Home Health & WellnessBeauty Care ඔබත් මහත් වෙන්න හීන දකින කෙනෙක්ද?

ඔබත් මහත් වෙන්න හීන දකින කෙනෙක්ද?

by LADY.LK

අද කාලේ මහත් වෙලා කෙට්ටු වෙන්න දගලන අය වගේම  කෙට්ටුවට ඉදලා මහත් වෙන්න හීන මවන අයත් ඉන්නවා. ඒඅය මහත් වෙන්න හිතාගෙන විවිධ කෘතීම  ප්‍රතිකාර මගින් පිළියම් සොයන අවස්ථාත් තිබෙනවා. හැබැයි මේ කියන්න යන්නේ ස්වභාවික ක්‍රම වලින් මහත්වෙන්නේ කොහොමද කියන එක ගැනයි..

ඔයත් කෙට්ටු නම් මහත් වෙන්න කැමති නම් මෙන්න මේ ක්‍රම ටික අත්හදා බලන්නකෝ…
රටඉඳි වල ඇට ඉවත් කර ඒ තුලට එලගිතෙල් පුරවා මීපැණි මිශ‍්‍රිත භාජනයක බහාතබා, උදේ සවස ගෙඩි හතර බැගින් ආහාරයට ගෙන එලකිරි පානය.නැවුම් එලකිරි වලට පිරිසිඳු එලගි තෙල් ස්වල්පයක් දමා පානය කරන්න.හාතවාරිය අල වලින් කැඳ සාද පානය කරන්න.

අලූත් උක් හකුරු,එලගි තෙල් හා මීපැණි සමග මිශ‍්‍රකර ගුලි සාදා කෑමට පසු ගැනීම.
තිප්පිලි, වියලි ඉගුරු චූර්නය ස්වල්ප ප‍්‍රමාණයක් බත් සමග මිශ‍්‍ර කර කෑම – පිලිස්සුම් තුවාල ඇත්නම් අගුනයි.
බිත්තර සුදුමදය එලකිරි සමග මිශ‍්‍ර කර පානය.
කුෂ්මාන්ඩ රසායනය උදේ සවස තේ හැඳි 2 ක ප‍්‍රමාණයක් කා එල කිරි පානය කරන්න.

මහත් වෙන්න තවත් රහසිගත වට්ටොරුවක් පහලින් දක්වන්නම්. හැබැයි මේ ඛෙහෙත් වට්ටෝරුව කල් තබාගැනීම ගැන ප්‍රශ්න තියෙනවා

1 උදු පිටි ග්‍රෑම් 50ක්
2 රටඉදි ගෙඩි 20ක්
3 ඉදුණු අළු කෙසෙල් ගෙඩි 3ක්
4 එළගිතෙල් මි.ලි 50ක්
5 මීපැණි මි.ලි 50ක්

(පිරිසිදු එළගිතෙල් සහ මී පැණි හොයාගන්න වෙනවා)ඉස්සෙලම අළු කෙසෙල් පොතු හැර කැබලි කපා ගන්න.ඊට පස්සේ රටඉදි වල ඇට ඉවත් කරගන්න. දැන් මේ රටඉදි, අළු කෙසෙල් ටික වියලි බදුනකට දමා ගන්න. ඒකට ම ඔයා ලග තියෙන උදු පිටි ටිකත් දාලා හොදට අතින් පොඩි කරගන්න. මේක තලපයක් වගේ වෙන විදියට හොදට පොඩි කරගන්න ඕන.ඒක හොදට හදා ගත්තට පස්සේ ඔයා කරන්න ඕන අර මී පැණි ටිකයි එළගිතෙල් ටිකයි එකට දාලා හොදට අනාගන්න. දැන් ඔයා ඛෙහෙත හදලා ඉවරයි.

වැදගත්ම දේ තමයි මේකට කෘමින් සහ සුළං නොයෙන ලෙස වසා තබා ගැනීමයි. දැන් මේ හදාගත්ත ඛෙහෙතෙන් නෙල්ලි ගෙඩියක් තරම් ප්‍රමාණයක් උදේ හවස ගන්න. එතකොට ඔයාගේ ඔය කෙට්ටුව මට්ටු වෙලා ඇගපත මහත් වෙනවා. කිසිම අතුරු ආබාධයක් නැතුව. ඔයාට සැක නැතුව මේක භාවිතා කරන්න පුළුවන් මොකද ඔයාම හදපු නිසාත් මේකට දැම්මේ මොනවද කියලා ඔයා දන්නා නිසාත්.අනිත් දේ තමා මේ සමග එළකිරි වීදුරුවකට ඉගුරු පෙති තුනක් පමණ දාලා පැය බාගයකට පස්සේ බොන්න. එතකොට තවත් හොද ප්‍රතිපල ඔයාට ගන්න පුළුවන්. අපි අපේ දේ විශ්වාස කරන්න ඕන. අනික මේක අත්දුටු වෙදකමක් වැඩි වියදමක් නැතුව අතුරු අබාධ නැතුව ඔයාට ඕන දේ කර ගන්න පුළුවන් වෙනවා. කරලම බලන්න ඔයාටම වෙනස තේරෙයි.

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about some facts helps to get fat . You can read the article and put your feedback on it. There are those who dream about getting thin as well as those who dream to be fat more. To find that, there are occasions when various artifical treatments seek solutions. 

Related Articles