Home EducationMotivation ඔබ ඔබේ සිහිනයේ එල්ලී සිටින්න

ඔබ ඔබේ සිහිනයේ එල්ලී සිටින්න

by LADY.LK

සමහර හීන තියෙනවා ඒ හීන හැබෑ වෙනකන් මුලු ජීවිත කාලෙම වුණත් බලාගෙන ඉන්න පුළුවන් . ඒ හීන ගොඩේ කවදම හරි හැබෑ කර ගන්න පුළුවන් ජාතියේ හීන වගේම කවමදාවත්ම හැබෑ නොවන ජාතියේ හීනත් තියෙනවා. කතාවටත් කියනවනේ මිනිස්සු ජීවත් කරවන්නේ හීන කියලා. ඉතිං මේ කොයි ජාතියේ හරි හීනයක් ඔබේ ජීවිතේටත් පාර කියනවා ඇති .

හැබැයි සමහර හීන තියෙනවා අපේ ඇස්පනාපිටම කැඩිලා බිඳිලා විසිරිලා යන ඒවා. ඇත්තටම හීන බිඳුණම හිතට හරි දුකයි. හැබෑ ලොකේදී කවදාවත් නොලැබුණත් හීනෙන් හරි මුලු හදවතින්ම තමන්ගේ කර ගත්ත දෙයක් නැති වුණාම ඒ දුක කොච්චරද කියලා දන්නේ හීනයක් එක්ක ජීවත් වෙච්ච මනුස්සයෙක් විතරයි.

ඒ හීනය ඔබ ආදරය කරන කෙනා වෙන්න පුළුවන්, වාහනයක් ගෙයක් දොරක් වෙන්න පුළුවන්, දරුවන් ගැන දැකපු හීනයක් වෙන්න පුළුවන්, රස්සාවක් වෙන්න පුළුවන් මේ කොයි දේ ඇතුළෙත් හීන නම් අනන්තයි. ඒ  හීනවලට දිගක් පළලක්  නැහැ .ඇත්තටම හීනවලින් මිනිස්සුන්ට ජීවත් වෙන්න උත්තේජනයක් සපයනවා. අලුත් බලාපොරොත්තුවක් ඇති කරවනවා. සරලවම කියනවනම් හීන ඔබව ජීවත් කරවනවා.

හීන වෙනුවෙන් මහන්සි වෙන මිනිස්සු තමයි ජීවිතේ හීන ජය ගන්නේ . නමුත් සමහර හීන තියෙනවා අපි ඒ හීන වෙනුවෙන් කොච්චර මහන්සි වුණත් කවදාවත් ඒ හීන හැබෑ කර ගන්න අපට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. හරියට කොච්චර සුදුසුකම් තිබුණත් රස්සාවක් ලැබෙන්නේ නැහැ වගේ. ඒ වගේ වෙලාවට තමයි හිතෙන්නේ  හීන පස්සේ දුවන එකත් පිස්සුවක් කියලා.

මනෝ විද්‍යාවට අනුව  බොහෝ මනෝ විද්‍යඥයින් පවසන්නේ හීන දකින මනස සයිල්ලටම  වඩා ඉදිරියෙන් පසුවන බවයි. සැබැවින්ම හීන කියන්නේ ඔබේ ඉලක්කවලට, ඔබේ අරමුණවලට. කතාවටත් කියනවනේ “ඔබ හඳ ඇල්ලීමට හීන දකින කෙනෙක් නම් අඩුම ඔබට ඔබේ නිවසේ මුදුන් වහල හෝ අල්ලා ගත හැකියි” කියලා. ඉතිං හීන දකින්න හීනත් එක්ක ජීවත් වෙන්න බය වෙන්න එපා. ඔබ හීන වලට බය විය යුත්තේ ඔබේ හීනවලට අඩුම ඔබවත් වටිනාකමක් නොදෙන්නේ නම් පමණි.

ඔබේ හිතෙත් විවිධාකාරයේ හීන ඇති. ඔබේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න, වාහනයක් ගෙයක්දොරක් හදා ගන්න ඒ කොයි ජාතියේ හීනයක් වුණත් ඔබට හිතෙන්නේ කෙතනින්ද ඔබ එතනින් පටන් ගන්න. ඔබේ හීන ජීවිතේ ඉලක්ක සහ අරමුණු බවට පරිවර්තනය කර ගන්න. හීන වෙනුවෙන් කැපවෙන්න, ඔබේ හීන කවදාම හෝ දවසක හැබෑවක් කර ගන්නවාය යන අධිෂ්ඨානය ඇති කරක ගන්න. ලොව ධනවත්ම පුද්ගලයා වූ බිල්ගේට්ස් වරක් මෙලෙස ප්‍රකාශ කර සිටියා. “ඔබ ඔබේ සිහින වෙනුවෙන් කැප වෙන්න  නැතිනම් වෙනත් අයකු ඔහුගේ සිහිනය සැබෑ කර ගැනීම සඳහා ඔබව කුලියට ගනු ඇත. ඒවගේම තමයි ඔබේ ජීවිතෙත් ඇතැම් හීන බිඳේවී , හිත් රිදීම් ඇති වේවී. නමුත් ඔබත් ඔබේ හීනයේ  එල්ලී සිටින්න ඒ වෙනුවෙන් මහන්සි වෙන්න දවසක එය හැබෑවනවාමයි.

ඇත්තටම අපේ හීන හැබෑ නොවෙන්න හේතුව අපි අවාසනාවන්තයෝ නිසාද ? හීනයක් වෙනුවෙන් උත්සාහය , කැපවීම, අධිෂ්ඨානය තිබුණත් වාසනව කියන දේත් ඒ හීන හැබෑ කර ගන්න ඕනමද? ඒත් මම නම් හිතන්නේ අපිව අවාසනාවන්තයෝ කරලා තියෙන්නේ  උත්සාහයක්, කැපවීමක්, අධීෂ්ඨායක් නැති මිනිස්සු කියලයි. මං ඒහෙම කියන්නත් හේතුවක් තියෙනවා. අපේ රටේ ගොඩක් දේවල් ලැබෙන්නේ දේශපාලනයෙන්, නැතිනම් හිතවත්කම් හා ඇඳුණුම්කම් මත. අපි කොච්චර හොඳට ඉගෙන ගත්තත් වැඩක් නැහැ, අපිට කොච්චර සුදුසුකම් තිබුණත් වැඩක් නැහැ රැකියාවල්වල නිරතවෙන්නේ දේශපාලනඥයන් වෙනුවෙන් කඩේ ගිය පිරිස, නැත්නම් ඒ ඒ අයගේ ඇඳුනුම්කම් මත හිතවත්කම් හදා ගත්ත පිරිස.

කොහොම වුණත්

හැබැයි ඔබ හීන වෙනුවෙන් කැප විය යුතුයි. නැතිනම් හීනත් එක්ක නින්දට යන ඔබ හීනයක් එක්කම අවධි වෙවී.

හීනත් එක්ක නින්දට යන මිනිස්සු අවධි වෙන්නෙත් හීනත් එක්කමයි. හැබැයි ඔය අතරින් හීන හැබෑ කර ගන්න මහන්සි වෙන්නේ බොහොම ටික දෙනයි. හීනවලින් මිනිස්සුන්ට ජීවත් වෙන්න උත්තෙජනයක් එ

 

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about positive thinking.You can read the article and put your feedback on it. 

 

Related Articles