Home LifestyleFashion හරියටම ෆේෂල් එකක් කරගන්නේ කොහොමද ?

හරියටම ෆේෂල් එකක් කරගන්නේ කොහොමද ?

by LADY.LK

හරියටම ෆේෂල් එකක් සිදු කරගන්නේ කොහොමද ? ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් මේක. ඔන්න ඉතිං හරියටම ෆේෂල් එකක් කරන  පියවර අපි ඔබට කියලා දෙනවා.

1.පලමු පියවර

මුහුණ ක්ලෙන්සර් කිරීම

ක්ලේන්සර් කිරීම යනු පිරිසිඳු කිරීමයි.
සමේ ස්වභායට ගැලපෙන ක්ලේන්සර් වර්ගයක් ගෙන මුහුණේ සම නොඇදෙන සේ සියුම් ලෙස ආලේප කර ගන්න.
විනාඩි 5කට පමණ පසු තෙත් කළ පුළුන් කැබැල්ලකින් ක්ලෙන්සර් පිස දමන්න.

2.දෙවන පියවර

මුහුණ ස්ටීම් කිරීම

හුමාලය ඇල්ලීම

සාමාන්‍ය සමක් ඇති අයෙකුගේ මුහුණ විනාඩි 2කට වරක් විවේක ගනිමින් විනාඩි 10ක් පමණ ස්ටීම් කර ගත යුතුය.
වියළි සමක් ඇති අයෙකුගේ මුහුණ විනාඩි 2ක් පමණ ස්ටීම් කර ගැනීම ප්‍රමාණවත්ය.
(ස්ටීම් කිරීම නිතර නොකළ යුතුය. නිතර නිතර කිරීමෙන් සම වියළී යාමට ඉඩ ඇත.)
කුරුලෑ අධික සමක් ස්ටීම් කිරීම එතරම් සුදුසු නොවේ. නමුත් බ්ලැක් හෙඩ්ස් ඉවත් කර ගැනීමට ස්ටීම් කිරීම වැදගත්ය.

ස්ටීම් කරන විට උණු වතුරට කොහොඹ කොළ යොදා ස්ටීම් කිරීමෙන් මුහුණේ ඇති විෂබීජ විනාශ වී, කුරුලෑ සහ ලප කැළැල් ඉවත් වී යයි.

3. තෙවන පියවර

මුහුණ සම්බාහනය කිරීම
මුහුණ සම්බාහනය කිරීමෙන් සමේ රුධිර සංසරණය ප්‍රාණවත් වී, මුහුණේ මස් පිඬු ශක්තිමත් වේ.
සම්බාහනය එක දිගටම විනාඩි 15ක් පමණ කළ යුතුය.

4. හතරවන පියවර

මුහුණ ස්ක්‍රබ් කිරීම

ස්ක්‍රබ් කිරීම මඟින් මැරුණු සම ඉවත් කර, සමේ අපවිත්‍ර දෑ සහ පැල්ලම් ඉවත් කර සම පැහැපත් කර ගත හැක.
ස්ක්‍රබ් කිරීමෙන් පසු සමේ රෝම කූප විවර වන නිසා ටෝනර් ආලේප කිරීම වැදගත්ය. නැතිනම් විවර වී ඇති රෝම කූප හරහා සම තුලට විෂබීජ ඇතුල් වීමට ඉඩ ඇත.

5. පස්වන පියවර

මුහුණට ෆේස් පැක් එකක් හෝ මාස්ක් එකක් යෙදීම

ඖෂධීය ගුණ සහිත, ස්වභාවික ද්‍රව්‍ය වලින් සකසා ගත් ෆේස් පැක් හෝ ෆේස් මාස්ක් යෙදීමෙන් සමට පෝෂණය ලබා දිය හැක.

Related Articles