Home Health & WellnessBeauty Care කොණ්ඩේ ලස්සනට තියා ගන්න මේ දේවල් කරන්න

කොණ්ඩේ ලස්සනට තියා ගන්න මේ දේවල් කරන්න

by LADY.LK

කොණ්ඩේ ලස්සනට තියා ගන්න මේ දේවල් කරන්න
කොණ්ඩේ කියන්නේ කාන්තාවකට ආබරණයක්. දිගු වරලසකටත් වඩා පෝෂදායි හැඩැති
වරලසක් හිමි කර ගන්න තමයි ගොඩක් තරුණියන් කැමති. ඉතිං මේ ලස්සන පවත්වාගෙන
යන්න කාන්තාවන් නොකරනා දෙයක් නැහැ. හැබැයි ඉතිං ඔබ කරනදේ හරියටම හරිද
කියන එක ගැන හොයලා බලලා ඒ දේවල් කරන්න. ඒ ගැන දන්නේ නැති අයට කොණ්ඩේ
ලස්සනට තියා ගන්න විදිහ තමයි මේ කියන්න යන්නේ.
රිලැක්සිං
රිලැක්සිං කියන්නේ කොණ්ඩයක් සැහැල්ලු කිරීම පමණයි. ඒ කියන්නේ රීබොන්ඩ් එකේදී
මෙන් සියයට සීයක් කොණ්ඩෙ කෙළින් වෙන්නේ නැහැ. රැලි කොණ්ඩයක සියයට පනහක
හැටක වගේ රැලි ඉවත් වූ විට රිලැක්ස් වෙනවා. රිලැක්ස් වෙනවා කියන්නේ සැහැල්ලු වීමක්.
රිලැක්සිං එකෙහි තිබෙන වාසිය නම් දැක්ක පමණින් කිසිවකුට කියන්න බැහැ කොණ්ඩෙට
කිසිවක් කර ඇති බවක්. මෙහිදී හිසකෙස් කෙළින් වෙන්නේ ස්වාභාවික විදිහටයි.
ස්ට්‍රේටිං/ රීබොන්ඩිං
කොණ්ඩයේ ඇති ස්වාභාවික රැලි ගතිය ඉවත් කෙරේ. එය රීබොන්ඩිං ලෙස හැඳින්වේ.
අකීකරු කොණ්ඩය කීකරුකර ගැනීමට මෙය සුදුසුයි. ඕනෑම කෙනකුගේ කොණ්ඩයක් කඩා
හැළෙන ආකාරයෙන් තිබෙන විට ඔවුන්ගේ පෞරුෂයට ලොකු ආකර්ෂණයක් ලැබෙනවා.
තමන්ගේ වයසට වඩා ළාබාල පෙනුමක් ලැබෙනවා. විශේෂයෙන් උත්සව අවස්ථාවකට
යනවිට හෙයාර් ස්ටයිල් දමන්න අවශ්‍ය නැහැ.

Related Articles