Home Health & WellnessBeauty Care සිරුරේ ඇති අනවශ්‍ය රෝම ඉවත් කරගන්නේ මෙහෙමයි

සිරුරේ ඇති අනවශ්‍ය රෝම ඉවත් කරගන්නේ මෙහෙමයි

by ladylk

සිරුරේ තියෙන අනවශ්‍ය රෝම කියලා කියන්නේ තමන්ගේ පෙනුම ගැන සැළකිලිමත් වෙන ඕනෑම කෙනෙක් සෑහෙන්න වදවෙන කාරණාවක් විදියට හඳුන්වන්න පුළුවන්. සමේ ආරක්ෂාව වෙනුවෙන් ස්වභාවිකවම පිහිටලා තිබුණත්, මුහුණේ, අත පයවල, කිහිළි ප්‍රදේශයේ සහ ඉකිළි ප්‍රදේශයේ පිහිටලා තියෙන අනවශ්‍ය රෝම ඉවත් කරගැනීමට බොහෝ දෙනෙක් උත්සහ දරන්නේ, තමන්ගේ පෙනුමේ සුන්දරත්වයට ඒවායින් සිදුවන බලපෑම නම් එතරම් යහපත් නොවෙන නිසාමයි. ඉතින් lady.lk අපි මේ ලිපියෙන් කතා කරන්නේ අනවශ්‍ය රෝම ඉවත් කරගන්න පාවිච්චි කරන්නට පුළුවන් techniques කීපයක් සම්බන්ධවයි.

Shaving

මෙහිදී සිදුවන්නේ සමේ මතුපිටින් ඇති රෝම කපා ඉවත් කිරීම පමණයි. Shave කිරීමට බොහෝ දෙනෙක් ප්‍රිය නොකරන්නේ රෝම නැවත වැවීමේදී වේගවත්ව සහ ඝනකම්ව වැවෙන්නට shave කිරීම හේතුවක් වනවා කියන විශ්වාසයෙන් වුණත් ඒ මතයේ කිසිදු සත්‍යතාවයක් නම් නැහැ. හැබැයි මතුපිටින් කපා දැමීමක් පමණක් සිදු කිරීම නිසා කෙටි කාලයක් ඇතුළත නැවත වැවීම නම් සිදුවෙනවා. අත්, කකුල් සහ under arms වල ඇති රෝම ඉවත් කිරීම සඳහා ඔබ shave කිරීම තෝරා ගන්නවා නම් ඊට පෙර body wash, hair conditioner හෝ shaving cream ස්වල්පයක් සම මතුපිට ආලේප කිරීම සහ අලුත් razor එකක් භාවිතා කරලා shave කිරීම මඟින් කැපුම් තුවාල සහ ආසාදනවලින් තොරව රෝම ඉවත් කරගන්නට ඔබට හැකියාව ලැබේවි.

Plucking

Tweezer එකකින්, එහෙමත් නැත්තන් cotton/ polyester thread එකක් පාවිච්චි කරලා රෝම සම්පූර්ණයෙන් උගුල්ලා දැමීමක් තමයි මෙහිදී සිදුවෙන්නේ. මෙය තරමක් වේදනාකාරී සහ කාලය ගතවෙන කාර්‍යයක් වුණත් මුහුණේ ඇති අනවශ්‍ය රෝම ඉවත් කරන්න සුදුසුම ක්‍රමයක් විදියට මේ ක්‍රමය හඳුන්වන්න පුළුවන්. ඔබට අවශ්‍ය නම්, වේදනාව අවම කරගැනීම සඳහා රෝම ඉවත් කිරීමට පැය භාගයකට පමණ පෙර ice cube massage එකක් කිරීම හෝ ක්‍රීම් ආලේප කිරීම සිදු කරන්නට හැකියාව තියෙනවා. ඒ වගේම මේ කාර්‍යය වේදනාව අවම වන ආකාරයට සහ නිවැරදිවම සිදු කරන්නට රූපලාවණ්‍ය ශිල්පිනියගේ පළපුරුද්ද සහ දක්ෂතාවය වැඩි වශයෙන් බලපාන බවත් අපි මතක් කරනවා.

Depilatory Creams

රෝම විනාශ කර ඉවත් කිරීම සඳහා ආලේප කරන රසායනික ද්‍රව්‍ය අඩංගු cream වර්ග මේ නමින් හඳුන්වනවා. මේවා අතපය වල රෝම ඉවත් කිරීම සඳහා භාවිතා කළහැකි අතර label එක හොඳින් කියවා එහි අඩංගු උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය වෙනවා. මෙවැනි නිෂ්පාදන භාවිතා කිරීමේදී, සමට allergy වීම හෝ දිගු කාලයක් සමේ රැඳී තිබීම නිසා සම පිළිස්සීමට ලක් වීම වගේ තත්ත්වයන්ට මුහුණ දීමට වුවත් ඉඩ ඇති නිසා මෙය එතරම් සාර්ථක ක්‍රමයක් විදියට සළකන්න නම් අපහසුයි.

Laser Hair Removal

කේශ මූලයේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම නැසීම තමයි මෙහිදී සිදු කෙරෙන්නේ. මෙය ඵලදයක ක්‍රමයක් විදියට හැඳින්විය හැකි වුණත් සති කිහිපයකට වරක්, සිව් වරක් හෝ ඊට වඩා වැඩි වාර ගණනක් සිදු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම වියදම් අධික කාර්‍යයක් වන අතරම තරමක් වේදනාකාරී ද වනවා. සුදුසුකම්ලත් දක්ෂ වෛද්‍යවරයෙක් හරහා මෙම ප්‍රතිකර්මය සිදු කරවාගත හැකි අතර සිරුරේ ඕනෑම ස්ථානයක ඇති අනවශ්‍ය රෝම මෙමඟින් ඉවත් කරගන්නට හැකියාව තියෙනවා.

Electrolysis

මෙමඟිනුත් සිදුවන්නේ සියුම් electric current එකක් ලබා දීම මඟින් කේශ මූලය විනාශ කිරීමයි. ඒ වගේම සුදුසුකම් සහිත පළපුරුදු  වෛද්‍යවරයෙක් හරහා මේ කාර්‍ය්ය සිදුකරවා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. කොහොම වුණත් කෙස් ගසෙන් කෙස් ගසට වෙන වෙනම සිදුකළ යුතු අතර ම වාර කිහිපයක්ම මෙම ක්‍රියාවලිය සිදු කිරීමෙන් පසුව තමයි සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ. Electrolysis ආකාර දෙකකට සිදු කිරීමේ හැකියාව තියෙනවා. Galvanic ක්‍රමයේදී සිදු කරන්නේ රසායනික බලපෑමක් ලබා දීමෙන් කේශ මූලය නැසීම වන අතර Thermolytic ක්‍රමයේදී සිදුවන්නේ heat කිරීම මඟින් කේශ මූලය නැසීමයි. වියදම් අධික කාර්‍යයක් වුණත් මෙමඟින් සිරුරේ ඕනෑම තැනක ඇති අනවශ්‍ය රෝම ඉවත් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තරමක් වේදනාකාරී සහ තරමක අතුරු ආබාධ ඇතිවීමට ඉඩ ඇති ක්‍රමයක් විදියට තමයි සැළකෙන්නේ.

Waxing

විශාල ප්‍රදේශයක ඇති අනවශ්‍ය රෝම වුවත් සුළු කාලයක් ඇතුළත ගලවා ඉවත් කිරීම මෙමඟින් සිදු වෙනවා. භාවිතා කරන wax වර්ගය රත් කර, රෝම වැවෙන දිශාවට ආලේප කර මඳ වෙලාවක් තබා ඒ මත ඇලවූ රෙදි කැබැල්ලක ආධාරයෙන් රෝම වැවෙන දිශාවට විරුද්ධ අතට ඇදීම මඟින් රෝම ගැළවීම මෙහිදී සිදු කරනවා. බිබිළි මතුවීම වැනි සුළු ආසාදන ඇති වුණත් සිරුරේ ඕනෑම ස්ථානයකට යොදාගන්න පුලුවන් සාර්ථක hair removal method එකක් විදියට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා.

ශරීරයේ ඇති යම් යම් රෝග තත්ත්ව නිසා ඉහත සඳහන් කළ ක්‍රම මඟින් පාලනය කළ නොහැකි තරමට රෝම වැවෙන පිරිසක් අප අතර සිටිනවා. එවැනි අවස්ථාවලදී නොපමාව වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට යොමු වීම අත්‍යවශ්‍ය වනවා. ඒ වගේම threading, tweezing, waxing වගේ ක්‍රම අනුගමනය කරලා රෝම ඉවත් කළාට පස්සේ ice cube massage එකක් සිදු කිරීමට සහ  toner ආලේප කිරීමට අමතක කරන්න එපා. බිබිළි, ඉදිමීම්, රත් පැහැ ගැන්වීම් සාමාන්‍ය තත්ත්වයක් වුණත් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව ඔබට ම වැටහෙනවා නම් එවැනි සිතිවිල්ලක් නොසළකා හරින්න එපා කියලත් අවසන් වශයෙන් අපි සිහිපත් කරනවා. 

Related Articles