Home Parenting පොඩ්ඩා එක්ක එකතුවෙලා science experiment එකක් කරමුද

පොඩ්ඩා එක්ක එකතුවෙලා science experiment එකක් කරමුද

by ladylk

පොඩි දරුවෝ කියලා කියන්නේ හැම තිස්සෙම මොනවා හරි දෙයක් කරන්න කැමති පිරිසකටනේ. ඒ වගේම කොයි තරම් busy වුණත් කොහොම හරි තමන්ගේ පොඩ්ඩා එක්ක quality time එකක් ගත කරන්න වෙලාව හොයාගන්න අම්මලත් ඉන්නවා. අන්න ඒ වගේ අම්මලට පුළුවන් තමන්ගේ පොඩ්ඩා එක්ක එකතු වෙලා මේ පොඩි science experiments ටික කරන්න. පොඩ්ඩාට විද්‍යාත්මක හේතු පහදන එක අත්‍යවශ්‍යයි කියලා අපි හිතන්නේ නැහැ. නිකම් magic එකක් පෙන්නනවා කියලා හිතාගෙන මේ පරීක්ෂණ ටික කරන්න උත්සහ කරන්න.

Volcano

අවශ්‍ය ද්‍රව්‍ය:- කුඩා plastic බෝතලයක්, baking soda, vinegar සහ food coloring බිංදු කිහිපයක් පමණයි. රතු පාට නම් වඩා සුදුසුයි.

Plastic බෝතලයෙන් බාගයක් පමණ පිරෙන තුරු විනාකිරි පුරවා එයට food coloring බිංදු කිහිපයක් දමන්න. පුනීලයක් හෝ ඒ හැඩයට සදාගත් කඩදාසි පුනීලයක් භාවිතා කරලා baking soda මේස හැඳි 2-3 ක් දමා ඉක්මනින් පුනීලය ඉවත් කරන්න. පෙණ දමන ලාවා බෝතලයෙන් එළියට එන ආකාරය ඔබට පෙනේවි. නැවත වරක් baking soda දැමීමෙන් තවත් වතාවක් මේ සිදුවීම දැකගන්නට පුළුවන්කම තියෙනවා.

විනාකිරි සහ baking soda එකතු වීමෙන් සිදුවෙන Chemical reaction නිසා බෝතලය ඇතුළේ carbon dioxide වායුව නිපදවෙනවා. බෝතලය ඇතුලේ එයට ප්‍රමාණවත් තරම් ඉඩක් නැතිවීම නිසා තමයි මේ විදියේ සිදුවීමක් සිද්ධවෙන්නෙ.

Fake snow

අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ baking soda සහ shaving cream කෝප්පයක් බැගින් පමණයි. හැන්දක් භාවිතා කර මේ ද්‍රව්‍ය දෙක හොඳින් මිශ්‍ර කරන්න. වතුර බිංදු කිහිපයකුත් එකතු කරන්න. යොදාගත් අමුද්‍රව්‍යවල ඇති රසායනික ද්‍රව්‍යවල ස්වභාවය නිසා තාපාවශෝෂක ප්‍රතික්‍රියාවක් (endothermic reaction) සිදුවීම තමයි මෙහිදි සිදුවෙන්නේ.

Stem and color

ගසකට අවශ්‍ය කරන ජලය එහි මුල්වලින් උරාගෙන ගසේ කඳ දිගේ ඉහළට ගෙනියන ආකාරය පොඩ්ඩාට පැහැදිලි කරලා දෙන්න පහත සඳහන් පරීක්ෂණය යොදාගන්න පුළුවන්. කූඩළු/ ගෝවා කොළ/ celery සහ food coloring මේ සඳහා අවශ්‍ය වෙනවා. වර්ණගැන්වූ වතුර ස්වල්පයකට ඉහත සඳහන් ශාක වර්ගයක් දමා පැය කිහිපයකින් පසුව බලන විට ඒවා වර්ණවත් වී ඇති ආකාරය ඔබට දකින්නට ලැබේවී.

Instant ice

අවශ්‍ය ද්‍රව්‍ය:- වතුර බෝතලයක්, වීදුරු හෝ ceramic බඳුනක්, plastic tray එකක්, ice cubes, freezer

වීදුරු/ ceramic bowl එක අනෙක් පස හරවා tray එකක් වැනි සමතල මතුපිටක තියන්න. ඒ මත ice cubes ටික තියා පැය දෙකක කාලයක් freeze කරගත් වතුර බෝතලයෙන් ප්‍රවේශමෙන් ice cubes මතට වතුර වත් කරන්න. Instant ice සෑදෙන ආකාරය ඔබට දැකගන්නට ඉඩ ලැබේවි.

Self Inflating Balloon

පිරිසිදු Plastic බෝතලයකට baking soda මේස හැන්දක් දමන්න. පුනීලයක් භාවිතා කර බැලුම තුළට විනාකිරි මේස හැඳි තුනක් පුරවා එය ප්‍රවේශමෙන් බෝතලයේ විවරයට සවි කරගන්න. විනාකිරි බෝතලය තුළට වැටෙන ආකාරයට බැලුම ඉහළට ඔසවන විට විනාකිරි සහ baking soda අතර ඇතිවන රසායනික ප්‍රතික්‍රියාව නිසා බැලුම ඉබේම පිම්බෙන ආකරය ඔබට දකින්නට ඉඩ ලැබේවි.

Lava lamp

අවශ්‍ය ද්‍රව්‍ය:- වතුර, baby oil/ vegetable oil/ cooking oil, food coloring, gastritis සමනය සඳහා භාවිතා කරන බෙහෙත් පෙත්තක්, උස වීදුරුවක්/ බෝතලයක්

වීදුරුවෙන් අඟල් 1-2ක් වතුර පුරවා එයට food coloring බිංදු කිහිපයක් දමන්න. වීදුරුවේ ඉහළින් අඟලක් පමණ ඉතුරු වෙන පරිදි ඉතිරි කොටසට තෙල් පුරවා antacid tablet එක එයට දමන්න. වර්ණවත් බුබුළු වේගයෙන් වීදුරුවේ ඉහළට ඇදී එන ආකාරය ඔබට දැකගන්නට ලැබේවි.

Expanding soap

අවශ්‍ය ද්‍රව්‍ය:- Ivory Soap, Large Microwave-safe Bowl

බඳුන තුළට සබන් කැටය දමා බඳුන microwave oven එක තුළින් තියන්න. High power යොදා විනාඩියක් පමණ තබා සබන් කැටය foam විදියට පිම්බෙන ආකාරය බලන්න. සිසිල් වූ පසු පිටතට ගෙන නිරීක්ෂණය කරන්න.

Cool crystals

අවශ්‍ය ද්‍රව්‍ය:- Epsom salt කෝප්ප ¼ (hydrated magnesium sulfate), උණු වතුර කෝප්ප ¼ cup, Food coloring, භාජනයක්

Epsom salt සහ උණුවතුර තරමක් විශාල භාජනයකට දමා ලුණු සම්පුර්ණයෙන් දියවන තුරු හොඳින් මිශ්‍ර කරන්න. එයට food coloring බිංදු 1-2ක් එක් කර නැවතත් මිශ්‍ර කර පැය 4ක පමණ කාලයක් ශීතකරණයේ තියන්න. භාජනයේ පතුලේ crystals සෑදී ඇති ආකාරය ඔබට දකින්නට ලැබේවි. ගෑරොප්පුවක් භාවිතා කරමින් මේ crystals ඉවත් කරගෙන හොඳින් වැසිය හැකි බෝතලයට දමාගන්න.

Related Articles