Home LifestyleEntertainment Relax වෙන්න මේ tv series බලන්න

Relax වෙන්න මේ tv series බලන්න

by ladylk

Tv series නැරඹීම විනෝදාංශයක් කරගත් අයට විතරක් නෙවෙයි, එයට එතරම් හුරු පුරුද්දක් නැති අයටත් එක වගේ රස විඳින්න පුළුවන් වෙයි කියලා හිතන tv series කිහිපයක් ගැන තමයි අපි මේ ලිපියෙන් කතා කරන්නේ. හිත කරදර වෙලා ඉන්න වෙලාවට එහෙමත් නැත්නම් මනසට පොඩි විවේකයක් අවශ්‍යයි කියලා හිතෙන වෙලාවට බලන්න සුදුසුම ආකාරයේ comedy category එකට අයත්වෙන tv series කිහිපයක් ගැන තොරතුරු මෙතන සඳහන් වෙලා තියෙනවා. ඉතින් ලොකු හැඳින්වීමකට යන්නේ නැතිව අපි බලමු ඒ මොනවද කියලා.

How I Met Your Mother (2005- 2014)

Seasons 9 කින් සහ කොටස් 208 කින් සමන්විත කතා මාලාවකි. Ted mosby විසින් තමන්ට තමාගේ බිරිඳ (දරුවන්ගේ මව) හමුවූ ආකාරය සහ ඔහු තමන්ගේ මිතුරන් සමඟ ගතකළ විනෝදජනක තරුණ විය ගැන ඔහුගේ දරුවන්ට කියාදෙන ආකාරයට ගොඩනැගුණු ඉතාමත් ජනප්‍රිය tv series එකක් විදියට මෙය හඳුන්වන්න පුළුවන්කම තියෙනවා.

How I Met Your Father (2022)

2022 ජනවාරි 18 වන දින Sitcom හරහා පළමු episode එක නිකුත් වූ මේ tv series එක “How I Met Your Mother” show එකේ sequel එකක් විදියට තමයි සැළකෙන්නේ. Sophie සහ ඇගේ අඹ යාළුවෝ කණ්ඩායම විසින් තමන් කවුද සහ තමන්ට මේ ජීවිත කාලය තුළ අවශ්‍ය වන්නේ මොනවාද කියන ප්‍රශ්නවලට පිළිතුරු සොයන අතරම ඔවුන් තම තමන්ගේ ආදර සබදතා කළමනාකරණය කරගන්නේ කොහොමද කියලත් පෙන්නුම් කරන විනෝදාත්මක කතා මාලාවක් විදියට මෙය හඳුන්වන්න පුළුවන්කම තියෙනවා.

Community (2009- 2015)

Seasons 6 කින් සහ episodes 110කින් යුක්ත ‘ Community’ හරහා පෙන්වන්නේ Jeff Winger නමැති නීතිඥවරයෙක් ගැන විනෝදාත්මක කතා පුවතයි. Jeff තමන්ගේ උපාධිය ලබාගෙන ඇත්තේ නීති විරෝධි ආකාරයට බව හෙළිවීමෙන් පසුව ඔහුව Greendale community college එකට ඇතුළු කරවනු ලබනවා. විහිළුකාර සහ ආත්මාර්ථකාමි ගතිගුණවලින් හෙබි ඔහුට ඉන් පසුව වැඩ කරන්නට සිදු වන්නේ විකාර සහගත හැසිරීම් රටාවක් ඇති සිසුන් සහ කාර්‍ය මණ්ඩලයක් සමඟයි. ඔවුන් අතර ගනුදෙනුව කොයි වගේ වෙයිද කියලා දැනගන්න නම් Community බලන්නම සිද්ධ වෙනවා.

New Girl (2011- 2018)

Seasons 7කින් සහ episodes 146 කින් සමන්විත කතා මාලාවකි. පෙම් සබඳතාවය බිඳී යෑම නිසා දැඩි සිත් වේදනාවට පත්වෙන Jess තනිකඩ තරුණයින් තිදෙනෙක් වෙසෙන apartment එකක පදිංචියට යනවා. ඇගේ හැසිරීම වෙනස් සහ අමුතු එකක් බව වටහාගන්නා ඒ තරුණයින් තිදෙනා සෑම විටම ඇයගේ සහයෝගයට වෙනුවෙන් පැමිණෙන්නට පැකිළෙන්නේ නැහැ. ඔවුන් සිව්දෙනා අතර ඇති හිතවත්කම සම්බන්ධ සිදුවීම් මාලාව තමයි ‘New girl’ හරහා ඔබට දකින්නට ලැබෙන්නේ.

The Office (2005- 2013)

Seasons 9 කින් සහ episodes 201 කින් සමන්විත මේ tv series එක Mockumentary ගණයට අයත් කතා මාලාවක් විදියට තමයි හැඳින්වෙන්නේ. කාර්‍යාලයක සේවය කරන පිරිසක් හා සම්බන්ධ හාස්‍යජනක සිදුවීම් මාලාවක් පාදක කරගෙන ගොඩනැඟුනු ‘The office’ අනෙක් tv series වලට වඩා තරමක් වෙනස් අත්දැකීමක් ඔබට ලබාදෙන්නට සමත් වෙයි කියලා අපි හිතනවා.

The golden girls (1985- 1992)

Seasons 7 කින් සහ කොටස් 180 කින් සමන්විත මේ tv series එක මියාමි නගරයෙහි  පිහිටා ඇති නිවහනක් සහ තම තමන්ගේ ජීවන අත්දැකීම් බෙදාහදා ගනිමින් විනෝදකාමී ජීවිතයක් ගතකරන මහළු කාන්තාවන් සිව් දෙනෙක් මූලික කරගනිමින් ගොඩනඟා තියෙනවා. මෑතකදි මියගිය betty white ප්‍රධාන චරිතයකින් දායක වන මෙය ප්‍රධාන පෙළේ සම්මාන කිහිපයක්ම දිනාගත් ජනප්‍රිය කතා මාලාවක්ද විදියට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා.

Sex and the city (1998- 2004)

Seasons 6 කින් සහ episodes 94කින් සමන්විත මෙය romantic comedy ගණයට අයත්වන tv series එකක් විදියට තමයි සැළකෙන්නේ. ජීවිතයේ තෙවැනි දශකයේ අගභාගයේ පසුවන කාන්තාවන් සිව්දෙනෙක්ගේ අත්දැකීම් සහ ගැටළු සම්බන්ධ කරගනිමින්  Sexuluity, femininity, friendship, promiscuity, safe sex, romantic relationship වැනි මාතෘකා සම්බන්ධව කතිකාවතක් ඇතිකිරීම තමයි මේ කතා මාලාව හරහා සිදුවෙන්නේ.

Modern family (2009- 2020)

Seasons 11 කින් සහ episodes 250 කින් සමන්විත කතා කතා මාලාවක් වන මෙය ලෝස් ඇන්ජලීස් හි ජීවත් වන එකිනෙකට සම්බන්ධ නමුත් හාත්පසින් වෙනස් පවුල් තුනක් මූලික කරගෙන ගොඩනඟා තියෙනවා. පවුලක් සමඟ ජීවත්වන සාමාජිකයින්ට සාමාන්‍ය ජීවිතයේදී මුහුණ දීමට සිදුවන බොහෝ සිදුවීම් හාස්‍ය ඉස්මතු වන ආකාරයට පෙන්වාදෙන tv series එකක් විදියට මෙය හඳුන්වන්නට පුළුවන්කම තියෙනවා.  

Related Articles