Home FoodRecipes පපායා මිල්ක් පුඩින් – අඩු වියදමකින් ලේසියෙන් රසවත් ඩෙසට් එකක්

පපායා මිල්ක් පුඩින් – අඩු වියදමකින් ලේසියෙන් රසවත් ඩෙසට් එකක්

by LADY.LK

ගස්ලබු පළතුරක් විදිහට කෑවට පුඩින් එකක් විදිහට කාලා නෑනේ.. ඔන්න ඉතින් අපි කියලා දෙනව පපායා මිල්ක් පුඩින් එකක් හදා ගන්න විදිහ ගැන..

අවශ්‍ය දේවල්

පැපොල් ගෙඩියක්

ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 1 1/2

ජෙලටින් මේස හැදි 3 1/2

සීනි රස අනුව

සාදාගන්නා අන්දම :

පැපොල් ගෙඩිය කපා මදය සූරා බ්ලෙන්ඩ් කරන්න . පැපොල් ජූස් ටික භාජනයකට දාලා රත් කරන්න අඩුගින්දරේ . ඒකටම ජෙලටින් මේස හැදි 2 දාලා විස්ක් එකෙන් මික්ස් කරන්න . බුබුළු දාලා එනවිට ලිප ඕෆ් කරන්න .

ලස්සන බෝල් එකකට දාලා නිවෙන්න තියන්න . නිවුනාට පසු ශීතකරණයේ තියන්න ටිකක් සෙට් වෙනකම් .

දැන් ෆ්‍රෙෂ් මිල්ක් ටිකත් අරන් භාජනයකට දාලා රස අනුව සීනි දාගන්න . අඩු ගින්දරේ ලිපේ තියා රත් කරන්න . ඉතිරි ජෙලටින් මේස හැදි 1 1/2 දාලා එයත් විස්ක් එහෙකින් නොනවත්වා හැදි ගාන්න . බුබුළු දාලා එනවිට ලිප ඕෆ් කරන්න . උතුරවන්න එපා . නිවෙන්න තියන්න .

නිවුනාට පසුව , සෙට් වෙන්න තිබු පැපොල් එකට උඩින් පරිස්සමෙන් දාන්න . ආයෙත් ශීතකරණයේ තියන්න සෙට් වෙන්න . සෙට් වූවාට පසු පරිස්සමෙන් පිගානක් තියා අනිත් පැත්ත හරවන්න . දැන් ඉතින් රස බලන්න .

Related Articles