Home LifestyleTravel සුන්දර බත්තලංගුන්ඩුව

සුන්දර බත්තලංගුන්ඩුව

by LADY.LK

මේ දවස් වල තියෙන කාලගුණෙත් එක්ක, තියෙන හුළං තත්ත්වයත් එක්ක කෑම්පින් කරනවනම් කරන්න තියෙන හොදම කෑම්පින් එක තමයි බීච් කෑම්පින් කියන්නේ. මේ වගේ බීච් කෑම්පින් එකකත් ලස්සන තව වැඩි වෙන්නනම් ඒක ලස්සන තැනක් කරන කෑම්පින් එකක් වෙන්න ඕන. ලංකාවෙ තියෙන ලස්සනම බීච් කෑම්පින් කරන්න පුළුවන් තැනක් තමයි බත්තලංගුන්ඩුව කියන්නේ .
බත්තලංගුන්ඩුව පිහිටල තියෙන්නෙ කල්පිටියෙ. කල්පිටියෙ කිව්වට එතන ඉදල නාවික සැතපුම් 16 ක් දුරින් . ඒ කියන්නේ කිලෝමීටර් 38 දුරින් . පැය එක හමාරක පැය දෙකක වගේ බෝට්ටුවකින් යන ගමනකින් පස්සෙ තමයි අපිට මේ සුන්දර දූපතට ලගා වෙන්න පුළුවන් වෙන්නේ. 
මේ දූපත ඉතාමත් ලස්සන නිල්වන් මුහුදු තීරයකට හිමිකම් කියන අපූරු ධීවර ගමක්. කොළඹ ඉදන් සුවපහසු බස් එකක කල්පිටියට යන්න සහ ආයෙ එනකොට කල්පිටියෙ ඉදන් එන්න පුළුවන් . ඉතාම සුන්දර පැය එක හමාරක බෝට්ටු සවාරියක් සුන්දර වෙරළ තීරයක කූඩාරම් හදාගෙන සුන්දර රාත්‍රියක් ගත කරන්න නැවුම් මාලු BBQ එකක රස විදගන්න. මුහුදු සුළං විදිමින් ඇති වෙනකං මුහුදෙ නාන්න, සෙල්ලම් කරන්න අවස්ථාවත් බත්ලංගුංඩුවට ගියොත් ඔයාලට විද ගන්න පුළුවන්.

Related Articles