Home #BossladyTime Management ප්‍රඩක්ටිවිටි වැඩි කරගන්න කාලය කළමනාකරණය කරගන්න හරියනම apps 7

ප්‍රඩක්ටිවිටි වැඩි කරගන්න කාලය කළමනාකරණය කරගන්න හරියනම apps 7

by LADY.LK
Working Women

මේ දවස්වල මොකද කරන්නෙ? කියල ඇහුවම හුඟක් දෙනෙක් දෙන උත්තරයක් තමයි ඔහේ ඉන්නව කියන එක. ඔහේ ඉන්නව කියන එකෙන් ඇත්තටම ඒ අය නිකංම හිටියා කියල කියවෙන්නෙ නෑ. ඒ කියන්නෙ පුරුදු වැඩ ටික කරගෙන කිසි වෙනසක් නැතුව ඉන්නවා කියන එක. අපි සාර්ථක වෙනවා කියන එක පෙන්වන එක සාධකයක් වෙන්නෙ අපි කොයිතරම් හොඳට අපේ කාලය කළමනාකරණය කරගන්නවද කියන එක. අන්න ඒ නිසාම අපි හිතුව අලුත් ලෝකයේ කාලය කළමනාකරණය කරගන්න අපිට හදලා දීලා තියෙන ස්මාට්ෆෝන් ඇප්ස් ටිකක් ගැන කතා කරන්න. 

Keep

Google සමාගම නිපදවපු Google Keep කියන්නෙ ඔයාගෙ කාර්යක්ෂමතාවය වැඩි කරගන්නට ගොඩක් ලොකු උදවුවක් දෙන ඇප් එකක්. Keep කියන්නෙ ඒ වචනයේ අර්ථයටම හරියන ඇප් එකක්. තියලා තියන්න සුදුසු නිතර පාවිච්චි වෙන දේවල් තමයි Keep එකේ ගබඩා වෙන්නෙ. එදිනෙදා පාවිච්චි වෙන කාර්යාලයේ දත්ත, පෞද්ගලික දත්ත, බැංකු තොරතුරු වගේම අපිට ඕනම මොහොතක හිතෙන දෙයක් Keep එකේ ඇතුළත් කරලා තියන්න පුළුවන්. හැබැයි Keep එකට දාලා Keep එක හංගලා තියලා බැහැ. මේක ඔයාගෙ කාර්යක්ෂමතාවයට උදවු වෙන්නනං මේක ඔයා නිතර භාවිතා කරන්න පුළුවන් විදියට හෝම් ස්ක්‍රීන් එකේ තියාගන්න උවමනායි.

GTask

කාර්යක්ෂමව ජීවිතය ගෙවන්න හදන අය වෙනුවෙන්ම හදපු දෙයක් තමයි ලිස්ට් ඇප්ස් කියන්නෙ. අපේ එදිනෙදා දවසේ වැඩ ලැයිස්තුගත කරලා තියාගන්න පුරුද්ද අපිට අපි ගැනම විශ්වාසය ඇති කරවන පුරුද්දක්. සමහරු හැම වෙලාවෙම මට මොනවාහරි අමතක වුනාද කියල සැකයෙන් ඉද්දි, අපේ දවසේ වැඩ බලාගන්න වගේම, ඒ ගැන රිමයින්ඩර්ස් දාගන්න, ඒ වගේම ඒ වැඩ ඇතුළෙ තියෙන සබ් ටාස්ක් ලිස්ට් කරගන්නත් මේ ඇප්ස්වලට පුළුවන්. ඒ නිසා ඔයා කරන කරන වැඩේට හරියක් දාලා වැඩ සම්පූර්ණයෙන්ම ඉවර කරගන්න එක කාර්යක්ෂමජීවිතයට උදවුවක් වේවි. ඉතිං අනේකවිධ ලිස්ට් ඇප්ස් අතරේ අපි අනුමත කරන හොඳම ටාස්ක් ඇප් එක වෙන්නෙ තාක්ෂණික ලෝකෙ දැවැන්තයෙක් වුනු Google නිපදවපු GTasks ඇප් එක.

Evernote

සාමාන්‍යයෙන්  ඇප් එක ඕන වෙන්නෙ ලියන දේවල්වලට තමන්ගෙ රැකියාවේ හෝ අධ්‍යාපනයේ මූලිකත්වයක් දෙන අයට විතරයි කියලා හිතෙන්න පුළුවන්. එහෙම හිතන එක වැරදියි. මොකද Evernote කියන්නෙ ඔයාගෙ වෘත්තියේ ඔනම ස්වභාවයකට ගැලපෙන දෙයක්. රස්සාවට අවශ්‍ය ඕනම දෙයක් සටහන් කරලා තියාගන්න වගේම, වෙනත් තැනක දුටු සටහනක් කොපි කරලා තියාගන්නත් Evernote උදවු වෙනවා. ඒ වගේම Evernote ඔයාට ඔයාගෙම ජර්නල් එකක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන්. Evernote නොමිලේ දෙන සේවාවක් විදියට ඔයාගෙ උපාංග දෙකකට වැඩ කරනවා වගේම, ප්‍රිමියම් නිෂ්පාදනයේ විශාල සේවාවන් රැසක් අත්විඳින්නත් ඔයාට පුළුවන්.

Bank App

ඔයත් කාර්යක්ෂම කෙනෙක් අනිවාර්යයෙන්ම ඔයාගෙ ස්මාට්ෆෝනයේ තියාගත යුතුම දෙයක් වෙන්නෙ ඔයාගේ බැංකුවෙන් නිකුත් කරපු බැංකුවට අදාළ මොබයිල් ඇප් එක. මේ වෙද්දි ලංකාවේ ප්‍රමුඛතම වානිජ බැංකු හැම එකක්ම පාහේ තමන්ගේ මොබයිල් ඇප්ස් නිකුත් කරලා තියෙනවා. ඒ වගේම තවත් බොහෝ බැංකු තමන්ගේ ස්මාට් වොලට් සේවාවන් හඳුන්වා දී තිබෙනවා. මේ සේවාවන් අතරින් ඔයාට ගැලපෙනම සේවාව ඔයාගෙ බැංකුවට අනුව පාවිච්චි කිරීම ඔයාගේ කාර්යක්ෂමතාවය අඩු කරන්නට හේතු වෙන කාලය අපතේ යාම මගහරවාවි. උදාහරණයක් විදියට මුදල් හුවමාරුවකට, බිල්පත් ගෙවීමට වගේම ඔබේ බැංකුවේ ශේෂය දැනගැනීමත් දුරකතන ඇමතුම්වලින් තොරව පහසුවෙන් මේ හරහා සිදු කරගත හැකියි.

Shopify

සමහරුන්ට කඩේ යනවා කියන වදන විහිළුවක් වුනත්, කඩේ යන කෙනෙක් දන්නවා කඩේ යාම විහිළුවක් නෙමෙයි කියලා. කඩේ යන ඔයා අනිවාර්යෙන් සූදානම් වෙලා යන්න ඕන හේතු කීපයක්ම තියෙනවා. සාමාන්‍යයෙන් අපි යන සුපිරි වෙළඳසැලකදී නොයෙක් වූ අලෙවිකරණ ක්‍රමවලට අපිව නොදැණුවත්වම අහුවෙනවා. එය මගහරවන්න පූර්ව සූදානම වැදගත්. ඒ වෙනුවෙන් හඳුන්වා දෙන සේවාවක් තමයි Shopify කියන්නෙ. Shopifyඔයාට අවශ්‍ය කරන ගෙදර දොර ආහාරපාන ගැන පහසුවෙන් ලැයිස්තුගත කරලා ගෙනයන්න පුළුවන් ඇප් එකක්. ඒවගේම Shopify තුළ ඔයාට හිතලා ටයිප් කරන්න දෙයක් ඇත්තේම නැහැ. ඒ නිසා ඔයාට යම් දෙයක් අමතක වෙන්න තියෙන ඉඩත් අඩුයි. ඔයාට තියෙන්නෙ Shopify තුළ ඇති දේවලින් ඔබට අවශ්‍ය දේ තෝරාගැනීම පමණයි.

Supermarket App

Shopify දාගෙන අලෙවිසැළකට යාම ඔයාගෙ කාලය වෙලාව ඉතිරි කරනවා. එළවළු, පළතුරු, බිත්තර, මස්, මාළු වැනි දේ ගන්නට අපි වෙළඳසැලට යාම නුවණට හුරු වුනත් ගෙදර දොර අනෙකුත් ද්‍රව්‍ය ගෙන එන්න වෙළඳපොලට යාම දැන් එතරම් අත්‍යවශ්‍ය නැහැ. මේ වෙද්දි ඩිලිවරි සේවා සහ සෑම සුපිරිවෙළඳසැලක්ම වගේ ඊ-වානිජ සේවා දියුණු කරගෙන තියෙන නිසා අපිට පහසුවෙන්ම නිවසේ සිටම අපේ අත්‍යවශ්‍යතා සපුරාගන්නට පුළුවන්. ඒ වගේම මේ ඇප් හරහා නොයෙක් වූ විශේෂ වට්ටම් ලැබීමත් සුවිශේෂ වාසියක්.

Forest

අපි කාර්යක්ෂම වෙන්නට නම් අපි ඇබ්බැහියෙන් මිදෙන්නට උවමනායි. වර්තමාන සමාජය වැඩිපුරම ඇබ්බැහි වුනු දෙයක් තමයි සෝෂල් මීඩියා කියන්නෙ. සමාජ මාධ්‍ය ජාල තුළ නිකරුණේ ගැවසෙමින් අනවශ්‍ය ඕපාදූප සොයනවාට වඩා අපිට අපි වෙනුවෙන් කරන්නට බොහෝ දේ ඉතිරිව තිබෙන නිසා අපිව ඒ වෙනුවෙන් පොළඹවන්නට, ස්මාට්ෆෝනයෙන් බැහැර කරවන්නට උදවු දෙන ඇප් එකක් විදියට Forest හඳුන්වන්න පුළුවන්. කරන්න තියෙන්නෙ ගසක් වැවීමයි. හැබැයි ඔබේ සමාජමාධ්‍ය භාවිතය ගස වැවෙන්නට බාධාවක් වේවි. ඉතිං ඒ අභියෝගය ජයගන්නට ඔබට Forest ඇප් එක උදවුවක් වේවි.