Home Health & WellnessBeauty Care සුරූපී නිළියන්ගේ රූපලාවණ්‍ය රහස්

සුරූපී නිළියන්ගේ රූපලාවණ්‍ය රහස්

by ladylk

රංගනය තමන්ගේ වෘත්තිය බවට පත් කරගත් රංගන ශිල්පිනියන්ට තමන්ගේ පෙනුම ගැන සුවිශේෂ අවධානයක් යොමු කරන්නට සිදු වෙන බව අපි හොඳින්ම දන්නවා. මොකද දක්ෂතාවයට අමතරව බාහිර පෙනුමත් ඔවුන්ගේ රැකියාවේ සාර්ථකත්වයට බෙහෙවින්ම බලපාන කාරණාවක් වන නිසා. lady.lk අපි මේ ලිපියෙන් කතා කරන්නේ, ලොව පුරා රසික රසිකාවියන් රාශියකගේ ආදරය දිනාගත් සුරූපී නිළියන් කිහිප දෙනෙක් තමන් අනුගමනය කරන රූපලාවණ්‍ය රහස් ගැන සඳහන් කර ඇති කාරණා සම්බන්ධවයි. ඉතින් එහෙනම් වැඩි විස්තර කතා නොකර කෙළින්ම අපි මේ රසවත් මාතෘකාවට බහිමු.

Gal Gadot

Wonder Woman ඇතුළු අතිශය ජනප්‍රිය චරිත කිහිපයකටම පණ පෙවූ මේ ඊශ්‍රායෙලීය රූමතිය දරු තිදෙනෙකුගේ මවක්ද වෙනවා. ඇය තමන්ගේ ප්‍රධානම beauty tip එක විදියට හඳුන්වන්නේ සිරුරට ප්‍රමාණවත් තරමට ජලය පානය කිරීමයි. ඊට අමතරව, රාත්‍රී නින්දට යෑමට පෙර සමට ගැළපෙන night cream යෙදීම ඇතුළු වෙනත් අත්‍යවශ්‍ය සත්කාර කිරීම, රංගනයෙහි යෙදෙන අතරතුරේ සරල ලෙස make up යෙදීම, කාලයකට වරක් රූපලාවණ්‍ය නිෂ්පාදන වෙනස් කිරීම සහ Mediterranean diet plan එක අනුගමන කිරීම ඇයගේ රූපලාවණ්‍ය රහස් අතර වන බව පැවසෙනවා. 

Jenifer Lawrence

Night cream ආලේප කිරීමට පෙර retinol යෙදීම, සමේ අතිශය වියළි ගතිය මඟහරවා ගැනීමට දිවා කාලයයේදී පවා night cream ආලේප කිරීම, thick face masks යෙදීම, zinc oxide හෝ titanium dioxide අඩංගු sunblock ආලේප කිරීම සහ මසකට වරක් microdermabrasion treatment සිදු කිරීම වගේ දේ ගැන තමන් වැඩි අවධානයක් යොමු කරන බව 31 වියැති මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය පවසනවා.

Deepika Padukone

පැයකට වරක් ජලය වීදුරුවක් පානය කිරීම, නින්දට යෑමට පෙර අනිවාර්යයෙන් ම make up remove කිරීම, නිතරම peel- off face masks යෙදීම, පිටතට යන සෑම විටම sun screen සහ eye cream ආලේප කිරීම, make up සහ foundation cream අවම වශයෙන් ආලේප කිරීමට උත්සහ කිරීම, හිස්කබලට පොල් තෙල් යොදා සම්බාහනය කිරීම වගේ beauty tips අනුගමනය කරන්නට තමන් උත්සහ කරන බව ඇය හෙළි කර තියෙනවා.

Priyanka Chopra

තමන් උදෑසන අවදි වූ පසු සිදු කරන ප්‍රථම කාර්‍යය වන්නේ රාත්‍රිය පුරා copper බඳුනක බහා තිබූ ජලය පානය කිරීම බව ඇය පවසනවා. රාත්‍රී නින්දට යෑමට පෙර make up ඉවත් කර serum සහ eye cream ආලේප කිරීම, මසකට දෙවරක් facial කිරීම, ජලය වැඩිපුර පානය කිරීම, පැය 7-8 ක නින්දක් ලබා ගැනීම, foundation cream අවම වශයෙන් ආලේප කිරීම, කයට සහ මනසට ව්‍යායාමයක් වශයෙන් පිහිනීම, සතියකට වරක් hair oil යොදා හිස් කබල සම්බාහනය කිරීම වගේ කරුණු ගැන තමන් විශේෂ අවධානයක් යොදන බවත් සඳහන් කරලා තියෙනවා.

Tamannah

තමන්ගේ සමේ සහ හිසකෙස්වල පෙනුම රැකගන්නට ගිතෙල්, පොල්තෙල්, සුදු හඳුන්, කෝමාරිකා සහ yogurt වගේ ස්වභාවික අමුද්‍රව්‍ය වැඩි වශයෙන් භාවිතා කරන බව ඇය පවසනවා. එළවලු පළතුරු සහ ජලය වැඩිපුර අඩංගු සමබල ආහාර වේලක් ගැනීම, clensing, toning සහ moisturising වගේ මුලික රූපලාවණ්‍ය කටයුතුවලට මූලිකත්වය ලබා දීම, make up හොඳින් ඉවත්වෙන ආකාරයට  සම පිරිසිදු කිරීම සහ sunscreen භාවිතා කිරීම ඇයගේ beauty secrets අතර ප්‍රධාන තැනක් ගන්නවා.

Samantha ruth prabhu

සතියකට දෙවරක් facial steaming සිදු කිරීමට තමන් සැළකිලිමත් වන බව ඇය හෙළි කරලා තියෙනවා. ඊට අමතරව make up අවම වශයෙන් භාවිතා කිරීම, sunscreen සහ night cream ආලේප කිරීම, සමබල ආහාර වේලක් ගැනීමට උනන්දු වීම සහ විශේෂයෙන්ම මානසික සහනය, ධනාත්මක සිතිවිලි ඇතිවෙන පරිදි ක්‍රියා කිරීමට උනන්දු වීම වගේ කරුණු ගැනත් තමන්ගේ වැඩි අවධානය යොමු වෙන බවත් මේ දකුණු ඉන්දියානු රූමතිය සඳහන් කරනවා.

Sai pallavi රංගනයේ යෙදෙන විට පවා make up භාවිතා නොකර සිටීමට උත්සහ කරන ඇය, ස්වභාවික අමුද්‍රව්‍ය අඩංගු රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතා කිරීමට තමන් වැඩි වශයෙන් උනන්දු වන බව පවසා සිටිනවා. සතියකට තෙවරක්වත් ව්‍යායාම කිරීම, එළවලු පළතුරු සහ ජලය වැඩි වශයෙන් ආහාරයට එකතු කරගැනීම සහ මානසික පීඩා මඟ හැරීම තමන්ගේ සාමාන්‍ය ජීවන රටාව බවත් ඇය බොහෝ අවස්ථාවලදි සඳහන් කර ඇති අතර ආලේපන වලින් තොරවූ තමන්ගේ ස්වභාවික පෙනුම පවා රසික රසිකාවියන්ගේ ආදරයට ලක්වීම නිසා තමන්ගේ ආත්ම ශක්තිය බෙහෙවින්ම වැඩිවූ බවත් සිහිපත් කරනවා.

Related Articles