Home EducationToday's World නොමිලේ ඩේටා දෙනවා කියලා ආපු WhatsApp මැසේජ් එකට රැවටුණා නම් මේ ලිපිය නොවරදවාම කියවන්න

නොමිලේ ඩේටා දෙනවා කියලා ආපු WhatsApp මැසේජ් එකට රැවටුණා නම් මේ ලිපිය නොවරදවාම කියවන්න

by LADY.LK

මේ දිනවල නොමිලේ ඩේටා ලබා දෙන මුවාවෙන් වට්සැප් සමාජ මාධ්‍ය හරහා අනිෂ්ට මෘදුකාංග දුරකතනවල ස්ථාපනය කිරීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

මෙම පණිවිඩය සමඟ පැමිණෙන යොමු (link) ක්ලික් කොට එය තවත් සමාජ මාධ්‍ය පරිෂීලකයන් 20කට හෝ ඊට වැඩි සංඛ්‍යාවක් දක්වා හුවමාරු කරගෙන ඔබගේ පෞද්ගලික විස්තර ආදිය ලබා දී රජය විසින් ප්‍රධානය කරනු ලබන දත්ත ලබා ගත හැකි බව එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ දිනවල මෙම පණිවිඩය ඔන්ලයින් ක්‍රමයට ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුවරුන්ද තම සිසුන් වෙත කිසිදු සොයා බැලීමකින් තොරව හුවමාරු කොට ගෙන ඇත.

ඒ නිසා බොහෝ විශ්ව විද්‍යාල මෙන්ම පාසැල් සිසුන් වැඩි වශයෙන් මෙම වංචනික පණිවිඩයට හසු වි ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

මෙවැනි ව්‍යාජ පණිවිඩ හරහා අනිෂ්ට මෘදුකාංග ජංගම දුරකතනයට ස්ථාපනය කිරීම,ඔබගේ සංවේදී දත්ත සහ සමාජ මාධ්‍ය ගිණුම් පැහැර ගැනීම ආදිය සිදු විය හැකි බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වැඩිදුරටත් පවසයි.

Related Articles