Home LifestyleFashion ගැහැනු ළමයෙක් විදියට ඇඳුමක් තෝරද්දි මේ ගැනත් හිතන්​න

ගැහැනු ළමයෙක් විදියට ඇඳුමක් තෝරද්දි මේ ගැනත් හිතන්​න

by LADY.LK
Dress for Girl

ගැහැනු ළමයින්ට අමුතුවෙන් ඇඳුම් ​තෝරන්න කියල දෙන්න ඕන නැහැ කියල තමයි හැමෝම හිතන්නෙ. ඒ වුණත් ගැහැනු ළමයෙක් විදියට ඇඳුමක් තෝරද්දි හිතන්නම ඕන දේවල් ගැනයි මේ අපි කියන්න යන්නෙ. දැනටමත් ගැහැනු ළමයි ඇඳුම් තෝරන්න ගියාම ගත කරන වෙලාව ගැන ඕන තරම් කතන්දර තිබුනත් අපි මේ කියන්නෙ ඇඳුම් තෝරද්දි කරන වෙනිං දේවල් ගැන නෙමෙයි. මේ කියන්නෙ ඇඳුම තෝරද්දි අනිවර්යෙන්ම හිතන්න ඕන දේවල් ගැන. අපේ සටහන හැම ගැහැනු ළමයෙකුටම එක වගේ ප්‍රයෝජනවත් වේවි කියල අපි හිතනවා.

බොඩි ෂේප් එක

ගන්න ඇඳුම මොකක් වුණත් අපිට ලස්සන වෙන්න ඕනනෙ. අපිට යම් ඇඳුමක් ලස්සන වෙන්න නම් ඒක අපේ බොඩි ෂේප් එකට ගැලපෙන්න ඕන. එහෙම නැතුව කොච්චර ලස්සන ඇඳුමක් වුණත් අපිට ලස්සන වෙන්නෙ නෑ. ඒ නිසා අපි අපේ බොඩිෂේප් එක ගැන හිතන්න ඕන. කඩේ මොඩ්ල් ඇන්දම ලස්සන හැම ඇඳුමම අපිට ලස්සන වෙන්නෙ නෑ. ඒ නිසා ඔයාගේ ශරීරයේ හැඩය තියෙන මොඩ්ල් කෙනෙක් අඳින ඇඳුම් විලාසිතා දිහා බලන්න. ඒ නිසා ඇඳුමක් ගන්න ගෙදරින් එළියට බහින්නත් කලින් ඒ තීරණය තදින් හිතට අරගෙන යන්න. මොකද ඔබ ගන්නා ඇඳුම කොයිතරම් ලස්සන වුණත්, ලාබදායී මිළකට ලැබුනත්, ඒ දේ දරන්න වෙන්නේ ඔබේ ශරීරයට. ඇන්දට පස්සෙ කැත වුනොත් ඇඳුමේ ලස්සනත් වැඩක් නැති වෙලා, තවත් එක අල්මාරියට විතරක් සීමා වුනු ඇඳුමක් වේවි.

සල්ලි සල්ලි සල්ලි

ඔවු සල්ලි කියන්නෙ ඇඳුම් කියන කාරණාවෙදි වැදගත් මාතෘකාවක්. ඔයා අතේ සල්ලි ටිකක් තියෙන නිසා ෂොපින් කරන කෙනෙක් වුණත්, අවශ්‍යතාවය වෙනුවෙන් ෂොපින් කරන කෙනෙක් වුණත් මේ කාරණය අදාලයි. ආර්ථික මට්ටම අනුව තමන් කැමති දේ දෙවරක් නොහිතා මිලදී ගන්න පුළුවන් අය බොහොමයක් හිටියත් තමන්ගේ මුදල් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන කාන්තාවන්ට මේ උපදෙස වැදගත් වේවි. ඒ තමයි මේ මිලදී ගන්න ඇඳුම ඒ ගෙවූ මුදලට වටිනවාද කියන එක. ඔබ එය මිලදීගත්තු කඩය තියෙන්නෙ කොළඹ 07 වීම හෝ ඒ සන්නාමය ලෝක පූජිත සන්නාමයක් වීම නිසා ලොකු මුදලක් වැය කිරීම පස්සෙ දවසක ඔබට අපරාදයක් කියා දැනෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ ගෙවූ මුදල ඇතුළේ ඒ ඩිසයින් එක, භාවිතා කරන ෆැබ්රික් එකේ කොලිටි එක වගේම අවසන් නිමාව ගැනත් හිතන්න පුළුවන් විය යුතුමයි. 

අවස්ථාව

ඔයා ඇඳුමක් තෝරන්න යන්නෙ විශේෂ අවස්ථාවක් වෙනුවෙන් නම් අපි මුළින් කියපු කාරණා දෙකට මේ විශේෂ කාරණාවත් එකතු වෙනවා. ඒ තමයි ඔයා ඒ ඇඳුම අඳින අවස්ථාව. ඒ අවස්ථාව පිංකමක් වුණත්, පාටියක් වුණත් ඒ තැනට ගැලපෙන්න අඳින එක ඔයාගේ වගකීමක්. ඒ වගේම සාමාන්‍යයෙන් ඔෆීෂියල් වැඩක් නම් ඔයාට ඩ්‍රෙස්කෝඩ් එකකුත් ලැබේවි. ඒ අනුව තෝරාගැනීම සිදු කිරීම ඔයාට අනවශ්‍ය කැපී පෙනීමක් සිද්ධ වීම වළක්වනවා. ඒ නිසා ඔයා ඒ අදාළ ඇඳුම අඳින අවස්ථාව ගැන සහ එයට ගැලපෙන ඇඳුම් ගැන මුලින් පොඩ්ඩක් හිතන එක මේ තෝරාගැනීමට ලොකු උදවුවක් වේවි.

වඩාත්ම වැදගත් – යට ඇඳුම්

ඔයා තෝරාගන්නා ඇඳුමට ඔයාගේ ශරීර හැඩය කදිමට ගලපන මැජික් එක තමයි යට ඇඳුම් කියන්නෙ. ඒ නිසා නිවැරදිව යට ඇඳුම් තෝරාගැනීම හරි වැදගත්. මෙෂර්මන්ට්ස් වගේම බ්‍රෑන්ඩ් එක සහ යට ඇඳුමේ කොලිටි එක වගේම යට ඇඳුම් වර්ග ගැනත් වැඩි අවධානයක් යොමු කරන්න ඕන. ඔබේ පියයුරුවල හැඩයට, ප්‍රමාණයට සහ ඇඳුමේ කර හෝ පිට විවර වන ආකාරයට ගැලපෙන බ්‍රා එකක් තෝරාගැනීම විශේෂයි. ඒ වගේම ඇඳුමට ඉලිප්පී නොපෙනන දාර සහ යට ඇඳුම් තෝරාගැනීමටත් සැළකිලිමත් විය යුතුයි. ඇඳුමට තරමක් කැපී පෙනෙන කුඩා බඩක් ඇති නම් එය පහසුවෙන් යටපත් කරගත හැකි ගර්ඩ්ල් එකක් භාවිතා කිරීමටත් යට ඇඳුමෙන් උදවුවක් ලෙසින් ලබාගත හැකියි.

පහසුව

අවසානයේ කොතන ගියත් කාන්තා ඔබ පහසුවෙන් සිටිය යුතුයි. ආකරෂණීය පෙණුමකට අඳින ඇඳුමක් ඇඳගෙන අපහසුවෙන් ඉන්න එක ඒ ඇඳුම සහ ඒ මොහොතේ මානසික සතුට කඩා කප්පල් කරවන දෙයක්. ඒ නිසා වැඩිපුරම ඔබේ පහසුව ගැන හිතන්න. ඇඳුමක් අනිවාර්යෙන්ම ෆිටෝන් කර බලා මිළදීගන්න. ඒ ව​ගේම ඔබට ගැලපෙන ෆැෂන් පමණක් කරන්න. මොකද අපි මේ හැමදේම කරන්න ඕන පහසුවෙන් ඉන්නනෙ.

Related Articles