Home LifestyleLiving නාන්න කැමති – අකමැති හැමෝටම මෙන්න මෙන්න විශේෂ පණිවිඩයක්

නාන්න කැමති – අකමැති හැමෝටම මෙන්න මෙන්න විශේෂ පණිවිඩයක්

by LADY.LK

දිනපතා ජලය නෑමෙන් මිනිසාගේ ශරීරයෙහි සම වියළී ගොස්‌ පැලීම් සිදුවන බවත් ඒ හරහා විෂබීජ ශරීරට ඇතුළු වී ලෙඩ රෝගවලට ගොදුරුවීමේ අවදානම වැඩිවන බව අමෙරිකා එක්‌සත් ජනපදයේ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියකවන වෛද්‍ය එලේන් ලාසන් ප්‍රකාශ කර සිටී.

බොහෝ දෙනා දිනපතා නෑමෙන් රෝග වැළඳීමේ අවදානම අඩු කරගත හැකි බව විශ්වාස කළ ද එසේ නෑම හරහා ශරීරයේ දුර්ගන්දය ඉවත් කිරීම පමණක්‌ සිදුවන බව ඇය සඳහන් කර ඇත.

මෙම මතයට සිය අදහස්‌ එක්‌ කරන අමෙරිකා එක්‌සත් ජනපදයේ ජෝඡ් වොෂිංටන් විශ්වවිද්‍යාලයේ චර්ම රෝග පිළිබඳ සහකාර මහාචාර්ය වෛද්‍ය සී. බ්‍රෙන්ඩන් මිචෙල්ට අනුව නිරතුරු ව සම සේදීමට ලක්‌ කිරීමෙන් සමෙහි අඩංගු ස්‌වභාවික තෙල් ඉවත් කරන අතර එහි දී ප්‍රතිශක්‌තිකරණ පද්ධතියට හිතකර බැක්‌ටීරියාවන්ගේ ක්‍රියාකාරිත්වයට ද එය බලපෑම් එල්ල කරනු ලබයි.

දිනපතා ජලය නෑම මේ නිසා අනවශ්‍යයි. සතියකට වරක්‌ හෝ දෙවරක්‌ නෑම බොහෝ විට ප්‍රමාණවත්වෛද්‍ය මිචෙල් කියයි.

බොහෝ දෙනා නොදන්නා කරුණක්‌වනුයේ මිනිස්‌ සිරුර ස්‌වභාවිකවම තෙල්වලින් පරිපූර්ණ යන්ත්‍රයක්‌ බව යැයි ද බොහෝ දෙනා වැඩිපුර නෑමෙන් එම තත්ත්වය නැති කර ගන්නා බව ඔහු සඳහන් කරයි.

බටහිර චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙනුයේ නාන විට දී සිරුර පුරාම සබන් ගැලීමෙන් වැළකීම වැදගත්වන අතර කිහිල්ල හා පාද වැනි දුර්ගන්ධය හැමිය හැකි ස්‌ථානවල පමණක්‌ සබන් ගැල්වීම සිදුකළ යුතු බවයි.

වියළි හිස කෙස්‌ පවතින අයෙකු සති කිහිපයකට වරක්‌ එය සේදීම ප්‍රමාණවත් බවත් ඉස්‌හොරි හා හිස කෙස්‌ ආශ්‍රිත ගැටලු පවතින අයට සතියකට කිහිප වරක්‌ ෂැම්පු යොදා හිස කෙස්‌ සේදීම කළ හැකි බව ද ප්‍රකාශ වී තිබේ.

අවශ්‍ය පමණට වඩා සම ජලයෙන් සේදීමෙන් ශරීරයේ ජීවත්වන ශරීරයට හිතකර බැක්‌ටීරියා වෛරසය හා අනිකුත් විෂබීජවලට හානි පැමිණෙන බව මෙයට පෙර අධ්‍යයනවලින් හෙළි වී ඇත.

දිනපතා නෑම නුසුදුසු බව ප්‍රකාශ කර ඇති වෛද්‍ය ලාසන්ට අනුව දිනපතා නිරතුරුව දෑත් සබන් යොදා හොඳින් සේදීම මෙන්ම රෙදි සේදීම කෙරෙහි හැමට වඩා ජනතාව අවධානය යොමු කළ යුතු වෙයි.

මේ හරහා ලෙඩ රෝග වැළඳීමේ අවදානම අඩුවන බවට ඇය පවසයි.

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about some life tips  .You can read the article and put your feedback on it. 

Related Articles