Home FoodRecipes ඤාණකතා ගෙදර හදමු

ඤාණකතා ගෙදර හදමු

by LADY.LK

ඤාණකතා කියන්නේ ලොකු කුඩා කවකවරුත් කන්න කැමති කෑමක්. ඔන්න ඉතින් අද ගෙදරදිම හදා ගමු

අවශ්‍ය ද්‍රව්‍ය ..

පිටි 250g
සීනි 120g
බටර් 50g
බිත්තර 1
බේකින් පව්ඩර් තේ හැදි 2
වැනිලා තේ හැදි 1
ලුණු තේ හැදි කාලයි
උඩින් තවරා ගැනීමට කැට සීනි

සාදාගන්න ක්‍රමය

බටර් හා සීනී බීට් කරන්න
බිත්තරයද එකතු කර හොඳින් බීට් කරගන්න වැනිලාද එකතු කරන්න ..

පිටි බේකින් පව්ඩර් සමග මිශ්‍ර කර හලා ගන්න
පිටි ටික බිත්තර් මිශ්‍රණයට එකතු කරන්න..

පසුව අතින් කවලම් කර පිටි ගුලියක් සදා ගන්න

ඉන් පසු පොඩි පිටි බෝල හදා ගන්න
6ක් පමන එක සමාන කොටස්
ඒවා අතින් රවුම් කර පැත්ලි ඤාණකතා හැඩයට

මොම තුනී කරගත් බෝල බේකින් ට්‍රේ එකක් මත බටර් හෝ තෙල් ටිකක් ගාගෙන අතුරාගනන්
( තෙල් කොලයක් තිබේනම් ඒක් මත තබන්න.)
පසුව ඤාණකතා මතු පිට වතුර් ටිකක් ආලේප කර සීනි කැට තවරා ග්න්න…

අනතුරුව 180°C ප්‍රමාණයට ෆ්‍රී හීට් කරගත් අවන් එකේ විනාඩි 20ක් 25ක් බේක් කර ගන්න ….

Related Articles