Home Health & WellnessBeauty Care නිවසේදීම Clean up එකක් කරගන්නා ආකාරය

නිවසේදීම Clean up එකක් කරගන්නා ආකාරය

by ladylk

මේ දවස්වල salon යන එක ඒ තරම් නුවණට හුරු දෙයක් නම් නෙවෙයි. හැබැයි එහෙමයි කියලා තමන්ගේ රූපය ගැන හිතන එක අතෑරලා ම දාලත් බෑනේ. රූපලාවණ්‍ය කටයුතු සෑම දෙයක්ම නිවැරදිව සහ තනිවම කරගන්න එක ප්‍රායෝගික කටයුත්තක් නොවුනත්, මුහුණට clean up එකක් කරගැනීම එතරම් අපහසු කටයුත්තක් නම් නෙවෙයි. ඒ වගේම Facial එකකදි වගේ විශේෂ උපකරණ, ද්‍රව්‍ය හෝ සම්බාහනය කිරීමක් මෙහිදී අවශ්‍ය වෙන්නෙත් නෑ. ඉතින් සතියකට වතාවක් නිවසේදී ම clean up එකක් කරගෙන තමන්ගේ මුහුණ පිරිසිදුව සහ පැහැපත්ව තියාගන්න අමතක කරන්න එපා කියලා lady.lk කියවන ඔබට අපි මතක් කරනවා.

සාමාන්‍යෙන් දවසට දෙවතාවක් face wash හෝ cleanser එකක් පාවිච්චි කරලා පිරිසිදු කළත් එයින් සම්පූර්ණයෙන් මුහුණ පිරිසිදු වෙනවා කියලා කියන්න අමාරුයි. මොකද දිනපතා හිරු එළියට නිරාවරණය වීමෙන් ඇතිවෙන අවපැහැ ගැන්වීම්, දාඩිය, කුණු දුහුවිලි, සමේ මතුපිට ඇති අමතර තෙල් ගතිය, pigmentations, blackheads/ whiteheads සහ makeup වගේ දේවල් මේ දිනපතා කෙරෙන සාමන්‍ය පිරිසිදු කිරීම් වලින් මුළුමනින්ම ඉවත්වෙලා යන්නේ නැහැ. මේ නිසා කාලයක් ගතවෙනකොට පහසුවෙන්ම සම දුර්වර්ණ වීමට ලක්වෙනවා. එවැනි තත්ත්වයකට ඔබේ මුහුණ පත්වීමෙන් වළක්වා ගැනීමට නම්  අවම වශයෙන් සති දෙකකට වරක්වත් නිවසේදී මෙවැනි clean up එකක් කරන්න සිදුවෙනවා.

Cleansing

මුහුණ සෝදා, තමන්ගේ සමේ ස්වභාවයට ගැළපෙන cleanser වර්ගයක් මුහුණ සහ ගෙළ ප්‍රදේශය පුරා තවරා, මෘදුව සහ කවාකාරව පිරිමදින්න. මඳ උණුසුම් ජලය ස්වල්පයකින් ඇඟිලි තෙමා ගනිමින් විනාඩි 5ක් පමණ මේ ආකාරයට පිරිසිදු කිරීම කරන්න අවශ්‍ය වෙනවා. ඉන්පසු මඳ රස්නයක් ඇති වතුරින් මුහුණ හොඳින් සෝදා හරින්න. අවසානයට සම්පූර්ණයෙන් තෙත් ගතිය ඉවත් නොවෙන ආකාරයට පිරිසිදු towel එකකින් මුහුණ මෘදුව පිසදා හරින්න. මුහුණ සම්පූර්ණයෙන් වියළි නොවී තිබීම ඊළඟ පියවරේදී අත්‍යවශ්‍ය වෙනවා. මේ ආකාරයට cleanse කිරීමෙන් මුහුණේ ඇති make up, දුහුවිලි සහ දහදිය වගේ අපද්‍රව්‍ය ඉවත්වීම සිදුවෙනවා.

Steaming

ඔබ සතුව facial steamer එකක් නැතිනම් උතුරාගත් උණුවතුර සහිත භාජනයක ආධාරයෙන් මුහුණ steam කරගන්න. මුහුණේ සිට අඩියක පමණ දුරකින් ජල බඳුන තබා, towel එකකින් හිස ආවරණය කරගෙන  විනාඩි 5-10 ක පමණ කාලයක් steam කිරීම ප්‍රමාණවත් වෙනවා. ඉන්පසු blackheads remover එකක් භාවිතා කර blackheads සහ whiteheads ඉවත් කිරීම සිදුකළ යුතු වෙනවා. මුහුණේ ඇති විෂ ද්‍රව්‍ය ඉවත් වී හොඳින් පිරිසිදු වීම සහ clean up එකේ ඉදිරි පියවරවලට මුහුණේ සම සූදානම් වීම මෙයින් සිදු වෙනවා.

Scrubbing

සමේ ස්වභාවයට ගැළපෙන face scrub වර්ගයක් ගෙන මුහුණ සහ ගෙල පුරා තවරා මෘදුව සහ කවාකාරව පිරිමදින්න. ඇස් වටා scrub කිරීමෙන් වළකින්න. තදින් පිරිමැදීමේදී මුහුණේ සමට හානි වීමට ඉඩ ඇති නිසා මඳ රස්නය වතුර ඇඟිලිවල තවරා ගනිමින් විනාඩි 5ක පමණ කාලයක් පුරාවට සෙමින් පිරිමඳින්නට අමතක කරන්න එපා. ඉන්පසු මඳ උණුසුම් ජලයෙන් මුහුණ හොඳින් සෝදා මෘදුව පිස දමන්න. Scrub කිරීම මඟින් සම මතුපිට ඇති මැරුණු සෛල, blackheads/ whiteheads සහ සමට තදින් බැඳුණු කුණු දුහුවිලි ඉවත් වී සම පැහැපත් වීමක් සිදු වෙනවා.

Face pack එකක් යෙදීම

සුදුසු face pack වර්ගයක් ගෙන ඒකාකාරී ලෙස මුහුණ සහ ගෙළ ප්‍රදේශයේ ආලේප කරන්න. විනාඩි 20-30ක් පමණ කාලයක් තබා ඝන වූ පසු සීතල ජලයෙන් සෝදා හැර පිරිසිදු තුවායකින් තෙත මාත්තු කරන්න. Face pack එකක් යෙදීම මඟින් සමේ මෘදු බව සහ පැහැපත් බව වර්ධනය වීමක් සිදු වෙනවා. හැබැයි face pack එකක් තෝරා ගන්නකොට තමන්ගේ සමේ ස්වභාවයට ගැළපෙන වර්ගයක් තෝරාගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ස්වභාවික අමුද්‍රව්‍ය එකතුකරලා තමන්ට කැමති විදියට විවිධාකාර Face pack වර්ග හදාගන්නත් පුළුවන්.

Toner

ඉහත සඳහන් කළ සියලුම පියවරවල දි විවෘත වූ සමේ සිදුරු නැවත වැසීම, සමේ තෙතමනය සහ pH අගය රඳවා තබා ගැනීම සඳහා toner ආලේප කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මිලට ගත් toner වලට අමතරව ස්වභාවික toner වර්ග වන කෝමාරිකා, ice water හෝ rose water වුණත් කැමතිනම් පාවිච්චි කරන්න පුළුවන්.

Moisturizer

සුදුසු moisturize lotion එකක් හෝ gel වර්ගයක් තෝරාගෙන මුහුණ සහ ගෙළ ප්‍රදේශයේ තැවරීම අවසාන පියවර වශයෙන් හඳුන්වන්න පුළුවන්.

Related Articles