Home FoodRecipes කිරිරොටී හදලා බලමු

කිරිරොටී හදලා බලමු

by LADY.LK

කිරි රොටී කියන්නේ ගෙදරදී හරිම ලේසියෙන් හදාගන්න පුලුවන් රසවත් කෑමක්.. ඔයාලත් ගෙදරදී උත්සහ කරලා බලන්න…

කිරි රොටී සාදන ආකාරය :

අවශ්‍ය ද්‍රව්‍ය :
පාන් පිටි 250g
පොල් කිරි කෝප්ප 2ක්
බිත්තරයක්
ලුණු කුඩු ස්වල්පයක්
කහ කුඩු ස්වල්පයක්
සිහින්ව කපා ගත් ලූණූ, අමුමිරිස්, කරපිංචා, කැරට් සහ කෑලි මිරිස්

මුලින්ම තෙල් ස්වල්පයක් ‍රත් කර ගෙන ඊට සිහින්ව කපා ගත් ලූණූ, අමුමිරිස්, කරපිංචා, කැරට් සහ කෑලි මිරිස් දමා රන් වන් පැහැ වන තුරු බැදගෙන ඊට අවශ්‍ය පමණ ලුණු එක්කොට හොදින් නිවාගන්න.

ඉන්පසු පාන් පිටි 250g, බිත්‍තරයක හා පොල් කිරි කෝප්ප 2ක්, එක් කොට හොදින් උකු ද්‍රාවනය සකස් කරගන්න. ඉන්පසු ලුණු කුඩු ස්වල්පයක් හා කහ කුඩු ස්වල්පයක් එක් කොට ගෙන උකු ද්‍රාවනය වර්ණවත් හා රසවත් කරගන්න. ඉන්පසු නිවාගත් ලුණූ තෙම්පරාදුව ඊට ඉක් කරගෙන හොදින් කලවම් කරගන්න..

ඉන් පසු පෑන් එකට තෙල් ස්වල්පයක් ගා ගෙන පෑන් එක රත් කර ගෙන උකු ද්‍රාවනයෙන් කිරි රොටී සකස් කරගන්න..

කොච්චී සම්බෝලය :
පොල්, කරපිංචා, සුදුලූණූ, කොච්චී, ගම්මිරිස්, සිහින්ව කපාගත් ලුණු එක් කොට හොදින් බ්ලෙන්ඩර් කර අවශ්‍ය පරිදි ලුනු එක් කරගන්න.

Related Articles