Home LifestyleTravel දැකුම්කළු මඩොල්සිම

දැකුම්කළු මඩොල්සිම

by LADY.LK

මඩොල්සිම කියන්නේ ඉතාමත් මනස්කාන්ත  ප්‍රදේශයක්. වටපිටාවේ සුන්දරත්වයනම් කියා නිමකරන්නම  බෑ. පුංචි ලෝකාන්තය නැරඹීම  සදහා ප්‍රවේශ වීමට මාර්ග කිහිපයක් ඇත.


1.බදුල්ල -පස්සර -මඩොල්සිම කුරුවිගොල්ල -අම්බලම හංදිය -පුංචි ලෝකාන්තය

2.ඇල්ල -නමුණුකුල -පස්සර -මඩොල්සිම -කුරුවිගොල්ල -අම්බලම හංදිය -පුංචි ලෝකාන්තය

3.බිබිල -ලුණුගල -ජනතාපුර -අම්බලම හංදිය -පුංචි ලෝකාන්තය

4.මීගහකිවුල -පිටමාරුව -පුංචි ලෝකාන්තය


මෙතෙන්ට යන්න තියෙන පහසුම මාර්ගය  ගැන කිව්වොත් බදුල්ලෙන් පස්සරට ඇවිල්ලා එතැනින් මඩොල්සිමට ඇවිත්   ඒතන ඉඳලත් තව 22 KM විතර යන්න ඕන. යන්න හිතාගෙන ඉන්න කෙනෙක්ට හරියටම පාර කිව්වොත් මඩොල්සිම ඉඳලා ඇකිරිය පාරේ 08 KM  විතර ගියාම හම්බවෙන කුරුවිගොල්ල මංසන්දියෙන් දකුණට තියෙන පිටමාරුව හෙවත් රෝබේරිය පාරේ 10 KM විතර ගියාම කොකාගල වතුයායේ පිහිටි පුංචි ලෝකාන්තයට යන්න පුළුවන්. දැන් මේ පාර දිගටම ඔය කියන වතුයායේ පාලන අධිකාරිය විසින් මඟපෙන්වීමේ පුවරු  හඳලා තියෙනවා. මුළු මාර්ගයම වගේ කාපට් කරලා අපූරුවට තියෙනවා.තැනින් තැන කැඩිච්ච තැනුත්  ඒත් අන්තිම කිලෝමීටර් 3KM ගැන නම් කතා කරලා වැඩක් නෑ. ජීප් එකකට වගේ තමයි ඒ පාරේ යන්න පුළුවන්. කාර්, වෑන්, බස් එහෙම නම් කිට්ටු කරන්නවත් බෑ. ළඟ පාතක ගෙයක් දොරක්වත් නෑ. කිලෝමීටර් ගාණක් යනකම් මිනිස් පුලුටක් නෑ.
Public Transport වලින් පැමිණෙනවානම් පස්සරට පැමිණ ඉන්පසු කුරුවිගොල්ල හරහා පිටමාරුව බස් රථයෙන් ප්‍රවේශ මාර්ගය අසලට ගමන් කල හැක.ලුණුගල සිටද අම්බලම හංදිය හරහා කුරුවිගොල්ල බසයෙන් අම්බලම හංදියට පැමිණ පිටමාරුව බසයක් ලබා ගත හැක.  
* කොළඹ සිට මඩොල්සිම දක්වා HPLTravels වෙතින්  බස් රථයක් ධාවනය වේ.ඒය කොළඹින් රාත්‍රි 10.15ට පිටත් වේ. ඉන්පසු මඩොල්සිමෙන්  කුරුවිගොල්ල හරහා පිටමාරුව බස් රථයක් ලබා ගත හැක. ඒසේත් නොමැතිනම් කොළඹින් පස්සරට පැමිණ ඉන්පසු පිටමාරුව ට බසයක් ලබා ගත හැක. 
මඩොල්සිම ටවුමෙන් අවශ්‍ය කරන බඩු  රැගෙන යා හැක.ඉන්පසු කඩපොලක් ඇත්තේ කුරුවිගොල්ලේ පමණි. පුංචි ලෝකාන්තය දවසින් බොහෝ වෙලාවක්  මීදුමෙන් සම්පූර්ණ වැසී තිබෙන අතර  සැරෙන් සැරේ ටිකක්  පැහැදිලි වේ.පැහැදිලිව අවට නැරඹීමට නම් හිරු උදාවන විට ඒහි සිටිය යුතුය. මේ සියල්ල මැද සොබාදහමේ අපූරූ   නිමැවුම  ගැන කියන්න වචනත් නෑ. 
මේ පුංචි ලෝකාන්තයට යන අතරමඟ ඔබට දකින්න පුළුවන් කොකාගල කියලා තවත් ගල් පර්වතයක්. මේ ගල් පර්වතය දේශමාන්‍ය ඩී.ඇස්. සේනානායක මහතාගේ හැඩරුව වගේ නිසා දැන් මේකට කියන්නේ  DS ගල  කියලා. කොහොම හරි පිටමාරුව පුංචි ලෝකාන්තයේ නැරඹුම් වේදිකාවට ගියාට පස්සේ හොඳ කාළගුණයක් තියෙන දවසකට කිසිම ගැටලුවක් නැතිව අහසේ ඉඳලා මහනුවර, මීගහකිවුල, නාගදීප වැව, මහියංගනය නගරය,  සොරබොර වැව, බිබිලේ නගරය, මඩකලපුව, අම්පාර, සේනානායක සමුද්‍රය, බදුල්ල, මොණරාගල ආදී ප්‍රදේශවල ඉඳලා ඈත නැගෙනහිර වෙරළ තීරයටම යනකම් ඉතාම දුර්ලභ දර්ශනයක් දැකගන්න පුළුවන්.   පා සටහන් පමණක් තබා ගෙනියන හැම දෙයක්ම රැගෙන ඒම ඔබ සතු යුතුකමකි. තවද තැන තැන විසිකර තිබෙන පොලිතින් , ප්ලාස්ටික්, ටින් එහෙම දැක්කොත් ඒවත් අරන් එන්න. 

Related Articles