Home LifestyleEntertainment නත්තල රස ගන්වන desserts වර්ග කිහිපයක්

නත්තල රස ගන්වන desserts වර්ග කිහිපයක්

by LADY.LK

හැමෝගෙම හිත් සතුටින් පුරවන නත්තලේ අසිරිය තව තවත් වැඩි කරවන දේවලින් නත්තල් කෑම මේසයට හිමිවෙන්නේ ඉහළම ස්ථානයක්. ඒ වගේම කොයි තරම් කෑම බීම තිබුණත් අතුරුපසක් තිබුනේ නැත්තම් නත්තල් කෑම වේලට ඒක විශාල අඩුවක් වෙනවා. ඉතින් ඒ නිසා අපි හිතුවා ලේසියෙන් හදාගන්න පුළුවන් රසවත් desserts වර්ග කිහිපයක් සකස් කරගන්නා ආකාරය ඔබට කියා දෙන්නට. 

Easy Christmas pudding 

අවශ්‍ය ද්‍රව්‍ය:- melted butter 100g, cranberry sauce 100g, golden syrup මේස හැඳි 2, දුඹුරු සීනි 100g, බිත්තර 2, පාන් පිටි 100g, මිශ්‍ර කුළුබඩු කුඩු මේස හැඳි 1, mixed dried fruits 300g, පොතු ඉවත් කර grate කරගත් ඇපල් ගෙඩියක්, 

ලීටර 1.2 ක pudding basin එකක් ගෙන එහි ඇතුළත butter තවරා සූදානම් කරගන්න. වෙනත් බඳුනකට cranberry sauce සහ golden syrup දමා හොඳින් මිශ්‍ර කරගෙන එයින් මේස හැඳි 2ක pudding bowl එකේ පතුලේ තවරන්න. බඳුනක් ගෙන එයට butter, සීනි, beat කරගත් බිත්තර දෙක, පිටි, කුළුබඩු කුඩු, dried fruits සහ grate කරගත් ඇපල් යන සියල්ලම දමා හොඳින් මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රනය pudding bowl එකට දමා parchment paper එකකින් එය ආවරණය කර හොඳින් තද කරන්න. මෙය microwave oven එකේ සාමාන්‍ය උෂ්ණත්වයකින් යුතුව විනාඩි 9ක පමණ කාලයක් bake කරගන්න. ඉවතට ගෙන විනාඩි 10ක් පමණ නිවෙන්නට ඉඩ හැර plate එකකට දමා ඉතිරි cranberry sauce සහ golden syrup මිශ්‍රනය pudding එකේ උඩට දමා Amaretto sauce සමග පිළිගන්වන්න.

Milk pudding 

අවශ්‍ය ද්‍රව්‍ය:- fresh milk 900ml, corn flour මේස හැඳි 4, සීනි මේස හැඳි 7, butter මේස හැඳි 3, වතුර මේස හැඳි 1, කැබලි කරගත් කජු ස්වල්පයක්

සකසා ගන්නා ආකාරය:- fresh milk ග්‍රෑම් 600ක් ගෙන බඳුනකට දමා එයට සීනි සහ corn flour මේස හැඳි 3 බැගින් එකතු කර ලිප මත තියා රත් කරන්න. මෙය තරමක් උකු මිශ්‍රනයක් වනතෙක් මඳගින්නේ රත්කරමින් නොකඩවා හැඳිගාන්න. පසුව ලිපෙන් ඉවත් කර pudding bowl එකට දමා නිවෙන්නට ඉඩ හරින්න. දැන් ඉතිරි fresh milk ග්‍රෑම් 300ට corn flour මේස හැඳි 1ක්, සීනි මේස හැන්දක් සහ බටර් මේස හැඳි 2ක් දමා හොඳින් මිශ්‍ර කරගෙන ලිප මත තියා මඳ ගින්නේ හැඳිගාමින් උකු මිශ්‍රනයක් සකස් කරගන්න. Caramel සදාගැනීම සඳහා, butter මේස හැන්දක් ආලේප කරගත් බඳුනකට සීනි මේස හැඳි 3 දමා මඳක් රත්කර වතුර මේස හැන්දක් එකතු කරන්න. මේ caramel එක දුඹුරු පැහැ වූ පසු ලිපෙන් ඉවත් කරගෙන දෙවන කිරි මිශ්‍රනය හා හොඳින් එකතු කරගන්න. විනාඩි 5ක පමණ කාලයක් සිසිල් කරගත් දෙවන මිශ්‍රනය කලින් සදාගෙන bowl එකට දැමූ කිරි මිශ්‍රනය උඩින් දමා පැයක් පමණ කාලයක් fridge එකේ තබා සිසිල් කරගන්න. කජු ස්වල්පයකින් සරසාගෙන පීළිගන්වන්න.

Custard bread pudding 

අවශ්‍ය ද්‍රව්‍ය:- fresh milk කෝප්ප 2, පාන්පෙති 10, සීනි කෝප්ප ½, Vanilla තේ හැඳි 1, බිත්තර 3, කපාගත් කජු ස්වල්පයක්, වියළි මිදි ස්වල්පයක්, ඊට අමතරව caramel සකස් කරගැනීම සඳහා සීනි මේස හැඳි 3, වතුර මේස හැඳි 1 සහ butter මේස හැඳි 1 ක් අවශ්‍ය වෙනවා.

සකසා ගන්නා ආකාරය:- caramel සදාගැනීම සඳහා බඳුනකට butter ස්වල්පයක් ආලේප කර එය ලිප මත තබා රත්වෙන්නට තියන්න. ඉන්පසු සීනි මේස හැඳි 3 දමා මඳක් රත්වූ පසු හැඳිගාන්න. මෙයට වතුර මේස හැන්දත් එක් කර මිශ්‍රනය දුඹුරු පැහැ වෙනතුරු තබා ලිපෙන් ඉවත් කරගන්න. Pudding එක සැදීමට යොදා ගන්නා pudding bowl එක තුළට මේ caramel දමා කරකවමින් හොඳින් ආලේප කරගන්න. ඉන් පසු තරමක් විශාල බඳුනක් ගෙන එයට කිරි සහ සීනි දමා හොඳින් මිශ්‍ර කරගෙන කුඩාවට කපාගත් පාන්පෙති 10 එයට දමන්න. වෙනත් බඳුනක් ගෙන එයට බිත්තර සහ vanilla දමා whisk කරගෙන එය පාන් සහ කිරි සහිත බඳුනට දමා හොඳින් මිශ්‍ර කරන්න. Caramel සහිත බඳුනට මේ මිශ්‍රනය වත්කර එයට ඉහළින් කජු සහ වියළි මිදි දමාගන්න. Tray එකක් ගෙන එයින් භාගයකට වතුර පුරවා  pudding bowl එක ඒ තුළින් තියා 180°c ට preheat කරගත් oven එකක විනාඩි 40ක පමණ කාලයක් bake කරගන්න. සිසිල් කර පිළිගන්වන්න.

Chocolate molten cake 

අවශ්‍ය ද්‍රව්‍ය:- 100g butter, කැබලි කරගත් 100g dark chocolate, කුඩු කරගත් දුඹුරු සීනි 150g, බිත්තර 4, vanilla තේ හැඳි ½, පාන් පිටි 50g, single cream අවශ්‍ය පමණට.

සකසා ගන්නා ආකාරය:-  200C/180C fan/gas 6 ප්‍රමාණයට oven එක රත් කරගන්න. Pudding basins 6ක් ගෙන ඒවා ඇතුළත හොඳින් butter තවරා baking tray එකක් මත තබන්න. ඉන්පසු Butter ග්‍රෑම් 100 සහ dark chocolate ග්‍රෑම් 100 එකට මිශ්‍ර කරමින් double boil ක්‍රමයට අනුව දිය කරගෙන මිනිත්තු 15ක පමණ කාලයක් සිසිල් වීම සඳහා පසෙකින් තියන්න. සීනි ග්‍රෑම් 150 බඳුනකට දමා එයට වරකට බිත්තර 1 බැගින් දමමින් හොඳින් whisk කරගන්න. මේ සඳහා Electric hand whisk එකක් භාවිතා කිරීම වඩාත් පහසු වෙනවා. එයටම vanilla සහ පිටි ග්‍ර්‍රෑම් 50 ක්‍රමක්‍රමයෙන් එක් කරමින් හොඳින් whisk කර pudding basins වලට වත් කරන්න. අවසානයට විනාඩි 10-12 පමණ කාලයක් bake කරගන්න. Serving plates මතට දමාගත් cake මතට cooking cream යොදා පිළිගන්වන්න.

Creamy caramel flan 

අවශ්‍ය ද්‍රව්‍ය:- සීනි කෝප්ප ¾, වතුර කෝප්ප ¼, ලොකු බිත්තර 5, cream cheese 230g, condensed milk 400g, evaporated milk 350g, vanilla තේ හැන්දක්,  

Pan එකකට සීනි සහ වතුර කෝප්ප කාලක් දමා මඳ ගින්නේ රන්වන් පැහැවන තුරු උණු කරගන්න (විනාඩි 10-15ක් පමණ). මෙය ඝන වීමට පෙර ඉක්මනින් baking dish එකකට දමා එහි පතුලේ සම්පූර්ණයෙන් ගෑවෙන පරිදි කරකවා විනාඩි 10ක් පමණ තියන්න. බඳුනක් ගෙන cream cheese දමා මෘදු වනතුරු හොඳින් beat කරන්න. එයට වරකට එක බැගින් බිත්තර කඩා දමමින් නොනවත්වා beat කරන්න. ඉන්පසු මෙයට condensed milk, evaporated milk සහ vanilla එකතු කරමින් හොඳින් මිශ්‍ර කර Caramel තවරා සකස් කරගත් baking dish එකට මේ මිශ්‍රනය වත්කරන්න. Baking dish එක් තැබිය හැකි ආකාරයේ tray එකකට උතුරන වතුර පුරවා මිශ්‍රනය සහිත baking dish එක එතුළින් තියන්න. 175°c preheat කරගත් oven එකකට දමා විනාඩි 50-60 ක පමණ කාලයක් bake කරගන්න. ඉවතට ගත් පසු සිසිල් වන තුරු පැයක් පමණ තබා ශීතකරණයේ තවත් පැය 7-8ක් පමණ තියන්න. ඉවතට ගෙන වෙනත් plate එකකට දමා wedges ආකාරයට කපා පිළිගන්වන්න.

Related Articles