Home Health & WellnessBeauty Care ගෙදරදීම හදාගත්ත face pack එකක් දාලා තවත් හැඩ වෙමුද

ගෙදරදීම හදාගත්ත face pack එකක් දාලා තවත් හැඩ වෙමුද

by ladylk

ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගනිමින් රූපලාවණ්‍ය නිෂ්පාදන නිපදවීම මේ වෙනකොට බොහොම ලාභදායි ව්‍යාපාරයක් බවට පත්වෙලා තියෙනවා. තමන්ගේ පෙනුම ගැන සැළකිලිමත් වෙන ඔබත් මේ නිෂ්පාදන මිලට ගනිමින් පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. ඉතින් lady.lk අපි තීරණය කළා ඔබට පහසුවෙන් ම හොයාගන්න පුළුවන් ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන නිවසේදී සකස් කරගන්න පුළුවන් face packs වර්ග කිහිපයක් ගැන කියලා දෙන්න.

සතියකට වරක් Face pack එකක් භාවිතා කිරීම මඟින් ඔබේ සමේ තෙතමනය රැක දීම, පිරිසිදු කිරීම, tone කිරීම, සහ තරුණ පෙනුම රැකදීම සහ ඊට අමතරව සමට සැහැල්ලු බවක් ලබාදීම කියන කාරණා ඉටු වෙනවා. හැබැයි face pack එකක් භාවිතා කරන්න කලින් ඔබේ සමේ ස්වභාවය අඳුරාගෙන ඒ අනුව pack එක සකස් කරගන්න කියන කාරණාවත් අපි මුලින්ම සිහිපත් කරනවා.

කැළල් සහඅවපැහැවීම් අවම කර සම දීප්තිමත් වීම සඳහා

Tomato-lemon mask

ඉදුණු තක්කාලි ගෙඩියක් අරන් එයින් puree එකක් සකසාගෙන එයට lemon juice මේස හැඳි 2ක් එකතු කරන්න. හොඳින් මිශ්‍ර කර මුහුණේ සහ ගෙල ප්‍රදේශයේ ආලේප කර මිනිත්තු 20ක් තියා සිසිල් ජලයෙන් සෝදා හරින්න.

Almond mask

ආමන්ඩ් ඇට 4-5ක් ගෙන fresh milk ස්වල්පයක් සහිත බඳුනකට දමා පැය 10 ක් පමණ පෙඟෙන්නට තියන්න. ඉන් පසු ආමන්ඩ් ඇටයේ දුඹුරු පැහැති පොත්ත ඉවත්කර paste එකක් සකස් කරගෙන මුහුණේ සහ ගෙල ප්‍රදේශයේ ආලේප කරන්න. මෙය සම්පුර්ණ රැයක් මුහුණේ තියෙන්නට හැර සෝදා හරින්න.

Turmeric mask

Lemon juice මේස හැඳි 3ක් සහ කහ කුඩු මේස හැඳි 1 ගෙන හොඳින් මිශ්‍ර කරන්න. (අමු කහ අඹරා සකස් කරගත් කහ paste එකක් නම් වඩාත් සුදුසුයි.) මෙය මුහුණේ සහ ගෙලේ ආලේප කර මිනිත්තු 20ක් තබා සෝදා හරින්න.

Oatmeal mask

Oats මේස හැඳි 4ක්, කුඩු කරගත් ආමන්ඩ් ඇට 4ක්, මී පැණි මේස හැන්දක් සහ fresh milk ස්වල්පයක් මිශ්‍ර කර මෘදු paste එකක් සකස් කරගන්න. මේ pack එක මුහුණේ සහ ගෙල ප්‍රදේශයේ ආලේප කර විනාඩි 5ක් පමණ කාලයක් තබා මෘදුව massage කරන්න. විනාඩි 2-3ක් massage කිරීමෙන් පසු මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

Orange and curd mask

මී කිරි මේස හැන්දක් සහ orange juice තේ හැන්දක් මිශ්‍ර කර මුහුණේ සහ ගෙලෙහි ආලේප කරන්න. මිනිත්තු 2-3ක් කවාකාරව සහ මෘදුව massage කර සිසිල් ජලයෙන් සෝදා හරින්න.

Pumpkin face pack

Pumpkin puree මේස හැඳි 2, මී පැණි තේ හැදි ½ සහ fresh milk තේ හැඳි ½ ක් ගෙන හොඳින් මිශ්‍ර කර මුහුණ සහ ගෙල ප්‍රදේශයේ ආලේප කරන්න. මිනිත්තු 20ට පසු සෝදා හරින්න.

Potato face pack

අර්තාපල් යුෂ මේස හැන්දක් සහ lemon juice මේස හැන්දක් මිශ්‍ර කර මුහුණේ සහ ගෙලෙගි ආලේප කරන්න. මිනිත්තු 20ට පසු සෝදා හරින්න. (ඔබේ සම වියළි සමක් නම් මෙයට මී පැණි මේස හැන්දක් එකතු කරන්න).

සුමුදු සමක් සඳහා

Banana- yogurt mask

ගෑරොප්පුවක් භාවිතා කර පොඩි කරගත් කෙසෙල් ගෙඩි 1, මී කිරි මේස හැඳි 2 සහ මී පැණි මේස හැඳි 1 බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරන්න. මෙය මෘදු paste එකක් වීමෙන් මුහුණේ ආලේප කිරීම වඩා පහසු වෙනවා. මේ paste එක මුහුණේ සහ ගෙලේ ආලේප කර මිනිත්තු 30 ක් තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න.

 වියළි සමක් යථා තත්ත්වයට පත් කිරීම සඳහා

Egg mask

බිත්තරයක් සහ ආමන්ඩ් කුඩු මේස හැඳි 1ක් බඳුනකට දමා හොඳින් whisk කරන්න. මෙය මුහුණේ සහ ගෙලෙහි ආලේප කර විනාඩි 20ක කාලයක් තියා සෝදා හරින්න.

Aloe vera and glycerin mask

කෝමාරිකා මදය මේස හැඳි 2ක් සහ glycerin තේ හැන්දක් ගෙන හොඳින් මිශ්‍ර කර මුහුණේ සහ ගෙල ප්‍රදේශයේ ආලේප කරන්න. මිනිත්තු 20 ට පසු සෝදා හරින්න.

Papaya and honey mask

ඉදුණු පැපොල් කැබැල්ලක් ගෙන ගෑරොප්පුවක ආධාරයෙන් හොඳින් පොඩි කරගන්න. එයට fresh milk තේ හැන්දක් සහ මී පැණි මේස හැන්දක් එකතු කර paste එකක් සකස් කරගන්න. මුහුණේ සහ ගෙල ප්‍රදේශයේ ආලේප කර මිනිත්තු 20ක් තබා මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

සංවේදී සමකට

Carrot and honey mask

කැරට් අල 2ක් පමණ ගෙන තම්බා පොඩි කරගන්න. එයට මී පැණි මේස හැන්දක් එක් කර paste එකක් සකස් කරගෙන මුහුණේ සහ ගෙල ප්‍රදේශයේ ආලේප කරන්න. මිනිත්තු 20ක් තබා සෝදා හරින්න.

තෙල් සහිත සමක් යථා තත්ත්වයට පත් කිරීමට

Papaya, banana and cucumber facial mask

ඉදුණු පැපොල් කැබැල්ලක්, පිරිසිදු කරගත් පිපිඤ්ඤා කැබැල්ලක් සහ කෙසෙල් ගෙඩියක් blend කර මෘදු paste එකක් සදා ගන්න. මෙය මුහුණේ සහ ගෙලේ ආලේප කර මිනිත්තු 20ක් තියා මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

සාමාන්‍ය සමකට

Papaya and tomato mask

ඉදුණු පැපොල් කැබැල්ලක් සහ තක්කාලි ගෙඩියක් ගෙන blend කර මෘදු paste එකක් සදා ගන්න. මෙය මුහුණේ සහ ගෙල ප්‍රදේශයේ ආලේප කර මිනිත්තු 20ක් තියා මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

සම සිසිල් කර සැහැල්ලු කිරීමට

Yoghurt and watermelon

Greek yoghurt මේස හැඳි 2ක් සහ පැණි කොමඩු කැබැල්ලක් blend කර paste එකක් සදාගන්න. හිරු එළිය නිසා අවර්ණව ඇති මුහුණ සහ ගෙළ ප්‍රදේශයේ හොඳින් ආලේප කර මිනිත්තු 20ක් තියා සිසිල් ජලයෙන් සෝදා හරින්න.

Aloe vera and lemon juice

කෝමාරිකා මදය මේස හැඳි 2 සහ lemon juice තේ හැඳි 2 ක් හොඳින් මිශ්‍ර කර මුහුණේ ආලේප කර මිනිත්තු 20ක් තබා සෝදා හරින්න.

Cucumber and honey

පිරිසිදු කරගත් පිපිඤ්ඤා කැබැල්ලක් blend කර එයට මී පැණි මේස හැන්දක් මිශ්‍ර කරන්න. මේ paste එක මුහුණ සහ ගෙලේ ආලේප කර මිනිත්තු 30කට පසු සිසිල් ජලයෙන් සෝදා හරින්න.

Related Articles