Home LifestyleFashion උණු වතුර හුමාලෙන් ලස්සන වෙමු

උණු වතුර හුමාලෙන් ලස්සන වෙමු

by LADY.LK

ලස්සන වෙන්න වගේම ලස්සන ගැන කතා කරන්නත් ගොඩක් අය ආසයි .ඉතින් ලස්සන වෙන්න වෙළඳපොලේ විවිධ ද්‍රව්‍ය තිබුණ නමුත් ස්වභාවිකම ලස්සන වෙන්න පුළුවන් නම් ඒක තමයි ඔබේ සැබෑ ලස්සන කියන්නේ. ඉතින් ගොඩක් ගෑනු ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි මුහුණේ ඇතිවන කළු ලප එහෙමත් නැත්නම් කුරුලෑ ලප. මේ කුරුලෑ ලප ඉවත් කරන්න වෙළඳපොලේ නම් ඕනෑ තරම් රූපලාවන්‍ය ද්‍රව්‍ය තිබෙනවා නමුත් අද අපි කියන්න යන්නේ ඔබට ඉතාමත් පහසුවෙන් ගෙදරදිම කරගන්න පුලුවන් සත්කාරයන් ගැන ඕන කරන්න ඔබට වුනොත් උර ටික පමණයි.ඒක කරන්නේ මෙන්න මෙහෙම
හුමාලය අල්ලන්න

අලුතින් කලු ලප ඇති වීම වැලැක්වීම සඳහා මෙන්ම දැනට මුහුණේ ඇති කලු ලප ඉවත් කිරීම සඳහා ඔබට හුමාලය ඇල්ලිය හැක. උණු කරගත් ජලය ඇති කල්දේරමක් ඉදිරියේ ඉඳගෙන තුවායකින් හිස පොරොවා මද වේලාවක් හුමාලය අල්ලන්න. විනාඩි 10කට වඩා එය නොකරන්න. උණු ජලය අසල සිටීමේදි ප්‍රවේශමෙන් කටයුතු කරන්න. සාමාන්‍යයෙන් මිනිත්තු 5ක් හුමාලය ඇල්ලීම ප්‍රමාණවතය. ඉන්පසු ඇල් වතුරෙන් මුහුණ සෝදා හරින්න. මෙහි සඳහන් පිලිවෙලට ඔබ හුමාලය ඇල්ලිය යුතුය. ඉන්පසු පිරිසිදු, සිනිඳු තුවායකින් මුහුණ තෙත මාත්තු කර පිසදා මොයිෂ්චරයිසරයක් ආලේප කරන්න. සතියකට දෙවතාවක් මෙය කර එහි අනර්ඝ ප්‍රතිඵල දකින්න. ඉන් පසු මසකට වරක් දක්වා අඩු කරන්න.

Related Articles