Home LifestyleTravel නැගලා බලමු වංගෙඩිගල

නැගලා බලමු වංගෙඩිගල

by LADY.LK

වංගෙඩිගල ලංකාවේ කදු නගින්නන්ට හා කදවුරු බදින්නන්ට ඉතාමත් අසීරු හා චමත්කාර අත්දැකීමකි. මෙම ස්ථානයට යාම සදහා හපුතලේ දක්වා රාත්‍රි තැපල් දුම්‍ රියෙන් ගමන් කොට ,හපුතලේ සිට කලුපහන දක්වා බස් රථයෙන් ගොස්, එතැන් සිට බඹර කන්ද දිය ඇල්ලට ඇති මාර්ගය ඔස්සේ පයින්ම වංගෙඩිගල දක්වා ගමන් කරන්නත් පුළුවන්.

ඉතාමත් අසීරු වූවත් මනස්කාන්ත දර්ශනයන් මෙම ගමනෙදී දැක ගත හැකියි.රාත්‍රියේ අපි වංගෙඩිගල කදවුරු බැඳලා හිටියොත්වංගෙඩිගල සිට දැක ගත හැකි සුන්දරම දර්ශනය වන්නේ ලංකාවේ උසම දිය ඇල්ල වන බඹරකන්ද දිය ඇල්ල දැකීමට හැකි වීමයි .

ඒත් සමග ලංකා ඇල්ල ,ගොන්මොලිය කදු හා තවත් විශාල කදු සංඛ්‍යාවක් දැකීමට හැකි වෙනවා .උදෑසනද මනරම් හිරු උදාවක් මෙම ස්ථානයේ සිට දකින්නට හැකි වෙනවා.

මෙම ස්ථානයේ මේ වන විට විශාල වශයෙන් කදවුරු බැදීම් සිදු වන අතර , එම නිසා මෙම ස්ථානයේ පොලිතින් ,ඇලුමිනියම් භාජන ,ප්ලාස්ටික් කප් ,ටෙන්ට් රෙදි වංගෙඩිගල ඉහලට යන විට තැනින් තැන් විසිරි තෙබෙනු දක්නට තාබෙනවා.

එම නිසා මෙම ස්ථානය තවත් පුද්ගලයකුට සුන්දර ලෙස දැක ගැනීමට නම් එවැනි දෑ ආපසු රැගෙන යන ලෙස කදවුරු බදින පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටිනවා.

Related Articles