Home Health & WellnessBeauty Care හිසකෙස් වියළි නම් මෙන්න බෙහෙත

හිසකෙස් වියළි නම් මෙන්න බෙහෙත

by LADY.LK

මුහුණු කොච්චර ලස්සනට තිබුණත් වැඩක් නෑ ඔබේ කොන්ඩ අපිළිවෙල නම්. ගොඩක් අයට හිස කෙස් සම්බන්ධ ගොඩක් ප්‍රශ්න තියෙනවා.ඒ අතර ප්‍රධානම ගැටලුවක් තමයි හිසකෙස් වියළි ස්වභාවයක් ගැනීම. මේ නිසා ඔබේ මුහුණට පවා යම් අපිළිවෙල ස්වභාවයක් ගෙන එනවා. ඉතින් අද අපි කියලා දෙන්න යන්නේ ඔබේ වියළි හිසකෙස් වලට ස්වභාවිකව සත්කාරයක් සිදු කරන්නේ කොහොමද කියල..

වියලි කෙස් වලට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ නිතර ෂැම්පු භාවිතා කිරීමයි. නිසි ලෙස ජලය පානය නොකිරීම නිසා ද වියළි හිසකෙස්තත්ත්වයක් ඇතිවන්නට පුළුවන්.

විියළි කෙස් වලට හොඳ ප්‍රතිකර්මයක් වන්නේ හිසේ වල හොඳින් තෙල් ගැල්විමයි. ස්නානය කරනවිට දිනපතා ෂැම්පු පාවිච්චි නොකිරීමත් සතියකට, තුන්වරක් පමණක් හොඳ කන්ඩිශනර් වර්ගයක් පාවිච්චි කිරීමත්, හොඳින් ජලය පානය කිරීමත් මගින් මෙම තත්වය පාලනය කරගන්නට පුළුවන්.

Related Articles