Home Health & WellnessSexual Wellbeing සමලිංගික ප්‍රේම සබඳතා නිසා පත්ව ඇති අවදානම

සමලිංගික ප්‍රේම සබඳතා නිසා පත්ව ඇති අවදානම

by LADY.LK

මේ වනවිට සාමාන්‍ය සමාජය තුළ හඳුනා නොගත් එච්.අයි.වී. ආසාදිතයන් 1600ක් පමණ සිටින බැවින් රාත්‍රි සමාජ ශාලාවල රැකියා කරන්නන්, ලිංගික ශ්‍රමිකයන්, මෙරට වීසා ඉල්ලුම් කරන විදේශිකයන් හා රුධිර පරිත්‍යාග කරන්නන් ඇතුළුව අවදානම් තත්ත්වයේ පසුවන පුද්ගලයන් වහා අදාළ රුධිර පරීක්ෂාවන් සිදුකරගත යුතු බව ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි පැවසුවාය.

මේ වනවිට ඇස්තමේන්තු කොට ඇති මෙරට සිටින ඒඩ්ස් රෝගීන් සංඛ්‍යාව 3600ක් පමණ වන අතර එයින් 2000ක් පමණ හඳුනාගෙන තිබේ. හඳුනා නොගත් පිරිස නිදැල්ලේ හැසිරීමෙන් සමාජයේ සිටින නිරෝගී පුද්ගලයන්ටද මෙය වැලඳීමේ අවදානම වැඩි බැවින් පෙර කී පුද්ගලයන් පරීක්ෂාවට ලක්විය යුතු බව ඇය සඳහන් කළාය.

වසර පහ හයක කාලයක සිට වයස අවුරුදු 15ට වැඩි පිරිමින් අතර එච්.අයි.වී. ආසාදනය වීමේ වැඩිවීමක් පෙන්නුම් කරන බවද වෛද්‍යවරිය කීවාය.

2020 වසරේ ජුනි මාසය වනවිට නව ආසාදිතයන් 185 දෙනකුත් වාර්තා වී තිබේ. ඉන් විසිතුන් දෙනකු වයස අවුරුදු 15, 24 අතර වයස් කාණ්ඩයට අයත් බවද ඇය සඳහන් කළාය. 2019 වසරේදී මෙරටින් නව ආසාදිතයන් තුන්සිය එක් දෙනකු වාර්තා වී ඇත.

වෛද්‍යවරිය සඳහන් කරන පරිදි මෙරට තරුණ පිරිමින්ට එච්අයිවී ආසාදනය වැඩිවීමට ප්‍රධාන හේතුව සමලිංගික සම්බන්ධතාය. 2019 වසර තුළදී අලුතින් වාර්තා වූ එච්.අයි.වී. ආසාදිත පිරිමින් සියයට පනස් හයකට වයිරසය ආසාදනය වී ඇත්තේ අනාරක්ෂිත සමලිංගික සම්බන්ධතා පැවැත්වීම හේතුවෙනි. ඒ අතර පාසල් ළමුන් බහුතරයක් වන බවද ඇය පෙන්වා දුන්නාය.

උපුටා ගැනීමකි

Related Articles