Home LifestyleTravel පරවි දූපත ජාතික වනෝද්‍යානය

පරවි දූපත ජාතික වනෝද්‍යානය

by LADY.LK

ත්‍රීකුණාමළය දිස්ත්‍රික්කයේ සංචාරය කරන ඔබට යා හැකි හොදම ස්ථානය ක් ලෙස පරවි දූපත හැදින්විය හැකිය .මෙය ගොඩබිමින් කි.මී 1 ක් පමණ මුහුදේ පිහිටි දූපතකි.ඔබ කවුරුත් දන්නා නිලාවැලි වෙරළ තීරය ආශ්‍රිතව පරවි දූපත ඇති අතර මෙය නාවික හමුදාව යටතේ පාලනය වේ.

පරවි දූපත 1963 වර්ශයේදී අභයභූමියක් ලෙස නම් කල අතර 2003 වර්ශයේදී එය ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදි.මෙය ලංකාවේ 17 වන ජාතික වනෝද්‍යානයයි.”පරවි දූපත ” ලෙස නම ලැබී ඇත්තේ මෙහි විශාල ලෙස පරවියන් ඇති බැවිනි .මෙම දූපත ඔවුන්ගේ ප්‍රධාන අභිජනන භූමියකි.

විදේශීකයන් අතර පරවි දූපත බෙහෙවින් ජනප්‍රිය වී තිබේ.කිමිදීම ,කොරල් පර නැරඹීම,මුහුදු මසුන් නැරඹීම සදහා ලංකාවේ ඇති හොදම ස්ථානයකි පරවි දූපත .මේ හේතූන් නිසාම විශාල ලෙස විදෙස් සංචාරකයන් මෙම පරවි දූව වෙත පැමිනේ.මේ ආශිත මුහුදේ කොරල් විශේෂ 100 ක් පමණ හා කොරල් පර ආශ්‍රිත ජීවත්වන මත්ස්‍ය විශේෂ 300 ක් පමණ නිරීක්ෂණය කිරීමට හැකිවීම විශේෂත්වයකි .

එමෙන්ම” blacktip reef shark” නමින් හදුන්වන මෝර විශේෂයද පරවි දූපත ආසන්න මුහුදේ දිවි ගෙවයි.සාමාන්‍යයෙන් මෙම මෝර වර්ගය මිනිසාට පහර දීමට නොපෙළඹෙන බව කියවේ .තවද කැස්බෑවන් විශේෂ කිහිපයක්ද මේ දූපත ආශ්‍රිතව දැක ගත හැකිය .

2014 වර්ශයේදී පරවි දූපත ඇසුරෙන් මුද්දර 6 ක් නිකුත් කිරීමට ද රජය කටයුතු කර තිබේ .

ඔබ පරවි දූපත ට යා යුතු වන්නේ බෝට්ටුවකිනි.පහසුවෙන් ම එම ප්‍රදේශයෙන් ඒ සදහා ඔබට බෝට්ටුවක් සොයා ගත හැකිය .එයත් ඔබට අලුත් අත්දැකීමක් වනු නොඅනුමානය .එමෙන්ම නැගෙනහිර සංචාරය කරන ඔබ යා යුතුම ස්ථානය ක් ලෙස මෙම සුන්දර “පරවි දූපත ” අප හදුන්වන්නෙමු.

Related Articles