Home FoodRecipes ඉස්සෝ වඩේ හදන විදිහ

ඉස්සෝ වඩේ හදන විදිහ

by LADY.LK

වඩේවලිනුත් ඉස්සෝ වඩේ කියන්නෙ අපි කන්න කැමතිම කෑමක්.ඔන්න ඉතින් අද කියල දෙන්නේ ඉස්සෝ වඩේ හදන විදිහ ගැනයි

කඩල පරිප්පු කෝප්ප දෙකක් සෝදා පොගන්න දාන්න. පැය දෙකක් පමණ පෙගුන විට වතුර බේරා එයින් බාගයක් හොඳින් අඹරා ගන්න.

අැඹරූ කඩල පරිප්පු ඇඹරූ නැති ඒවා සමග එකට මිශ්‍ර කරන්න.

ලුණු තේ හැන්දක්, කරපිංචා, සූදුරු, කෑලි මිරිස් , අමු මිරිස් සහ කපා ගත් ලූණු සමග මිශ්‍ර කර තලපයක් සාදා ගන්න.

කඩල පිටි හෝ පාන්පිටි මේස හැදි දෙකක් පමණ ගෙන වතුර මේස හැදි දෙකක දිය කර උකු මිශ්‍රණයක් සාදා ගන්න.

වඩේ මිශ්‍රණය ගුලි කර අවශ්‍ය හැඩය ගෙන එහි තැනක කඩල පිටි මිශ්‍රණයෙන් ටිකක් යන්තම් ගාන්න. ඒ කඩල පිටි ගෑ තැන ඉස්සන් අලවා ගන්න. නැත්නම් බදින විට ඉස්සන් ගැලවී තෙල් තාච්ච්යට වැටේවි.

දැන් කෙලින්ම තෙල් තාච්ච්යට දමා බැද ගන්න පුළුවන්. ඒත් ටික වෙලාවක් ශීතකරණයේ දමා තියා බදිනවා නම් හැඩය පවත්වා ගන්න වඩා පහසුයි. මම නම් අවන් එකට දමා විනාඩි දහයක් bake කර පසුව තමයි බැද ගත්තෙ. තෙල් ඒ තරම් යන්නෙ නැහැ එතකොට.

Related Articles