Home LifestyleFashion දෙතොලට එන ගැටලු සියල්ලම විසඳුම්

දෙතොලට එන ගැටලු සියල්ලම විසඳුම්

by LADY.LK

දෙතොල්වල පැහැය උපතින්ම ලැබෙන නමුත් ප්‍රමිතියකින් තොර තොල් ආලේපන භාවිතය, සිරුරට අවශ්‍ය ප්‍රමාණයට වතුර පානය නොකිරීම දෙතොල් සැපීම, සිරුරේ උශ්ණෂ්ණාධික බව, නිදන්ගත රෝග තත්ත්වයන් හේතුවෙන් දෙතොල් අවපැහැ වීම ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්න පුළුවන්.

එළඟිතෙල් ස්වල්පයක් ගෙන දෙතොල මත ආලේප කර මිනිත්තු කිහිපයක් හොඳින් සම්බාහනය කිරීමෙන් ඔබටත් සුන්දර දෙතොලක් හිමි කර ගන්න පුළුවන්. මේක රාත්‍රී කාලයේ සිදු කිරීම වඩාත් යෝග්‍යයි. තව කෝමාරිකා ස්වල්පයකට දෙහි බින්දු කිහිපයක් දමා මිශ්‍ර කළ දෙතොල් මත ආලේප කර තුඩුවලින් සම්බාහනය කර මද වේලාවක් තබා ඉවත් කරන්න. මේකෙනුත් ඔබට ඉතාමත් පැහැපත් සුන්දර දෙතොලක් හිමි කර ගන්න පුළුවන්.

මිඳුනු පොල් තෙල් සහ ලුණු ස්වල්පයක් එකට මිශ්‍රකර ආලේප කර සම්බාහනය කිරීමෙන් ඔබේ දෙතොල් වල වියලි ස්වභාවය අවම වෙලා යනවා. ඒ වගේම සීනි දෙහි සහ කෝමාරිකා මිශ්‍ර කර ආලේප කිරීමත් ඉතාමත් සුදුසුයි ලුණු සහ සීනි සමඟ ඔලිව් ඔයිල් එළඟි තෙල් හෝ පොල්තෙල් මිශ්‍ර ආලේප කිරීමත් වඩාත්ම සුදුසුයි. ඔලිව් ඔයිල් භාවිතා කරන්නේ නම් රාත්‍රී කාලයේ දී පමණක් ආලේප කිරීම වඩාත් සුදුසුයි. මෙම ප්‍රතිකාර නොකඩවා මාස තුනක් සිදු කිරීමෙන් අවපැහැ ගැන්වූ දෙතොල් යළිත් යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්.

පැළුණු දෙතොල් සදහා කෝමාරිකා එලගි තෙල් ලුණු එකට මිශ්‍ර කර එම මිශ්‍රණය සිනිඳු කෙඳි සහිත බ්‍රෂ් එකක තවරා දෙතොල් මැදීම ඉතාමත් සුදුසුයි. දෙතොල්වලට මතුපිට සම තුවාල නොවන ආකාරයට භාවිතා කිරීමටත් සැලකිලිමත් වෙන්න. තවත් දෙහි යුෂ එළකිරි ලුණු මිශ්‍රකර දෙතොල් වලට තවරා සම්බාහනය කිරීමද දෙතොල් පැලුණු ස්වභාවය අවම කර ගැනීමට ඉතාමත් උපකාරී වෙනවා .

ඉතින් දෙපළ කියන්නේ කාන්තාවගේ මුහුණ සුන්දරත්වය වඩාත් පිළිබිඹු කරන අංගයක්. දෙතොල් ලස්සනට පිරිසිදුව තියාගන්න ඕනෑම කාන්තාවක් කැමති ඉතින් මෙන්න මේ සත්කාර ටික කරලා ඔයාටත් පුළුවන් ඔයාගේ දෙතොල් ඉතාමත් අලංකාරවත් විදිහට පරිස්සම් කරගන්න.

Related Articles