Home LifestyleTravel කදු නගින්න ආස අය ගොම්මොල්ලි කන්ද නගිමු

කදු නගින්න ආස අය ගොම්මොල්ලි කන්ද නගිමු

by LADY.LK

ගොඩක් අය කදු නගින්න යන්න ආස නිසා බලන්න අහලා තියෙනවද කියලා ගොම්මොල්ලි කන්ද ගැන.පැරණි කතා වල තියෙන විදිහට මේ කන්දට ඒ නම ලැබිලා තියෙන්නේ දුර ඉදන් බලද්දී ගොනෙක්ගෙ මොල්ලියක් වගේ පෙනෙන නිසාලු.ලංකාවේ 13 වෙනියට උසම කන්ද වෙන මෙම කන්ද නගින්නසම්පූර්ණ දවසක් ගත වෙනවා.හැබැයි දවස් 2 ක් වගේ තියෙනවා නම් මේ කන්ද ලගම තියෙන බලතෝඩුව කන්ද නගින්නත් පුලුවන්.ගොම්මොල්ලි කන්ද බදුල්ල ප්‍රදේශයට මායිම්ව ඔහිය ප්‍රදේශයේ පිහිටා ඇති අතර බෙලිහුල්ඔයට ඉතා ආසන්නවේ.ඉන්දියාවේ කාශ්මීරේ වගේ ඉතා සෞම්‍ය සුන්දර දේශගුණයක් තමයි මේ කන්දට උරුම වෙලා තියෙන්නේ. වලට නම් මේ කන්දේ සොබාසෞන්දර්ය හොඳට ගැලපෙනවා.අනික් වැදගත් කාරනේ තමයි.මේ කන්ද නගින්න යද්දී වැස්ස කාලේ මග හැරලා යන එක. අනික වතුර අරගෙන යනවනම් ගොඩක් හොඳයි.මේ කන්ද උඩටම නැග්ගම මීදුම නැති පැහැදිලි දේශගුණයක් නම්,හෝර්ටන් plains වගේම ලෝකාන්තය දැක ගන්න පුලුවන්.කිරිගල්පොත්ත,තොටුපළ කන්ද  වගේම හග්ගල කන්ද මේ ගොම්මොල්ලි කන්දට ලගින්ම තියෙන අනිත් කදු වේ.වැදගත් කාරණයක් විදිහට මේ කන්ද නගිද්දී ඒ ස්භාවික පරිසරයට හානි නොවෙන්න,පරිස්සමට ඒ වගේම ඒ වනජීවිතයට බාධාවක් නොවෙන්න අපේ සතුට ලබා ගන්නවනම් හොඳයි.ඉතිං ඔයාලත් ගිහින් ඒ අත්දැකීම විදගන්න.

Related Articles