Home Health & WellnessBeauty Care ඉස්හොරි වදේට නිට්ටාවටම විසදුම්

ඉස්හොරි වදේට නිට්ටාවටම විසදුම්

by LADY.LK

ඉස්හොරි ඇතිවීම සම්පූර්ණයෙන් නැවැත්වීම අපහසුය්. නමුත් නිතර හිස පිරිසිදුව තබා ගන්නට සැලකිලිමත් වනවා නම් එ සඳහා සුදුසු පරතිකර්ම කරනවා නම් බොහෝ දුරට මෙම තත්වය වළක්වා ගත හැකි. මේ සත්කාරය අත් හදා බලන්න

ඔන්න ඔයාලට අවශ්‍ය කරන ද්‍රව්‍ය

උඵු හාල් 100g

දෙහි යුෂ තේ හැඳි 2

පොල් තෙල් මේස හැඳි 2

බේකින් සෝඩා මේස හැඳි 1

සාදා ගන්නා ආකාරය

උඵු හාල් උණු වතුරට දමා එක රැයක් පෙන්නට දමන්න. පසුදා එය cream එකක් ආකාරයට හොඳින් අඹරාගන්න. දැන් මෙයට අනෙක් ද්‍රව්‍යයන් එකතු කර හොඳින් කළවම් කර ගන්න.

මෙය හිස ගැල්විය යුත්තේ කෙසේද???..

මුලින් හිසකෙස් වල ගැට හැර හොඳින් පීරා ගන්න. ඉන් පසු සාදාගත් පැක් එක ගෙන හිස් මුදුනේ සිට කොන්ඩය කොටස් කරමින් බ්‍රෂ් එකක් ආධාරයෙන් පැක් එක ගල්වන්න ඉන් පසු විනාඩි 30 – 45 ක් අතර කාලයක් තබා පිරිසිසු ඇල් දියෙන් සෝදා හරින්න. මෙය ඉවත් කිරීමේදි ෂැම්මු භාවිතයෙන් වලකින්න. මාස 3ක් නොකඩවා කරන්න. ඔබට යහපත් ප්‍රතිඵල ගන්න පුලුවන්.

Related Articles