Home FoodRecipes ඉදි ආප්ප කොත්තු

ඉදි ආප්ප කොත්තු

by LADY.LK

ඉදි ආප්ප කියන්නේ බොහොම රසවත් ආහාරයක්.  හැබැයි ඉතිං හැම දාම කන විදිහට ඉදි ආප්ප කන්න ගියහම එකේ කිසි වෙනසක් නැහැ නේද? ඔන්න  එහෙනම් අද අපි කියලා දෙන්න යන්නේ  ඉදි ආප්ප කොත්තුවක් හදා ගන් විදිහ ගැනයි. ගොඩක් අමාරු නැහැ. වැඩේ හරිම සරලයි. හදා ගන්නේ මෙන්න මේ විදහට…

 

අවශ්‍ය ද්‍රව්‍ය

තම්බාගත් ඉඳිආප්ප 20ක් පමණ

තම්බාගත් කුකුල් මස් කැබැල්ලක්

ලොකු ලූනු ගෙඩියක්

කහ කුඩු ඉතාම ස්වල්පයක්

ලුණු රසට අනුව

ගම්මිරිස් රසට අනුව

සාදන ආකාරය

ඉදිආප්පව රැල් ටික ගලවා ගන්න. මස් කැබැල්ල කුඩා කොටු ලෙස කපා ගන්න.  ලූනු ගෙඩිය සිහින්ව ලියා ගන්න. බටර් ටික ළිප තබා රත්වනවිට මස් කැබැලි ටික, ලූනු දමා හොඳින් බැදෙන්නට හරින්න. කහකුඩු එකතු  කරන්න. දැන් ඉඳිආප්ප රැල් ටික , ලුණු, ගම්මිරිස් දමා හොඳට මිශ්‍ර කර ගෑරුප්පුවක්ද සමග කෑම පෙට්ටියට දමන්න.

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about  string hopper kottu.You can read the article and put your feedback on it.

 

Related Articles