Home LifestyleTravel මාර්බල් බීච් ගිහිල්ලම බලන්න

මාර්බල් බීච් ගිහිල්ලම බලන්න

by LADY.LK

මාර්බල් බීච් මුහුදු තීරය පිහිටා තිබෙන්නේ ත්‍රිකුණාමලය- කින්නියා පාරේය ය. ත්‍රිකුණාමල ගුවන් හමුදාවේ නිවාඩු නිකේතනය පිහිටා තිබන්නේ මෙම ස්ථානයේය. ශ්‍රි ලංකාවේ සුන්දර මුහුදු තීරයක් ලෙස මෙය හැදින්වේ.

ඒවාගේම පිරිසිදු මුහුදු තිරයක් ලෙස සංචාරකයන් අතර ප්‍රසිද්ධ ව තිබේ. ඉතාමත් පැහැදිලි කාලගුණයක් පවතින දිනයන් හි මෙම මුහුද පැහැදිලි නිශ්චල මුහුදක් වන අතර කිරි ගරුඩ මෙන්ම දිප්තිමත් ය. මේ නිසා මෙම මුහුදු තිරයට marble beach යන නාමයට හිමි වේ.

ත්‍රිකුණාමලය නගරයේ සිට 15km පමණ දුරකින් යුක්ත වන අතර දිය නෑමට ඉතා සුදුසු ස්ථානයකි. දිය නෑමට වෙන් කර තිබෙන අතර එය සංචාරකයන්ගේ ආරක්ෂාව සදහා වේ. කොලඔ -> හතරවන සැතපුම් කණුව හංදිය (දකුණට)-> 12km ගමන් කල යුතු වේ.( කින්නියෙ පාලම පෙර වමට හැරි ගමක් කල යුතු වේ.)ත්‍රීකුණාමලයට ගියොත් මාර්බල් බීච් යන්න අමතක කරන්න එපා

Related Articles