Home Health & WellnessBeauty Care කෙස්කළඹ හැඩගන්වන Hair masks

කෙස්කළඹ හැඩගන්වන Hair masks

by ladylk

තමන්ගේ කෙස්කළඹේ නිරෝගි බව වගේම අලංකාරය ගැනත් සැළකිලිමත් වෙන ඔබ අනිවාර්යයෙන්ම hair masks ගැන දැනුවත් ඇති කියලා අපි විශ්වාස කරනවා. හිසකෙස්වල වියළි බව, ගැටගැසුණු ස්වරූපය සහ හානිවීම් පිළිසකර කරවා දිදුලන බවක් ලබදෙන hair mask එකකින් හිස් කබලටත් මනා පෝෂණයක් ලබාදෙනවා. Hair mask භාවිතා කරනකොට එය තමන්ගේ හිසකෙස්වල ස්වභාවයට ගැළපෙන ආකාරයට තෝරා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. ඉතින් අලංකාර කෙස් කළඹක් වෙනුවෙන් සිහින දකින ඔබට, තමන්ගේ හිසකෙස්වලට ගැළපෙන විදියේ  ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරලා හදාගන්න පුලුවන් hair masks වර්ග කිහිපයක් ගැන තමයි අපි මේ ලිපියෙන් කියලා දෙන්නේ.

වියළි හිසකෙස් වලට

පොඩි කරගත් ඉදුනු කෙසෙල් ගෙඩි 2, යෝගට් මේස හැඳි 2 සහ මී පැණි මේස හැන්දක් බඳුනකට දමා හොඳින් මිශ්‍ර කර මෘදු ආලේපනයක් සදා ගන්න. හිසකෙස් සම්පූර්ණයෙන් ම ගෑවෙන පරිදි ඉහළ සිට පහළට ආලේප කර shower cap එකකින් ආවරණය කර මිනිත්තු 30ක් තබන්න. සාමන්‍ය පරිදි shampoo සහ conditioner භාවිතා කර සෝදා හරින්න.

තෙල් සහිත හිසකෙස්වලට

කෝමාරිකා මදය මේස හැන්දක්, දෙහි යුෂ මේස හැන්දක් සහ මී පැණි මේස හැන්දක් බඳුනකට දමා හොඳින් මිශ්‍ර කර මෘදු ආලේපනයක් සදා ගන්න. හිසකෙස්වල ඉහළ සිට පහළට ආලේප කර shower cap එකකින් ආවරණය කර මිනිත්තු 20 ක් තියන්න. සාමන්‍ය පරිදි shampoo, conditioner දමා සෝදා හරින්න.

Apple cider vinegar කෝප්පයකට මී පැණි තේ හැන්දක් මිශ්‍ර කර spray bottle එකකට දමාගන්න. මෙම මිශ්‍රනය හිසකෙස්වලට spray කර විනාඩි 10ක් තබා මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

හානි වූ හිසකෙස්වලට

පොඩි කරගත් ඉදුනු කෙසෙල් ගෙඩියක්, පොල්තෙල් මේස හැඳි 4, glyserin මේස හැඳි 1 සහ මී පැණි මේස හැඳි 2ක් බඳුනකට දමා හොඳින් මිශ්‍ර කර මෘදු ආලේපනයක් සාදා ගන්න. සෑම කෙස් ගසකම ගෑවෙන පරිදි ආලේප කර shower cap එකකින් ආවරණය කර මිනිත්තු 30ක් තබන්න. සාමාන්‍ය පරිදි shampoo, conditioner යොදා සෝදා හරින්න.

Dull hair සඳහා

ඉදුණු අලිගැටපේර ගෙඩි 1, olive oil මේස හැඳි 1, මී පැණි මේස හැඳි 1, උකු පොල් කිරි මේස හැඳි 3 මේ සඳහා අවශ්‍ය වෙනවා. මේ අමුද්‍රව්‍ය සියල්ලම හොඳින් මිශ්‍ර කර මෘදු ආලේපනයක් සකස් කරගෙන සෑම කෙස් ගසකම ගෑවෙන පරිදි ඉහළ සිට පහළටම ආලේප කරන්න. Shower cap එකකින් ආවරණය කර මිනිත්තු 30ක් තබා සාමාන්‍ය පරිදි shampoo, conditioner යොදා සෝදා හරින්න.

හිසකෙස් වර්ධනයට

ලොකු ලූණු ගෙඩියක යුෂ, පොල්තෙල් මේස හැඳි 2, දෙහි යුෂ මේස හැඳි ½, මී පැණි මේස හැන්දක් ගෙන බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරන්න. හිස්කබලේ ද ගෑවෙන ආකාරයට හිසකෙස්වල ආලේප කර shower cap එකකින් ආවරණය කර මිනිත්තු 30ක් තියන්න. සාමාන්‍ය ආකාරයට shampoo, conditioner යොදා සෝදා හරින්න.

හිසකෙස් ගැළවීම අවම කිරීමට

බිත්තර කහමදය සහ green tea මේස හැඳි 2ක් ගෙන බඳුනකට දමා මෘදු ආලේපයක්  වනතුරු හොඳින් මිශ්‍ර කරන්න. හිසකෙස් සහ හිස් කබලේ ආලේප කර මිනිත්තු 15- 20 පසු shampoo යොදා සෝදා හැර conditioner යොදන්න.

Fresh milk සහ මී පැණි මිශ්‍ර mask එකක් යෙදීම මඟින්ද හිසකෙස් ගැලවීම පාලනය වෙනවා

වියළි හිස් කබලට

තල තෙල් මේස හැන්දක් සහ ඉඟුරු යුෂ තේ හැඳි 2ක් හොඳින් මිශ්‍ර කරන්න. මෙය හිස් කබලේ ආලේප කර මිනිත්තු 10ක් පමණ හොඳින් massage කර, තවත් මිනිත්තු 10ක් පමණ උණුසුම් තුවායකින් ආවරණය කර තබන්න. සාමාන්‍ය පරිදි shampoo, conditioner යොදා සෝදා හරින්න.

Bleached hair සඳහා

Olive oil මේස හැඳි 3ක් සහ මී පැණි මේස හැන්දක් බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරන්න. මිශ්‍රනය ගැල්වීමට පෙර shampoo යොදා හිස්කබල සෝදා හරින්න. ආලේපනය හිසකෙස්වල ගල්වා, shower cap එකකින් ආවරණය කර මිනිත්තු 30ක් තබන්න. ඉන්පසු මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

වර්ණ ගැන්වූ හිසකෙස්වලට

Full- fat mayonnaise sauce මේස හැඳි දෙකක් ගෙන හිසකෙස්වල මුල සිට අගටම ගල්වා shower cap එකකින් වසා මිනිත්තු 20ක් තියන්න. ඉන්පසු සාමාන්‍ය පරිදි shampoo සහ conditioner යොදා සෝදා හරින්න. මෙය frizzy hair සඳහාද සුදුසු ප්‍රතිකර්මයකි.

අගිස්ස පැළුණු හිසකෙස් සඳහා

අලිගැටපේර ගෙඩි බාගයක් සහ olive oil කෝප්ප බාගයක් හොඳින් මිශ්‍ර කර හිසකෙස්වල පැලුණු අගිස්සේ ආලේප කරන්න. විනාඩි 30ක් තබා සාමාන්‍ය පරිදි සෝදා හරින්න

හිස්හොරි සහිත හිසකෙස්වලට

දුඹුරු සීනි මේස හැඳි 2ක් සහ පොල්තෙල් මේස හැන්දක් බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරන්න. Shampoo යොදා සෝදාගත් හිසට මේ මිශ්‍රනය යොදා මිනිත්තු 1015ක් පමණ තියන්න. ඉන් පසු හොඳින් සෝදා හැර conditioner යොදන්න.

Related Articles