Home FoodRecipes රසට කන්න දිය ලබු කරිය

රසට කන්න දිය ලබු කරිය

by LADY.LK

දියලබු කියනන්නේ වැඩිපුර කන්න කැමති කෑමක් නෙමෙයි.නමුත් රසවත්ව උයා ගත්තොත්  ඕනම කෙනෙක් දිය ලබු ව්‍යංජනයක් රස බලන්න කැමති වෙයි. අද කියන්න යන්නේ  දියලබු කරියක් හදා ගන්න විදිහ ගැනයි

අවශ්‍ය ද්‍රව්‍ය:-

දියලබු ග්‍රෑම් 500

කුඩා ඉඟුරු කැබැල්ලක්

සුදු ලූනු බික් 2-3ක්

රතු ලූනු ගෙඩි 3,4ක්

අමු මිරිස් කරල් 2-3ක්

තෙල් මේස හැඳි 4

කහකුඩු තේ හැඳි 1/2

ලුණු රසට අනුව

කරපිංචා කිනිත්තක්

අබ ඇට තේ හැඳි 1

සිහින්ව ගාගත් ‍පොල් අඩු කෝප්පයක්

සාදන ආකාරය:-

දියලබු ‍පොතු මද ඉවත් කර හොඳින් සෝදා වතුර ස්වල්පයක් සහ ලුණු කහ දමා තැම්බෙන්නට තබන්න. ඒ අතරේ ‍පොල්වල සුදු ලූනු, ඉඟුරු, කරපිංචා දමා අඹරා ගන්න. දැන් තෙල් ටිකක් ළිප තබා රත්වන විට අබ ඇට දමා පුපුරවා ගන්න. එයට තම්බාගත් දියලබු සමග අඹරා ගන් ‍පොල් මිශ්‍රණය දමා කලවම් කර මඳ ගින්දරේ පිස ගන්න.

Related Articles