Home Health & WellnessBeauty Care අත් පා සම්බන්ධව ඔබ කොයි තරම් සැළකිලිමත් ද

අත් පා සම්බන්ධව ඔබ කොයි තරම් සැළකිලිමත් ද

by ladylk

මුහුණ, හිසකෙස් සහ සිරුරේ හැඩය ගැන වැඩිපුර සැළකිලිමත් වන බොහෝ දෙනෙක් තමන්ගේ දෑත සහ දෙපාවල පෙනුමත් නිරෝගි බවත් ගැන දක්වන්නේ තරමක අඩු සැළකිලිමත් බවක්. හැබැයි තමන් සිදුකරන සෑම සියලු කාර්‍යයකටම දායකත්වය දක්වන දෑත් වලට සහ සිරුරේ බර දරාගනිමින් අපිව ඇවිද්දවන දෙපා වලට මේ විදියට අඩු සැළකිලි දැක්වීම එතරම් සුදුසු වන්නේ නැහැනේ නේද? මේ නිසා අපි හිතුවා දෑත් සහ දෙපා හරියාකාරව රැක බලාගන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධව කරුණු කිහිපයක් සාකච්ඡා කළොත් හොඳයි කියලා. එහෙනම් ඉතින් බලන්නකෝ අපි මේ කියන කරුණු ඔබට කොයි තරම් වැදගත් වෙනවද කියලා.

නිවැරදිව පිරිසිදු කරන්න

විෂබීජ සහ කුණු දුහුවිලි ඉවත්වෙන ආකාරයට දෑත් පිරිසිදු කිරීමේ වැදගත්කම ගැන මේ වෙනකොට අපි හොඳටම දැනුවත් වෙලයි ඉන්නේ. හැබැයි ඔබ මේ සඳහා නිතරම anti- bacterial සබන් වර්ග යොදා ගන්නවා නම් එමඟින් ඔබේ සමේ අඩංගු ස්වභාවික තෙල් ගතිය ඉවත් වී දෑත් වියළි සහ ඉරිතැළුණු ස්වභාවයකට පත්වෙන්නට ඉඩ තියෙනවා. ඒ වගේම තමයි විවිධ රසායනික ද්‍රව්‍ය එකතු කරලා සුවඳ ගැන්වූ සබන් වලිනුත් මේ හානිය ම සිදුවෙනවා. ඉතින්, මේ ගැටළුවෙන් මිදීම සඳහා ඔබ කළ යුතු වන්නේ Shea butter, aloe vera, olive oil වගේ hydrating ingredients අඩංගු සහ fragrance- free moisturizing සබන් වර්ගයක් දෑත් සේදීම සඳහා භාවිතා කිරීමයි. ඒ විතරක් නෙවෙයි, නිතරම උණුසුම් ජලයෙන් දෑත් සේදීම හේතුවෙනුත් ඔබගේ දෑත් වියළීමට ලක්වෙන නිසා සීතල හෝ උණුසුම් ජලය මේ සඳහා භාවිතා කිරීමටත් අමතක කරන්න එපා.

පාවහන් භාවිතය

ඔබ නියැළෙන කාර්‍යය කුමක් වුවත් අවස්ථානුකූලව ඒ හා ගැළපෙන ආකාරයේ පාවහන් භාවිතා කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, කාර්‍යාලයට පළඳින පාවහන් යුවළ ව්‍යායාම කිරීමේදී භාවිතා කිරීම කිසිසේත්ම සුදුසු වන්නේ නැහැ. ඒ වගේම තමයි පාද ආශ්‍රිතව ඉදිමුම්, ආසාදන, කිසියම් වේදනාවක් හෝ අසාමාන්‍ය බවක් දැනෙනවා නම් වහාම ක්‍රියාත්මක වෙලා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ගැනත් අවධානය යොමුකළ යුතු වෙනවා.

නියපොතු ගැන හිතනව ද

නියපොතු ආශ්‍රිත ආසාදන, රූපලාවන්‍ය සත්කාර කිරීමේදී සැළකිලිමත් විය යුතු ආකාරය සහ වෛද්‍ය සහය ලැබිය යුතු අවස්ථා ගැන අපි කලින් ලිපියකිනුත් සාකච්ඡා කරලා තියෙනවා. පෝෂණ ඌණතාවයක් නිසා ඇතිවෙන සහ ඉක්මනින් ම නැතිවී යන සුදු පැහැති ලපවලට අමතරව කළු, දුඹුරු හෝ දම් පැහැති ලප නියපොතු මත මතු වෙනවා නම් එය නොසළකා හැරිය හැකි තත්ත්වයක් විදියට සළකන්න එපා කියලා අවධාරණය කරන්නට අපි කැමතියි. මේ නිසා, ඔබ පුරුද්දක් විදියට නිය ආලේපන ගල්වනවා නම් ඒවා ඉවත් කරන අවස්ථාවලදී නිය මත මෙවැනි ලප හෝ යම් අසාමාන්‍ය තත්ත්වයන් මතුවෙලා තියෙනවද කියලා නිරීක්ෂණය කරන්නත් අමතක කරන්න එපා.

පාදවල සුවපහසුවට

මඳ උණුසුම් ජලයේ පෙඟවීමෙන් පාදවලට පුදුමාකාර සුව පහසු බවක් දැනෙනවා කියලා දැනගෙන හිටියට එයින් ලැබෙන ප්‍රතිඵල ගැන අපි එතරම් දැනුවත් නෑනේ. එහෙනම් ඔන්න අහගන්න. රුධිර ගමනාගමනය හොඳින් සිදුවීම, පාදවල ඉදිමුම අඩුවීම, බැක්ටීරියා ඉවත්ව පිරිසිදු වීම කියන වාසි වලට අමතරව දෙපා සහ මුළු සිරුරම relax කරවන්නත් මේ සත්කාරයට හැකියාව තියෙනවා. ඊට අමතරව, මඳ උණුසුම් වතුරට ලුණු කුඩු ස්වල්පයකුත් එකතු කරනවා නම් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන්කම ලැබෙනවා.

නියපොතු පිරිසිදු කරන්නේ මෙහෙමයි

දෑත් දෙපා හොඳින් සේදුවට විතරක් මදිනේ. නියපොතු ඇතුළේ තියෙන විෂබීජ ඉවත් වීමත් අනිවාර්යයෙන් සිදුවෙන්න අවශ්‍යයි. High quality nail brush එකක් භාවිතා කරලා අපහසුවකින් තොරව සහ නියපෙළට හානි නොවෙන පරිදි මේ කටයුත්ත සිදු කරගන්න ඔබට හැකියාව තියෙනවා. පිරිසිදු නියපොතු නිසා දෑත් සහ දෙපා ලස්සන වෙනවා විතරක් නෙවෙයි, ඔබේ නිරෝගි බවටත් මෙය හේතුවක් වෙනවා නොඅනුමානයි.

Massage කිරීම

අත් කකුල් පිරිසිදු කිරීමෙන් පසුව හොඳින් පිසදමා වියළා ගැනීම අනිවාර්යයෙන් සිදුකළ යුතු වන්නේ වතුර රැඳී තීබීම, සමේ වියළි බවට හේතුවක් වන නිසයි. සෝදා වියළා ගත් දෑත් සහ දෙපාවල සුදුසු moisturizer cream ස්වල්පයක් ආලේප කර මෘදුව සම්බාහනය කිරීම ඊළඟ පියවර වෙනවා. මේ කරුණු දෙක අනුගමනය කිරීමෙන් දෑත් සහ දෙපාවල පෙර නොදුටු ආකාරයේ වෙනසක් ඔබට දැකගන්නට ඉඩ ලැබේව් කියලා අපි හිතනවා. ඒ වගේම තමයි, දෑත් සහ දෙපාවල sunscreen ආලේප කරනවා නම්, ඔබ ඉර එළියට නිරාවරණය වන කාල සීමාවට ගැළපෙන ආකාරයේ SPF අගයකින් යුතු sun cream එකක් මිලට ගන්නටත් අමතක කරන්න එපා

Hangnails

නියපොතු කෙටි කර කැපීම සහ hangnails වලට ප්‍රතිකාර කිරීම ඔබේම සුව පහසුව සඳහා හේතුවක් වනවා. සාමාන්‍යෙන් hangnails ඇතිවීම සඳහා ප්‍රධානතම හේතුව වන්නේ සමේ වියළි බවයි. විනාඩි 15ක් පමණ මඳ උණුසුම් ජලයේ පොඟවාගත් ඇඟිලිවල වතුර පිසදා moisturise ස්වල්පයක් ආලේප කරන්න. ඉන් පසු ප්‍රවේශමෙන් hangnails කපාදමා, ඉක්මනින් සුව වීම සඳහා එම ස්ථානයේ antibiotic cream ස්වල්පයක් ආලේප කරන්න.

Related Articles