Home FoodRecipes එළවළු සුප්

එළවළු සුප්

by LADY.LK

එළවළු සුප් එකක් වෙනස්ම රසකින් හදන විදිහ ගැන තමයි අද අපි කියලා දෙන්නේ. මේ සුප් එකේ රසයට නම් ඔබ වඩාත්ම කැමති වේවී. මේක හදන්න අවශ්‍ය කරන්නේ මෙන්න මේ ද්‍රව්‍ය…

අවශ්‍ය ද්‍රව්‍ය
කඩල, මුංඇට සහ පරිප්පු වෙන වෙනම අහුරක් බැගින්
කැරට් අලයක්
බෝංචි කරල් 2-3
සූදුරු කුඩු තේ හැඳි 2
කොත්තමල්ලි කුඩු තේ
හැඳි 2
රතුලූනු අහුරක් පමණ
දෙහි යුෂ බිංදු කීපයක්
ලුණු රසට අනුව
ගම්මිරිස් රසට අනුව

සාදන ආකාරය
කඩල, මුංඇට, පරිප්පු වෙන වෙනම හොඳට පෙඟෙන්නට තබන්න. කැරට් බෝංචි කුඩාවට කපා ගන්න. රතුලූනු සුද්දකර සෝදා ගෙඩි පිටින්ම තබා ගන්න. දැන් ‍පොඟවාගත් කඩල, පරිප්පු, මුං ඇට වෙන වෙනම භාජනවල දමා ළිප තබා ඉතාම මෘදුවන තුරු තැම්බෙන්නට හරින්න. ඉන්පසු එක භාජනයකට සියල්ල දමන්න. මෙයට කැරට් බෝංචි එකතු කරන්න. හැන්දෙන්ම තරමක් ‍පොඩි කරන්න. දැන් රතුලූනු, ලුණු, ගම්මිරිස්, සූදුරු, කොත්තමල්ලි එකතු කරන්න. බිමට බෑ පසු දෙහි යුෂ දමා රස බලන්න. මේ ප්‍රමාණ තුන් දෙනෙකුට පමණ සෑහේ. මේ සමග කුඩා පාන් පෙත්තක්, නූඩ්ල්ස් ස්වල්පයක් කෑමට ගත හැකිය.

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about  preparing a vegetable sup .You can read the article and put your feedback on it. 

Related Articles