Home FoodRecipes පරිප්පු බෝල කරිය

පරිප්පු බෝල කරිය

by LADY.LK

පරිප්පු කියන්නේ කොච්චර කෑවත් එපා වෙන්නේ නැති නෑමක්. ඒ වගේම තමයි සමහර අයට නම් පෙන්නන්නවත් බැරි කෑමක් . ඒත් ඔන්න අද කියන්න යන්නේ  පරිප්පු කන්න අකමැති අයටත් කන්න හිතෙන විදිහට හදා ගන්න පුළුවන් ක්‍රමයක් ගැන. අවශ්‍ය කරන්නේ මෙන්න මේ ද්‍රව්‍ය

අවශ්‍ය ද්‍රව්‍ය

මයිසූර් පරිප්පු ග්‍රෑම් 200
රතුලූනු ගෙඩි කීපයක්
අමුමිරිස් කරලක්
කරපිංචා කොළ කීපයක්
බිත්තරයක්
ලුණු රසට අනුව
ගම්මිරිස් කුඩු ටිකක්

සාදන ආකාරය

පරිප්පු ටික සෝදා වතුර එකතු කර බෙරි වන්නට තම්බා ගන්න. දැන් එය නිවෙන්නට හැර බඳුනකට දමා ගන්න. දැන් රතුලූනු, අමුමිරිස්, කරපිංචා ඉතාම කුඩාවට කපා ගන්න. දැන් මේ කපාගත් සියල්ල පරිප්පුවලට එකතු කර දැන් ලුණු, ගම්මිරිස් සහ බිත්තරයද එකතු කර අතින් හොඳින් අනා ගන්න. දැන් එයින් තරමක බෝල සාදා ගන්න. දැන් මේ කුඩා පරිප්පු බෝල ස්ටීමරයක දමා හොඳින් තම්බා ගන්න. දැන් එය පසෙකින් තබන්න.

දැන් මිරිසට හෝ ‍පොල්කිරි යොදා හොද්දක් සාදා ගන්න. එයට අවශ්‍ය පරිදි තුනපහ එකතු කර ළිප තබා නටවා ගෙන මේ පරිප්පු බෝල එයට බස්වා කෑමට ගත හැකිය.

 

Related Articles