Home FoodRecipes ජිම් එකට ගිහින් ඇවිල්ල උයන්න කම්මැලිද? රසට කන්න ඊසි කෑම ටිකක් මේ…

ජිම් එකට ගිහින් ඇවිල්ල උයන්න කම්මැලිද? රසට කන්න ඊසි කෑම ටිකක් මේ…

by LADY.LK
Easy Food Recipes

දහසකුත් වැඩ රාජකාරි එක්ක කාර්යබහුල වෙද්දි අපිට සිද්ධ වෙනවා කාලය ඉතුරු කරගන්න ක්‍රම හොයන්න. අපි ඒ අතරින් තෝරාගන්න බොහෝදේවල් අපේ ශරීර සෞඛ්‍යයට හිතකර නොවෙන්න පුළුවන්. ඉක්මනින් කාලා හමාර කරන්න පුළුවන් කෙටි ආහාර, ඉක්මනට කඩේකින් අරගෙන බොන්න පුළුවන් බීම, පයින් යන ගමන ඉක්මන් කරවන ටැක්සි රථ, පඩිපෙළ ගමනට වඩා පහසු විදුලි සෝපාන වගේ දේවල් අපිට කාලය ඉතිරි කරගන්න උදවු කරාට අපේ ශරීරයට ඒ තරම් හොඳක් ඉතිරි කරන්නෙ නෑ. ඉතිං අපිට ආයෙත් සිද්ධ වෙනවා ජිම් එකට යන්න. අන්න ඒ විදියට ජිම් යන අයට කාලය ඉතිරි කරගෙන හදාගන්න පුළුවන් ආහාර කිහිපයක් කියන්නයි මේ Lady.lk සූදානම.

Corned Beef filled Eggs

මේදය වගේම ප්‍රෝටීන් බහුල නිසා බීෆ් කියන්නෙ වෙහෙස වුනු ශරීරයට රිකවර් වෙන්න කදිම දෙයක්. ඒ වගේම බිතතරත් ප්‍රෝටීන් බහුල ආහාරයක් නිසා අපි මේ හදන සිම්පල් රෙසිපි එක ඔයාගෙ ඩයට් ප්ලෑන් එකටත් සෙට් වෙන ඉක්මනින් හදාගන්න පුළුවන් වගේම රසට කන්නත් පුළුවන් කෑමක් වේවි.

අවශ්‍ය ද්‍රව්‍ය – බිත්තර 2ක්, Corned Beef කෑන් බාගයක්, කැට කපාගත් රතු බෙල් පෙපර් ගෙඩියක්, පෙති කපාගත් ග්‍රීන් ඔලිවු ගෙඩි කිහිපයක්, කුඩාවට කපාගත් සැල්දිරි, ලුණු තේ හැඳි බාගයක්.

සකසා ගන්නා ආකාරය – 

බිත්තර හොඳින් තම්බාගන්න.

බීෆ්, බෙල්පෙපර්, ඔලිවු, සැල්දිරි සහ ලුණු එක් භාජනයකට දමා හොඳින් මිශ්‍ර කරගන්න.

සිසිල් වුනු තම්බාගත් බිත්තර දෙකට කපා, කහ මදය ඉවත් කර, කහමදය හොඳින් පොඩි කර බීෆ් මිශ්‍රණයට එක් කරන්න.

සුදු මදය මැදට හැන්දකින් බීෆ් මිශ්‍රණය පුරවාගන්න.

Cabbage Chicken Rolls

ජිම් එකට ගිහින් ආවම තියෙන මහන්සිය නිසා ඉක්මනට හදාගන්න පුළුවන් කෑමක් වීම විශේෂයි වගේම, ඒක රස කෑමක් වීමත් හිතට ලොකු සහනයක්. ඒ වගේම අනිවාර්යයෙන්ම ගුණය ගැනත් සිතිය යුතුමයි. මේ කියන්න යන්නෙ පහසුවෙන් හදාගන්න වගේම පහසුවෙන් ආහාරයට ගන්නත් පුළුවන් විදියේ, රාත්‍රී ආහාරයට වගේම ස්නැක් එකක් විදියටත් කදිමට ගැලපෙන ආහාරයක් ගැන.

අවශ්‍ය ද්‍රව්‍ය – තම්බාගත් චිකන් ග්‍රෑම් 200ක්, ග්‍රීක් යෝගට් මේස හැඳි තුනක්, කපාගත් ළූනු කෝප්ප කාලක්, කපාගත් සැල්දිරි කෝප්ප කාලක්, ලුණු සහ ගම්මිරිස් රස පමණට, විනාඩි 10ක් පමණ තම්බාගත් ගෝවා කොළ 4ක්, හොට් සෝස් 

සකසන ආකාරය –

චිකන්, ග්‍රීක් යෝගට්, ළූනු, සැල්දිරි, ලුණු සහ ගම්මිරිස් භාජනයකට දමා හොඳින් mix කරගන්න.

ගෝවා කොළය දිගහැර එයට චිකන් මිශ්‍රණය පුරවා රෝල් එකක් ලෙසින් ඔතාගන්න.

හොට් සෝස් අවශ්‍ය නම් මිශ්‍රණයට එක් කරන්නට වගේම තවරා ආහාරයට ගන්නටත් පුළුවන්. ඒ වගේම බාබකිවු සෝස් සමගිනුත් කදිමට ගැලපෙනවා.

Tuna Chickpea Patties

දැන් ටූනා ටික් කළ ලෙසින් මිළදීගන්නටත් හැකි නිසා මේ රෙසිපිය ඔබට පහුසවෙන්ම අත්හදා බලන්නට පුළුවන්. ඒ වගේම ටූනා ඔමේගා 3 අම්ල සහිත, ප්‍රෝටීන් බහුල ආහාරයක් නිසා ඔබේ ශරීර සෞඛ්‍යයටත් කදිමට ගැලපේවි.

අවශ්‍ය ද්‍රව්‍ය –  ටූනා, තම්බා බ්ලෙන්ඩ් කළ කඩල, බිත්තරයක්, ගම්මිරිස් කුඩු, කුඩාවට කැපූ කැරට්, පාන්කුඩු, ඔලිවු තෙල් සහ බර්ගර් බන් යුගලයක්.

සකසාගන්නා ආකාරය – 

ටූනා, තම්බා බ්ලෙන්ඩ් කළ කඩල, බිත්තරයක්, ගම්මිරිස් කුඩු, කුඩාවට කැපූ කැරට් සහ පාන් කුඩු සියල්ල එක් කර මිශ්‍ර කරගන්න. ​අල්ලක ප්‍රමාණයට සකසා ගත් ගුලි පැටී එකක් ලෙසින් අතින් හැඩ කරගන්න. ඔලිවු තෙල්වල මද ගින්නේ එක් පැත්තක් විනාඩි තුනක් පමණ රන්වන් පැහැ වන තුරු බැදගන්න.​ මෙය බර්ගර් බන් එකක් මැද්දට තබා ආහාරයට ගන්නට කදිමයි.

Related Articles