Home FoodRecipes පැටිස් හදන ලේසිම ක්‍රමය

පැටිස් හදන ලේසිම ක්‍රමය

by LADY.LK

අද කාලේ හැමෝම ආසයිනේ ලේසි විදියකට කෑමක් බීමක් හදාගෙන අනුභව කරන්න ඉතිං අද අපි හිතුවා සරල කෑමක් වන පැටිස් හදන සරල ක්‍රමයක් හඳුන්වලා දෙන්න.

අවශ්‍ය ද්‍රව්‍ය​

පාන් පිටි කප් එකක්
මාගරින් මේස හැඳි දෙකක්
බේකින් පවුඩර් තේ හැඳි 1/4
බිත්තර කහ මදයක්
අයිස් වතුර​
සීනි තේ හැඳි දෙකක්
ලුණු ස්වල්පයක්

දැන් අපි බලමු මේ පැටිස් එක හදා ගන්න විදිය​.

මුලින්ම පිටි එකට බේකින් පවුඩර් සීනි,ලුණු,බටර් සහ බිත්තර කහ මදය එකතු කර හොඳින් කලවම් කර ගන්න ඉන් පසුව අයිස් වතුර ටිකෙන් ටික දමමින් පිටි එකෙ අතේ නොඇලෙන් සේ අනා ගන්න. පසුව පිටි ගුලිය විනාඩි 10 යක් විතර හොඳට නීඩ් කරන්න පසුව එය පැයක් ශීතකරණයේ තබන්න.

දැන් පැටිස් එකට අවශ්‍ය පිරවුම හදාගනිමු.

අල ගෙඩි දෙකයි.
පොඩි ලික්ස් ගහක්.
තම්බා පොඩි කර ගත් මාලු කැමතිනම් සැමන් යොදා ගන්නත් පුලුවන්.
තෙම්පරාදුව සඳහා තෙල් මේස හැන්දක් .
ලුණු,ගම්මිරිස්,කෑලි මිරිස් සහ මීට් කිරි තේ හැඳි භාගයක් .
චොප් කර ගත් ඉඟුරු සුදු ලූණු කරපිංචා සහ අමු මිරිස් කරලක් ලොකු ලූණු ගෙඩි භාගයක්.

මුලින්ම අල ටික තම්බා පොඩි කර පැත්තකින් තබන්න මාලු හෝ සැමන් ද පොඩි කර වෙනම තබන්න ලීක්ස් ගහද සෝදා සිහින්ව කපා වෙනම තබා ගන්න.
දැන් පෑන් එක ලිපේ තබා තෙල් දමා රත් වන විට ඉඟරු,සුදු ලූණු කරපිංචා දමා බැදගන්න​
එයටම අමු මිරිස් චොප් කරගත් ලොකු ලූණු ටික එකතු කරන්න එය හොඳින් තෙම්පරාදු කර ලීක්ස් ටික දමා රස අනුව කෑලි මිරිස් මීට් කිරි පවුඩර් සහ කහ කුඩු එකතු කරන්න
තම්බා ගත් අල ටික එකතු කර ගන්න අවසානයට හදාගත් මාලු ටික එකතු කර රස අනුව ලූණු ගම්මිරිස් කුඩු දමා ලිප නිවන්න.

ශීතකරණයේ තැබූ පිටි මෝලිය ගෙන නැවත හොඳින් නීඩ් කර පොඩි බෝල කඩා විනාඩි 15 ක් වසා තබන්න
වෙන් කරගත් පිටි බෝල ටික හොඳින් තුනී කර රවුම් කපාගෙන කරි එකෙන් ටිකක් තබා දෙකට නවා වටේ ගෑරුප්පුවකින් සීල් කර ගන්න සාදා ගත් පැටිස් ශීතකරණයේ පැය තුන හතරක් තබා අයිස් ගතියෙන් තෙලේ තබා බැද ගන්න.

Related Articles