Home Health & WellnessBeauty Care ඔබෙත් හිසකෙස් හැලෙනවනම් මේ දේවල් ගැන නොවරදාවම හිතන්න

ඔබෙත් හිසකෙස් හැලෙනවනම් මේ දේවල් ගැන නොවරදාවම හිතන්න

by LADY.LK

බාල වුණත් මහලුවුණත් හිසකෙස් ගැලවිලා වැටෙන එක හැමෝටම ප්‍රශ්නයක්.වෛද්‍යවරුන් පවසන ආකාරයට කෙස් ගසක වර්ධන අවදියට පසුව සති දෙකක් පමණ එහි වර්ධනය නතරව පවතින කාලයක් වේ. ෙසෙල විභජනය නතරවී ගතවන මෙම විශේෂිත කාලයට පසුව එළඹෙන්නේ තුන් මාසයක් වූ විවේක කාලයකි. ඉන්පසුව තිබුණ කෙස් ගස වැටී අලුතින් කෙස් ගසක් මෝදු වීම ආරම්භ වේ.
දිනකට පුද්ගලයකුගේ හිසෙන් ගැලවී වැටෙන හිසකෙස් ප්‍රමාණය 50-100 අතර ප්‍රමාණයක් වනවා. නමුත් මෙය කලබලවිය යුතු තත්වයක් නොවන බවටයි වෛද්‍යවරුන් පවසන්නේ. එහෙත් අසාමාන්‍ය අයුරින් හිසකෙස් ගැලවී වැටීම සහ ඝනකම අඩුවීයාමඅවධානය යොමු කළ තත්වයක් ලෙස වෛද්‍යවරුන් පවසයි.

යකඩ ඌණතාවය වැනි ගැළු හේතුවෙන් හිසකෙස් ගැලවී යා හැක.මීට අමතරව හිසකෙස් ගැලවී යාමට බලපාන හේතු කිහිපයකි

* තයිරොක්සින් අඩුකම හා හෝමෝන ආශ්‍රිත රෝග
* ඩිම්බ කෝෂ ආශ්‍රිත රෝග තත්ත්වයන්
* පිළිකා සඳහා දෙන ඖෂධ උපත්පාලන පෙති ආදී සමහර ඖෂධවල බලපෑමෙන්
* ඩෙංගු වැනි රෝගයක් වැළඳී මාස තුනකට පසුව සැත්කමක් සිදුකර හෝ දරු ප්‍රසූතියකට මාස තුනකට පසුව
* ජානමය බලපෑමෙන්ද තවත් සමහර පුද්ගලයින්ගේ හිසකෙස් හැලී යෑම සිදුවිය හැකිය.
මේ ආකාරයට අසාමාන්‍ය ලෙස හිසකෙස් ගැලවී යන්නට විවිධ වූ හේතු බලපෑ හැකි නිසා ඊට බලපාන නිශ්චිත හේතුව හඳුනාගෙන ප්‍රතිකාර කිරීම අවශ්‍යවේ.

හිසකෙස් හැලී යෑමට බලපාන හේතුව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන නිසා සිදුකළ යුතු ප්‍රතිකාරද වෙනස් වේ. එම නිසා හිතුමතේ විවිධ තෙල් අලේපනයන් හා කෘතිම ප්‍රතිකර්මයන් හිසේ ගැල්වීමෙන් ඔබ ප්‍රෙව්සම් විය යුතුය.එය ඉතාමත් උග්‍ර තත්වයකට හැරී ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යොමු වියයුතු බව වෛද්‍යවරුන් පෙන්වා දේ.

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about loosing hair . You can read the article and put your feedback on it.

Related Articles