන්නේ කොහොමද කියන එක ගැන .ඒ සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍ය සහ සාදාගන්නා ආකාරය පහතින් .

අවශ්‍ය ද්‍රව්‍ය

වම්බටු 500g

අමුමිරිස් කරල් හත අටක්

රතු ලූනු ගෙඩි 10ක් පමණ

එනසාල් සහ කරාබු නැටි දෙක තුනක්

අඟලක පමණ කුරුඳු කැබැල්ලක්

රම්පෙ සහ කරපිංචා

සීනි මේස හැඳි 2ක්

තක්කාලි ගෙඩි 1ක්

ලියා ගත් ලූණු 50g

පොල්කිරි කෝප්ප ½දෙහි මේස හැඳි 2

විනාකිරි මිලිලීටර් 100 පමණ

බැදීමට අවශ්‍ය තරම් තෙල්

අබ තේ හැඳි 1 යි

මිරිස් කුඩු මේස හැඳි ½

කහ කුඩු තේ හැඳි ¼

රස අනුව ලුනු යොදාගත හැකිය

සාදන ක්‍රමය

වමිබටු සිහින් තීරු හැඩයට කපා රන්වන් පාට වනතුරු ගැඹුරු තෙලේ බැදගන්න. හොඳින් තෙල් ඉවත් කර ගන්න. මේ සඳහා පත්තර පිටු භාවිත කිරීමෙන් වළකින්න.

දැන් මැටි භාජනයක් ළිප තබා එයට තෙල් මේස හැඳි 1 ½ ක් පමණ දමන්න. රත්වන විට ලියාගත් ලූණු, එනසල්, කරාබුනැටි, කුරුදු, රම්පෙ සහ කරපිංචා එක්කර ගන්න.ඒ සියල්ල තෙලෙන් බැදුණු පසුව වම්බටු එක් කර ගන්න. දැන් මිරිස් කුඩු, විනාකිරි, කහ සහ සීනි ද රස අනුව ලුනු ද එක් කරන්න. පසුව මිටිකිරිවලට අබ දියකර එයට එක්කරන්න. පසුව රතු ලූණු, අමු මිරිස් සහ කපාගත් තක්කාලි ද එක්කර පදමට හිඳුණු පසුව ළිපෙන් ඉවත් කරන්න.

උපදෙස් – ප්‍රවීණ සූපවේදිනී නිර්මලා විජේරත්න

Related Articles