Home Health & WellnessBeauty Care කහපාට දත් සුදු පාට කරගමුද ?

කහපාට දත් සුදු පාට කරගමුද ?

by LADY.LK

සමහර අයට තියෙන ගැටළුවක් තමයි දත් කහපාටට තියෙන එක. ඇත්තටම එතකොට ඒක පේනව විතරක් නෙමෙයි කැතට පේනවා. විවිධාකාර හේතු නිසා දත් කහපාට වෙන්න පුලුවනි. සමහර අයට පොඩි කාලේ සෙමට ගත්ත බේත් නිසා දත් කහ පැහැ වෙච්ච අවස්ථා අහල තියෙනවා. කොහොම උනත් මේ කහපාට දත් තියෙන එක මානසික වදයක්.
ඒනිසා ගෙදරදිම හොයාගන්න පුලුවන් දේවල් එක්ක, දත් සුදු පාට කරගන්න සරල ක්‍රමවේදයක් කියල දෙන්න අපි හිතුවා. හැබැයි මේක අත්හදා බලපු දෙයක්. හැමෝටම හරියාවි කියල 100%ක විශ්වාසයකින් කියන්න බැහැ.

භාජනයක් අරගන්න.
පලවෙනි දේ තමයි කහ තේ හැඳි 4ක් ඕන. අමු කහ වෙන්න උවමනා නැහැ. නමුත් ඔබේ නිවසේ තිබෙන කහ ගුණාත්මක ඒව නම් වඩා හොදයි.
ඊලගට බේකින් සෝඩා තේ හැඳී 3ක් ඒකටම එකතු කරන්න. ඒ දෙකම සම්පූර්ණවම එකට මිශ්‍ර කරගන්න. මෙතනදි ඉතා වැදගත් 100% මිශ්‍ර වෙන එක.
තුන්වෙනුව ඔබ කල යුත්තෙ, පොල් තෙල් තේ හැඳි 4ක් එකතු කරන එක, නමුත් මේ පොල් තෙල් සීත කරලා තියෙනව නම් තමයි වඩා හොද. ඒ කියන්නෙ ශීතකරණයේ පැයකට ආසන්න කාලයක් තියල, ඊටපස්සෙ ගල් වෙච්ච පොල් තෙල් තමයි ගන්න ඕන. කලින් හදාගත්ත මිශ්‍රණය පොල් තෙල් හැඳි 4 එක්කත් සම්පූර්ණව මිශ්‍ර කරන්න.
ඊටපස්සෙ විනාඩි 15-20ක් අතර කාලයක් මිශ්‍රණය ශීතකරණයේ තියන්න ඕන.

මේ එකතු කරපු වර්ග වලින් අහිතකර බැක්ටීර්යා විනාශ කිරීම, මුඛයේ දුර්ගන්ධය නැති කිරීම වගේම දත් වලට ඇලිලා අවශ්‍ය කාර්යයට උදව් කිරිම කියන කාරණා සිදු කරනවා.

විනාඩි 20කට විතර පස්සෙ ගන්න දත් බේත් මිශ්‍රණය භාවිත කරන්නයි සූදානම. මෙතනදි කට දෙපැත්තෙ සහ කටේ ඇලීම සිදු වෙනවා. කට දෙපැත්තේ ඇලෙන නිසා වැස්ලීන් ස්වල්පයක් කටේ කොන් 2 ගාගැනීම වඩා සුදුසුයි.
දැන් සාමාන්‍ය දත් බුරුසුවක් අරගෙන ඒකට හදාගත්ත මිශ්‍රණයෙන් තේ හැදි 2ක ප්‍රමාණය ගන්න.
ඊටපස්සෙ විනාඩි 1-2ක් හෙමිට දත් මදින්න. මිශ්‍රණය දත් වල ඇලෙනවා. නමුත් ඒක ගැන වද වෙන්න එපා. විනාඩි 2ක් විතර හෙමිට දත් මදින්න. විනාඩි 2-3කට පස්සෙ, කට හෝදන්න.
ඊටපස්සෙ පොල්තෙල් තේ හැන්දක් අරගෙන කටේ තබාගෙන ඉන්න. ගිලින්න එපා. පොල්තෙල් වල දුර්ගන්ධ බැක්ටීරියා නාශක හැකියාව එහෙම තියෙනව. පොල්තෙල් කටේ එක තැනක තියාගෙන තව තැනකට යනාදි විදියට මුළු කට පුරාම ගෙනියන්න. විනාඩි 5ක් ඒක කරන්න.
ඊටපස්සෙ කරන්න ඕන දේ තමයි සාමාන්‍ය විදියට විනාඩි 2ක් දත් මදින එක, දන්තාලේපයක් භාවිත කරල.

මිශ්‍රණය හදලා මේක කරනකොට ඇත්තටම විනාඩි 10කට අඩු කාලෙකින් මේක කරගන්න පුලුවනි.
මුල් මාසයේ සතියකට 2 වතාවක් බැගින් කරන්න. ඊලග මාසයේ සතියට 1 වතාව බැගින් කරන්න.
ඔබ හදාගත්ත මිශ්‍රණය, ශීතකරණයේ තියලා සති 2ක් විතර කල් තියාගන්න පුලුවන්. භාවිත කරන්න කලින් පැයකට විතර කලින් ශීතකරණයෙන් එලියට අරගෙන ඊටපස්සෙ භාවිත කරන්න.

කරල බලන්න. වෙනසක් දැනේවි !

Related Articles