Home Health & WellnessBeauty Care යුවතියකගේ කම්මුල් එල්ලා වැටීමට හේතු

යුවතියකගේ කම්මුල් එල්ලා වැටීමට හේතු

by LADY.LK

කම්මුල් දෙකෙන් යුවතියකගේ සුන්දරත්වය මනාව ඉස්මතු කොට පෙන්වනවා. නමුත් කම්මුල් එල්ලා වැටීම මේ සුන්දරත්වය අඩු කරවනවා. වයස්ගත වීමත් සමඟ සමේ ඇදෙන සුළු බව අඩු වෙනවා. කම්මුල් එල්ලා වැටීමෙන් ඔබේ පෙනුමට වයස්ගත පෙනුමක් එක් කරනවා. ඒකට විවිධ හේතු පවතිනවා. බලන්න ඔබ මේ දෙවල් ගැන මෙතෙක් සැලකිල්ලක් දැක්වූවාද කියා.

නිතර දුරකථනය භාවිතා කිරීම

ඔබ නිතර නිතර ස්මාර්ට් ජංගම දුරකථන හෝ ටැබ් භාවිතා කරනවා නම් ඔබේ කම්මුලේ සම එල්ලා වැටෙන්න පුළුවන්. නිතරම මෙම ඉලෙක්ට්‍රොනික උපකරණ වල තිරය දෙස අනවශ්‍ය ලෙස බලා සිටීමෙන් ඔබේ මුහුණට හානි සිදු වෙනවා. එයින් කම්මුල් එල්ලා වැටීම පමණක් නොව, මුහුණේ රැලි ඇති වීමටත් බලපානවා.

මේද ආහාර සම්පුර්ණයෙන්ම නැවත්වීම

බර අඩු කර ගැනීම සඳහා මේද ආහාර අඩු කිරීමට අද බොහෝ දෙනෙක් යොමු වෙනවා. එය ඉතා හොඳ දෙයක්. නමුත් සමහරුන් මේද සහිත ආහාර සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. නමුත් ඔමේගා 3, ඔමේගා 6 වැනි මේද අම්ල සමේ සෛල වල ඇදෙන සුළු බව ආරක්ෂා කිරීමට උපකාරී වෙනවා.

හෝර්මෝන සමතුලිතාව බිඳ වැටීම

සමේ ඇදෙන සුළු බව අහිමි වීම සඳහා ප්‍රධානතම හේතුව වන්නේ ඊස්ට්‍රජන් හෝර්මෝනය හිඟ වීමයි. මෙම හෝර්මෝනය ඉලාස්ටින් සහ කොලජන් නිපදවීමට හේතු වේ. එහි ප්‍රතිඵලයක් ලෙස අඩු ඊස්ට්‍රජන් මට්ටමක් ඇති කාන්තාවන්ගේ සම සුදුමැලි වීම, එල්ලා වැටීම සහ රැලි වැටීම් ඇති වීම සිදු විය හැක.

ඔබ බොහෝ රසකැවිලි ආහාරයට ගැනීම

සීනිවල හානිකර බලපෑම් විස්තර කරන බොහෝ වෛද්‍ය කෘති වල, සීනි පරිභෝජනය කිරීම සමේ ඇදෙන සුළු බවට හානි කරන බව සහ සම එල්ලා වැටීමට හානි වන බවත් පහදා දී ඇත. සොයා ගෙන ඇති සිද්ධාන්ත වලට අනුව, සීනි අණු වල, අස්ථි තුල ඇති කොලජන් සහ ඉලාස්ටින් අකර්මන්‍ය කිරීමට හැකියාව ඇත. ඒ නිසා, ඔබ පරිභෝජනය කරන සීනි ප්‍රමාණය වැඩි වන තරමට එය ඔබේ සමට හානි කරන බව මතකයේ තබා ගනිමින් පරිභෝජනය කරන්න.

වැඩි වෙලාවක් හිරු එළියේ ගත කිරීම

පාරජම්බුල කිරණ කිරණ, විශේෂයෙන් UVA නමින් හැඳින්වෙන විකිරණ ඉතාම අන්තරාදායක වේ. මෙම විකිරණය සමේ ගැඹුරුම ස්ථර තුලට ගමන් කර සැමට හානි සිදු කරයි. ඇතුල් සම 70%ක පමණ කොලජන් වලින් සමන්විත වන අතර, UVA කිරණ මේවා විනාශ කර දැමීමට සමත් වෙයි.

වේගයෙන් බර අඩු වීම

වේගවත් ලෙස බර අඩු කර ගැනීමට පෙළඹීම ඔබේ පෙනුමට අහිතකර ලෙස බලපායි. ඔබ ආහාර පාලනය කිරීම ආරම්භ කිරීමට හා බර අඩු කිරීමට සැලසුම් කරන්නේ නම්, ඔබ මෙය ක්‍රමානුකූලව කළ යුතුය. වඩාත් සෞඛ්‍යාරක්ෂිත වන්නේ, සෙමින් සෙමින් සිදු වන බර පහල වැටීමක්ය. සිරුරට ලැබෙන මේදය සහ විටමින් වර්ග අඩු වී යාමෙන් සම එල්ලා වැටීමකට ලක් විය හැක. නිරාහාරව සිටීමේදී සහ විශේෂ ව්‍යායාමයන් වල නිරත වීමේදී, නිතරම මුහුණේ සම වෙත සමීපව අවධානය යොමු කිරීම මඟින් සමේ වෙනස්කම් ඇති වෙනවාදැයි හඳුනා ගන්න.

දත් වල විකෘතිතා

නළ දත්, විවිධ විකෘතිතා සහිත දත් පිහිටීමෙන් ඔබේ මුහුණේ සම ඇදීමකට ලක් විය හැක. විකෘති දත් පිහිටීමෙන් ඔබේ ආහාර සැපීමේ රටාව වෙනස් වේ. එය ඔබේ මුවට අනවශ්‍ය වෙහෙසක් ගෙන දෙයි. මෙහි බලපෑමක් ලෙස මුහුණේ සමේ මාංශ පේශි එල්ලා වැටිය හැක.

අඩු නින්ද

සාමන්‍යයෙන් පැය 8ක නින්දක් ඔබේ සමට විවේකය ලබා දී, එය නිරෝගී කරවනවා. නිසි පරිදි නිදි නොලැබීම ඔබේ සම එල්ලා වැටීමට සහ රැලි වැටීමට හේතු වෙනවා. සම තමා විසින්ම තමාව අලුත්වැඩියා කර ගන්නේ රාත්‍රී කාලයේදීයි. මේ නිසා ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීමට උත්සාහ කරන්න.

ව්‍යායාම පිණිස දිවීම

වැඩිහිටි වියේ පසු වන කෙනෙකුට ව්‍යායාම පිණිස පවතින හොඳම විකල්පය දිවීමේ නිරත වීම නොවන බව වෛද්‍යවරු පවසනවා. එළිමහනේ දිවිමේදී ඔබ අහිතකර කාලගුණික සාධක (සූර්යයා, සුළං) වලට නිරාවරණය වීම හා නොනවත්වා සිරුර සෙලවීමකට බඳුන් වීම යන හේතු වල බලපෑමෙන් සම ලිහිල් වීමත්, එල්ලා වැටීමකට ලක් වීමත් සිදු විය හැක. දිවීම යනු බර අඩු කර ගැනීම සඳහා හොඳම ක්‍රමවලින් එකක් වුවත්, සමේ සෞඛ්‍යාරක්ෂිත බව ගැන සැලකුවොත් එය හොඳම ක්‍රමය නොවේ.

සුළු දේවල් ගැන නිතරම කණගාටු වීම.

මිනිසාගේ සිත් අභ්‍යන්තරයේ ඇති ගැටලු මුහුණෙන් පිළිබිඹු වේ. නිතර නිතර දුකෙන් මුහුණ එල්ලගෙන සිටීම ඔබේ මුහුණේ සමට අහිතකර ලෙස බලපෑමේ වැඩි ඉඩක් පවතිනවා. එපමණක් නොව, සමේ හා හිසකෙස් වල ගුණාත්මක බවට සෘජුවම බලපාන Cortisol හෝමෝන මට්ටම පහල බැසීමටත් මෙය හේතුවක් වෙනවා.

 

Related Articles