Home EducationTechnology සමාජ මාධ්‍ය භාවිතයේදී සැළකිලිමත් විය යුතු කරුණු මොනවා ද

සමාජ මාධ්‍ය භාවිතයේදී සැළකිලිමත් විය යුතු කරුණු මොනවා ද

by ladylk

Smartphones පාවිච්චිය සුලබ වීමත් සමඟම Facebook, Twitter සහ Instagram වගේ සමාජ මාධ්‍යවල භාවිතයත් සැළකිය යුතු මට්ටමකින් ඉහළ ගිහින් තියෙන බව ඔබ දන්නවා ඇති. මෙවැනි සමාජ මාධ්‍ය ජාල භාවිතයේදී අපි වඩ වඩාත් සැළකිලිමත් විය යුත්තේ මේවා යහපතට විතරක් නෙවෙයි අයහපතටත් එක විදියට භාවිතා කරන්න පුළුවන්කම තියෙන නිසයි. ඉතින් lady.lk අපි මේ ලිපියෙන් කතා කරනවා, social media භාවිතයේදී ඔබ සැළකිලිමත් විය යුත්තේ කොයි වගේ කරුණු සම්බන්ධවද කියන කාරණාව ගැන. බලන්න, අපි මේ කියලා තියෙන විදියේ අතපසුවීම් ඔබ අතිනුත් සිදුවෙනවද කියලා.

විරුද්ධ අදහස්වලට කුපිත වීම

සමහර පුද්ගලයින් ඔවුන්ගේ අදහසට විරුද්ධ අදහස් පළකරන අයට හරිම rude විදියට තමයි ප්‍රතිචාර දක්වන්නේ. බොහොම සාමකාමීව ගෙනියන්න පුළුවන් සංවාදයක් වුණත් වැරදි තැන්වලින් අල්ලාගෙන personally attack කරන්න පවා මේ අය යොමුවෙනවා. එහෙමත් නැත්තන් කල්ලි ගැහිලා තව කෙනෙක්ව troll කරන්න උත්සහ කරනවා. විවෘතව සහ සානුකම්පිතව සමාජය දිහා බලන්න හුරුවෙලා ඉන්න පුද්ගලයින්ට මේ වගේ අයව පෙනෙන්නේ, ආශ්‍රයට නුසුදුසු toxic පුද්ගලයින් විදියටයි. ඉතින් ඔබත් සමාජ මාධ්‍ය වගේ පොදු තලයක තමන්ගේ අදහස් ප්‍රකාශ කරනවා නම් තමන්ට පක්ෂ අදහස්වලට වගේම විරුද්ධ අදහස්වලටත් සාමකාමීව ප්‍රතිචාර දක්වන්න සහ අනෙක් සමඟ healthy conversation එකක් ගෙනියන්න උත්සහ කරන්න කියලා අපි මුලින්ම සිහිපත් කරනවා.

පෞද්ගලික තොරතුරු හෙළිකරන්නේ හරිම ප්‍රවේශමෙන්

ඔබ දකිනවා ඇති සමහර facebook groups ඇතූලේ පළවෙන posts වල තමන්ගේ නිවස ඇතුළත පින්තූර, නිවසේ ආරක්ෂක පද්ධතිය, නිවැසියන්ගේ විස්තර ඇතුළු සෑම දෙයක්ම ගැන විස්තර පළ කරලා තියෙනවා. මේ වගේ අතිශය පෞද්ගලික තොරතුරු සමාජයට නිරාවරණය කිරීම නිවැසියන්ට සහ නිවසේ ආරක්ෂාවට එතරම් සුදුසු නෑ කියලයි අපි නම් හිතන්නේ. ලිපිනය, දුරකථන අංක, දරුවන්ගේ පාසල, පන්තිය, තමන් නිවසින් බැහැරව සිටින දින වකවානු, වත්කම් පිළිබඳ විස්තර ඇතුළු තමන්ගේ පෞද්ගලික තොරතුරු පිටස්තරයන්ට හෙළි කිරීම ඉතාමත් අවදානම් කටයුත්තක් වනවා. ඒ වගේම තමයි, තමන්ගේ හිතමිතුරන්ගේ තොරතුරු හෝ වෙනත් අයගේ කුඩා දරුවන්ගේ පින්තූර වැනි දෑ අවසරයකින් තොරව සමාජ මාධ්‍ය වෙත හෙළි කිරීමත් කිසිසේත්ම සුදුසු වන්නේ නැහැ. තමන් සම්බන්ධ යම්කිසි තොරතුරක් හිතවතෙක් සමඟින් හුවමාරු කරගන්නට අවශ්‍ය නම් personal message එකක් හරහා මිස comment section එකේ සඳහන් කරන්නට හුරු වෙන්න කියලත් අපි සිහිපත් කරනවා.

නිරවද්‍ය තොරතුරු පමණක් බෙදාහදා ගන්න

තමන් දකින ඕනෑම දෙයක් කිසිම සෙවීමකින් බැලීමකින් තොරව share කරන්නන් ගැන එතරම් විශ්වාසයක් තියාගන්න නම් අමාරුයි. අන්තර්ජාලය හරහා තොරතුරු පැතිරීමට ගතවන්නේ ඉතාමත් සුළු කාලයක් නිසා ඔබ යම්කිසි තොරතුරක් share කරනවා නම් ඊට පෙර එහි නිවැරදි බව සහ නීත්‍යානූකූල බව ගැන හොඳින් සොයා බැලීම සහ විශ්වාස කටයුතු මාර්ගයකින් තහවුරු කරගැනීම වැදගත් වෙනවා. දේශපාලනය, ලෙඩ රෝග, නීතිය, මරණ, ත්‍රස්තවාදී තර්ජන, ආගම වැනි ඕනෑම මාතෘකා සම්බන්ධ තොරතුරු, විශේෂයෙන්ම ආන්දෝලනාත්මක තොරතුරු සෙවීමකින් බැලීමකින් තොරව හුවමාරු කිරීම එක්තරා විදියකට සමාජය තුළ වෛරී අදහස් පැතිරවීමට පවා දායකත්වය දක්වන්නට ඉඩ තියෙනවා.

හානිකර අවස්ථාවලදි ක්‍රියාත්මක වන්න

යම්කිසි පුද්ගලයෙක් ඔබට හෝ තවත් අයෙකුට තර්ජනය කරනවා නම්, ඔබ පළකල තොරතුරක්, බුද්ධිමය දේපලක් හෝ ඡායාරූපයක් අනිසි ලෙස භාවිතා කරනවා නම්, දිගින් දිගටම කරදරකාරී ලෙස හැසිරෙනවා නම් එයට විරුද්ධ වෙන්නට පසුබට වෙන්න එපා. පහතින් සඳහන් වන්නේ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසද සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ වෙබ් අඩෙවි ලිපිනයයි. ඔබට ගැළුවක් ඇතිවූ අවස්ථාවක ඒ සමඟ සම්බන්ධ වී විසඳුමක ලබාගැනීමට හැකියාව තියෙනවා.

https://www.cert.gov.lk

අන් අයව judge කිරීම

අනෙක් අයගේ ජීවිත ගැන හරිහැටි නොදන්නා අපි ඒ අයගේ තීන්දු තීරණ, ක්‍රියාකලාපයන් ගැන විවේචන සිදු කිරීම කිසිම ආකාරයකින් සාධාරණයි කියලා අපි හිතන්නේ නැහැ. හැබැයි යම් කෙනෙක් සිදු කරන යම් ක්‍රියාවක් ඔහුට හෝ සමාජයට හානිකර නම් ඔබට ඒ සඳහා යම් ක්‍රියාමාර්ගයක් ගැනීමේ හැකියාව තියෙනවා. උදාහරණයක් විදියට ළමා හිංසනය, මත්කුඩු ප්‍රචාරණය වැනි යමක් සිදුවෙනවා නම් නොදැක්කා සේ සිටීම වගකීම් සහගත පුරවැසියෙකුගේ යුතුකම විදියට අපි හිතන්නේ නැහැ. මේ නිසා තමන් මැදිහත් වොය යුතු අවස්ථා සහ නොයුතු අවස්ථා බුද්ධිමත්ව කල්පනා කරලා අවස්ථානුකූලව ක්‍රියාත්මක වෙන්න කියලා අපි සිහිපත් කරනවා.

රැවටෙන්නෙපා

මුදල් එකතු කිරීම්, සීට්ටු දැමීම්, භාණ්ඩ අලෙවි කරන්නන්

ඕනෑවට වඩා ඕනෑ ම නැහැ

දුක්බර සිදුවීම් සහිත posts, online ඇනුම්පද, gossips, ආගමික කරුණු හා ද්වේෂ සහගත ප්‍රකාශ, දැකීමට ප්‍රියජනක නොවන සිදුවීම්, දේශපාලන පක්ෂවලට ගැති තොරතුරු, තමන්ට ඇති හැකි දේවල් පිළිබඳ පුරාජේරු වගේ ඕනෑම දෙයක් තමන්ගේ ගිනුමේ පළකිරීම ඕනෑම අයෙකුගේ අයිතිය බව අපි පිළිගන්නවා. නමුත් දිගින් දිගටම තමන්ගේ ගිනුමේ මෙවැනි දෑ පළකිරීම එතරම් ප්‍රියජනක නැති බවත් කිව යුතුම වෙනවා. අපි සමාජ මාධ්‍ය සමඟ එක්වන්නේ සමාජය සමඟ මුසු වීමට නිසා එය වඩා සතුටක් සහ සැනසීමක් ගෙන දෙන ආකාරයට සිදු කිරීමට උත්සහ කරන්න කියලා අවසන් වශයෙන් අපි සිහිපත් කරනවා.

Related Articles