Home Health & WellnessSexual Wellbeing ගර්භණි සමය හා ලිංගික ජීවිතය

ගර්භණි සමය හා ලිංගික ජීවිතය

by LADY.LK

ගර්භණි කාලය තුලදි හා ඉන්පසු කාලවලදි ඇතිවන හෝමෝන වෙනස්විම්, ශාරීරික වෙනස්විම් හා මානසික වශයෙන් ඇතිවන වෙනස්විම් නිසා ලිංගික සංසර්ගය පිළිබඳව ගැටලූ රාශියක් ඇතිවෙනවා. බිරිඳක් ලෙස ඔබටත්, ස්වාමිපුරුෂයකු ලෙස ඔබටත් මුහුණ දීමට සිදුවන ගැටලු පිළිබඳව මෙම ලිපියෙන් අපි සාකච්ඡා කරමු.

ගර්භණි සමය තුල ලිංගිකව එක්විම නුසුදුසුද?

ඔබගේ ගර්භණි සමය සාමන්‍ය පරිදි ගෙවීයන්නක් නම්, ඇත්තෙන්ම මේ සඳහා විශේෂ තහංචියක් නැහැ. නමුත් ඔබගේ සිරුරේ ඇතිවන
හෝමෝන වෙනස්විම
අධික වෙහෙසකාරී බව හා වමනය ඔක්කාර ගතිය
ශරීර බර වැඩිවිම
කොන්ද ආශ්‍රිත වේදනාව
වැනි ශාරිරික වෙනස්විම් නිසා වගේම මානසික වුණත් මේ සඳහා චකිතයක් ඇතිවන්නට පුළුවන්.
ගර්භණි බව නිසා සැමියා හා ඔබ අතර බැඳීමේ වෙනසක් ඇතිවි ඇත්ද යන්න.
ලිංගික එකතුවීම දරුගැබට හානිකර වේද යන්න ගැන බිය.
යම් විටක ඔබේ ශාරිරික වෙනස්විම් නිසා ඔබ පෙර තරම් ආකර්ෂණීය හෝ සුන්දර නොවන බවට ඇතිවන හැඟීම.
ආදිය නිසා මෙම ගැටලු සහගත තත්වය උද්ගතවන්නට පුළුවන්.

ගර්භණි සමය තුල ලිංගිකව එක්විම දරුගැබට හනිකාරකද? පළමු අවධියේදි ගබ්සා සදහා හේතුවක් වන්නට පුළුවන්ද?

මෙය බොහෝ විවාහක යුවලයන් තුල පවතින බියක් වේ. නමුත් ඔබ දන්නවා ඇති දරුගැබ පිහිටා තිබෙන්නේ ශක්තිමත් පේශි වලින් සැදි ගර්භාෂය තුලයි. එපමණක් නොවෙයි සාමන්‍ය ව්‍යහාරයේ වතුර බැග් එක එනම් ඇම්නියෝටික් බෑගය (Aminiyotic fliud sac) මගිනුත් වර්ධනය වෙමින් තිබෙන දරුගබට ආරක්ෂාව ලැබෙනවා.
ගර්භණි සමයේ මුල් අවධියේදී ඇතිවන ගබ්සාවලට මුලිකවම හේතුවන්නේ, ජානමය විකෘතිතාවයන්, ගර්භාෂය හා ගැබ්ගෙල ආශ්‍රිත අසාමාන්‍යතාවයන් ආදියයි.
නමුත් මේ පිලිබඳව අනිසි බියක් ඔබ තුල පවතින්නේනම් හා, සැමියා ඔබගේ මෙම නව තත්වය පිළිබඳව මනා වැටහීමකින් සිටිනම්, මෙයින් මැත්ව සිටිමේ හැකියාව ඔබට තිබෙනවා. යම් ගැටළු සහගත බවක් ඇතිවුවහොත් ඔබගේ පවුලේ වෛද්‍යවරයා සමග මේ පිළිබඳව සාකච්ඡා කිරීම වඩාත් සුදුසු වනවා.

ගර්භණි සමය තුල ලිංගිකව එකතුවිමේදි භාවිතා කල හැකි විශේෂ ක්‍රම මොනවාද? මුඛ සංසර්ගය හා ගුද සංසර්ගය මේ සමය තුල අනුමත කල හැකිද?

ලිංගිකව එක්වීමේදී සාමන්‍ය වශයෙන් යොදාගැනෙන බොහෝ ක්‍රම ගර්භණි සමය තුළදීද උචිත වනවා. මෙහිදි වඩාත් සැලකිලිමත් විය යුත්තේ. ඔබගේ ශාරීරික හා මානසික සහනදායි බව. සම්ප්‍රදායික ක්‍රම වලට වඩා ඔබ දෙපලට සුව පහසු ක්‍රම ඇත්දැයි අත්හදා බලා තෝරාගැනිම සිදුකල හැකියි.
ගර්භණි සමය තුල මුඛ සංසර්ගය සදහා විශේෂ තහංචියක් නොමැතිවුවත් යෝනි මාර්ගය තුලට වාතය ඇතුලුවීම මවටත් දරුවාටත් අහිතකර විය හැකි බැවින් ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු වනවා.
තවද, සාමාන්‍යයෙන් ගර්භණි සමය තුල ගුද සංසර්ගය අනුමත කෙරෙන්නේ නැහැ. මීට හේතුව සාමන්‍යයෙන් ගර්භණි කාලය තුලදි හටගන්නා (Pregnancy related haemarrhoids/piles) අර්ශස් රෝගි තත්වය තීව්‍ර වීමට හැකියාවක් තිබීමයි. ඒවගේම ගුද මාර්ගය ආශ්‍රිත ක්ෂුද්‍ර ජීවින් මේ හරහා යෝනි මාර්ගයට ඇතුල්වීමේ වැඩි ඉඩකඩක් පවතින නිසා යෝනි හා මුත්‍රා මාර්ගවල ආසාදන ඇතිවිමේ හැකියාවද ඉහල යනවා.

ගර්භණි කාලය තුල ලිංගික එක්වීමකදි උපත් පාලන කොපු (condom) භාවිතය වාසි සහගතද?

ඔව්, උපත් පාලන කොපු මගින් ලිංගිකව බෝවන රෝග සම්ප්‍රේෂණය වලක්වා ගැනෙනවා. මෙම ලිංගිකව බෝවන රෝග අසාදනය මගින් ඔබටත්, දරු ගැබටත් ඇතිවන හානිය මගහරවා ගැනීමට උපත් පාලන කොපු භාවිතය උපකාරි වනවා.
සුරාන්තයට පත්විමෙදීද ගර්භාෂික පේශි සංකෝචනයක් සිදුවෙනවා. නමුත් මෙය සාමන්‍ය ගර්භණි වේදනාවකට (labor pain) වලට වඩා සම්පුර්ණයෙන් වෙනස්. එමනිසා දිනවලට පෙර සිදුවන (pre mature) උපත් වලට මෙය හේතුකාරක වන්නේ නැත.
තවද, ගර්භනී සමයේ පලමු මාස තුන හා අවසාන මාස තුන තුලදී ලිංගිකව එක්වීමෙන් වැලකී සිටීම වඩාත් පරීක්ෂාකාරී වනු ඇත. එයට හේතුවන්නේ දරුගැබට හානි විය හැකි අවදානම මෙම සමයන්හීදී වඩාත් ඉහල යාමයි.

ගර්භණි සමය තුල ලිංගිකව එක්විමෙන් ඉවත්වි සිටිය යුතු අවස්ථා තිබෙනවාද?

ඔව්, බොහෝ ගර්භණි තත්වයන් හීදි ලිංගික එකතුවිම සාමන්‍ය දෙයක් වුවත්, විශේෂ කරුණු කාරණා යටතේ මෙය අනිවාර්යෙන් සිදු නොකල යුතු දෙයක් ලෙස සලකන්න පුළුවන්. එවැනි කරුණු කිහිපයක් පහත දක්වා තිබෙනවා.
දිනවලට පෙර උපත් වේදනාව හෝ දරු උපත් ඇතිවීම මීට පෙර සිදුවි තිබිම.
හේතුවක් හඳුනා නොගත් යෝනි මාර්ගය ඔස්සේ ඇතිවන රුධිර ගැලීම.
ගර්භාෂික වතුර බැගය මගින් (Aminiotic fliud sac) මගින් එම ශ්‍රාවයන් නිකුත්විම.
ගැබ්ගෙල ශක්තිමත් නොවන හා එම හේතුව නිසා පෙරද ගබ්සාවන් ඇතිවි තිබෙන කාන්තාවන්.
Placenta / වැදෑමහ ගර්භාෂයේ පහතින් පිටත විවරය වැසෙන පරිදි පිහිටා තිබීම.

ලිංගිකව එක්විමට වුවමනාවක් ඇති නොවිම, බියවිම හා අපහසුතාවයන් ඇතිවන්නේ නම් කුමක් කල යුතුද?

ලිංගිකව එකතුවිමෙන් මෑත්ව සිටීමට ඔබට අනිවාර්යෙන්ම පුළුවන්. මේ පිළිබඳව තම ස්වාමිපුරුෂයා හා පවුලේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරන්න. අනිවාර්යයෙන් ඔවුන් ඔබට සවන් යොමුකරනු ඇත. එපමණක් නොව ඔබව වටහාගන්නවාද නොඅනුමානය.
දෙදෙනෙකු අතර බැඳීම ලිංගික එකතුවිමකට පමණක් සිමවන්නේ නැති බව දෙපාර්ශවයම විසින්ම තේරුම්ගත යුතු වනවා.
බිරිද හා ස්වාමි පුරුෂයා අතර බැදිම වැඩි කරවන සිතට ගතට සහනයක් සතුටක් ගෙනදෙන අනෙකුත් සියලු මාර්ග ඔබට විවෘතව පවතිනවා. ඒ සැම ආකාරයකින්ම උපරිම ප්‍රයෝජන ගැනීමටත්, තම බිරිඳව මනා ලෙස තේරුම් ගැනීමේ හැකියාව ඇති ස්වාමියකු ලෙස ඇයට අවශ්‍ය කායික හා මානසික සහනය සලසා දිමටත් ඔබට හැකියාව තිබෙනවා.
ඒ සඳහහා මෙම ලිපියේ අන්තර්ගතය යම් දායකත්වයක් දක්වනු ඇතිබව අපගේ විශ්වාසයයි. දරු ප්‍රසුතියෙන් පසු නැවත ක්‍රම ක්‍රමයෙන් තම සාමාන්‍ය ජිවන රටාවන්ට හුරුවන්නේ කෙසේද, ඒ සඳහා ගතවන කාලය හා එහිදී ඇතිවන ගැටලු ගැනද අපි තවත් ලිපියකින් සාකච්ඡා කරමු.

උපුටාගැනිමකි.

Related Articles