Home Health & WellnessPhysical Wellbeing කාන්තාවන් උපතින්ම වඳ භාවයට පත් වෙනවද?

කාන්තාවන් උපතින්ම වඳ භාවයට පත් වෙනවද?

by LADY.LK

බොහෝ කාන්තාවන් දැඩි ලෙස අපහසුතාවයට පත් වන කරුණක් තමයි දරු සම්පත් අහිමි වී යාම. මේ නිසා ගෙන දෙන මානසික පීඩනය  විඳ දරා ගැනීම ඉතාමත් අසීරු කටයුත්තක්. මේ පිළිබඳව ලියවුණු අපුරු ලිපයක් සතිඅන්ත පුවත්පතක ලියවී තිබුණා. ඒ මෙන්න මේ විදිහට…

ඔබට දරුවන් නොමැති ද? එසේත් නැත්නම් කුසට ඇතුළුවන දරුවා ගබ්සා වේ ද? එසේ නම් දරු උපතක් බලා පොරොත්තුවන ඔබට ජන්ම පත‍්‍රයේ සැඟවුනු කුසල් සංස්කාරයන්ගේ බලය මතුකර බලවත් දරු උපතකට යොමු වෙමු.
 
 ප‍්‍රථමයෙන්ම මා ඔබ වෙත ගෙන එන ලිපිය සකස්වන්නේ මා ලද අත්දැකීම් හා මා කුඩා කල සිට හැදී වැඩුනු පරිසරය ආශ‍්‍රිතයෙන් හා මා වර්ෂ
 
 ගණනාවක සිට එකතු කරගත් තොරතුරු ආශ‍්‍රයෙන් නූතන ජන සමාජය ඉතා භයානක ලෙස කොටුකරගත් දරු ඵල අහිමිවීම සම්බන්ධව සිදුවන බලවත් අකුසල් සංස්කාර සම්බන්ධයෙන් කේන්දර සටහන් තුළ අඩංගු වන කරුණු ඇතුළත්ව සමස්ත සමාජයේ වැඩි පිරිසක් මුහුණදී ඇති දරුඵල අහිමිකිරීම ප‍්‍රමාද කිරීම් සම්බන්ධයෙනි.
 
 මා ඛේදවාචකයක් ලෙස මෙය දක්වන්නේ මේ දරුඵල නොමැතිවීම හේතුවෙන් අද වන විට විශාල වශයෙන් පවුල් ගණනාවක් කැඞී ගොස් ඇති තවත් විශාල ප‍්‍රමාණයක් නමට පමණක් විවාහ ජීවිතය ගතකරන ඒ අතර විශාල වශයෙන් දරුවන් නොමැති වීම හේතුවෙන් විවාහක ස්වාමියාගෙන් නැන්දම්මාගෙන් බන්දු මිත‍්‍ර ආදීන්ගේ ගැරහුම් වලට භාජන වෙමින් දැඩි මානසික පීඩාවන්ට ලක්වීම හේතුවෙන් ද එසේත් නැත්නම් නිර්දන පවුල්වල ඉපිදී දරු ඵල නොමැතිව මුදල් ගෙවා දරුවන් සම්බන්ධව එසේත් නැත්නම් විශේෂඥ ප‍්‍රසව නාරි වෛද්‍යවරු මුණගැසීමට නොහැකිව ලතවන මිනිසුන් ගණනාවක් හේතුවෙනි. මා මීට පෙර සඳහන් කළ හේතුවෙන් විවාහක
 
 ස්වාමියාගෙන් නැන්දම්මාගෙන් බන්දු මිත‍්‍ර ආදීන්ගේ ගැරහුම් වලට භාජන වීමේ විලෝමය ද මීට යටත්ය. මාගේ සිතැඟි පරිදි එම තත්ත්වය ගැහැනියට වැඩිය පුරුෂයකුට ඉතා තදින්ම බලපාන ඇති බව ඔබද එකඟවනු ඇත.
 
 මා දැන් ප‍්‍රථමයෙන් දරුඵල සම්බන්ධයෙන් ජ්‍යොතීර් විද්‍යාව ඔස්සේ ගෙන එන්නම්. අපි දන්නවා දරුඵල සම්බන්ධව ගත්කල මූලික කරුණ ස්ත‍්‍රියකගේ මාසික ඔසප් චක‍්‍රයයි. එසේත් නැත්නම් මාස් ශුද්ධියයි. එය අත්‍යවශ්‍ය මූලික සාධකයයි. ඒ සඳහා සඳුගේ සහ කුජගේ ක‍්‍රියාකාරීත්වය හේතුවෙනි. මේ සඳහා සඳුගේ ආප් ගුණය ඉතා සෘජුව බලපායි. ස්ත‍්‍රී කේන්ද්‍රයක අපචය ස්ථානයක් එනම් 1 2 4 5 7 8 9 12 යන ස්ථාන 8 ක වූ රාශියකට සඳු පැමිණිවිට කුජගේ දෘෂ්ඨියකට ලක්වේ නම් ස්ත‍්‍රියගේ මාසික සෘතුවීම සිදුවේ. මිථුන කන්‍ය තුලා ධනු පූර්වාදය කුම්භ යන රාශීන්ගෙන් එකක පිහිටා දෘෂ්ඨියට ලක්වේ නම් සුදුසු වයසට ගත් යෞවනියකගේ කූඨ මලය පුෂ්ප අවස්ථාවක ඇති බව වටහා ගත යුතුයි.
 
 තවද ස්ත‍්‍රී ජන්ම පත‍්‍රයක චන්ද්‍ර රාශියකින් අපචය ස්ථානයකට ස්ථානයක් එනම් 1 2 4 5 7 8 9 12 යන ස්ථානයකට සඳු පැමිණි කල කුජ විසින් දකීනම් එවන් අවස්ථාවක සිදුවන මෛථුනයේ දී ගැබ් ගැනීමක් සිදුවන බව ද පත පොතහි සඳහන් වේ. එසේම පුරුෂ ජන්ම පත‍්‍රයක චන්ද්‍ර රාශියකින් උපචය ස්ථානයකට එනම් 3 6 10 11 රාශියකට සඳු පැමිණ ගුරුගේ දෘෂ්ධියට ලක්වේ නම් ගැබ් ගැනීමකට ලක්වන බවද දක්වා ඇත.
 
 කේන්ද්‍ර සටහනක දරුවන් සම්බන්ධව කථාකරන විට කේන්ද්‍රයේ 5 භාවය කෙරෙහි අවධානය යොමු කළ යුතු වේ. එසේම 5 වැන්නෙන් 5 වූ 9 වැන්න ද දරුවන් ගැන කථාකිරීමේ දී සැලකිල්ලට ගත යුතු භාවයන් වේ. එසේනම් අපි යම් කෙනකුගේ කේන්ද්‍රයකින් දරු ඵල ගැන කථාකරන විට 5 වැන්නත් එම භාවයේ අධිපතියාත් ගැන ප‍්‍රධානව සැලකිය යුතුයි . එසේම පුත‍්‍ර කාරක ගරු ගැනත් හොඳින් අවධානයෙන් පරීක්ෂාවට ලක් කළ යුතු වේ. එසේනම් දෘෂ්ඨිය නැකත සංයෝගය හොඳින් අවධානය යොමු කළ යුතු වේ. තවද ඉතාමත් වැදගත් නවාංශකය ගැනත් නවනවාංශක ක‍්‍රමවේදය ගැනත් හොඳ ඉවක් තබා ගත යුතුයි. ජීවිතයේ යම් අයකුගේ අනාගතය විවාහය රැුකියාව දරුඵල මාරක ආදිය ගැන අනාවැකි සඳහා ඉතාම වැදගත් මූලික කේන්දර සටහනක් බව හොඳින් මතක තබා ගන්න. මෙම සටහන ආධුනික ජ්‍යොතීර්වේදීන් හොඳින් වටහා ගතයුතුයි.
 
 අපි දන්නවා දරු ඵල ප‍්‍රමාද වීම යනු මා විශ්වාස කරන ඒ අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දේශනාවන්ට අනුව ද මෙය හේතුඵල දහම නිසාම සිදුවන්නකි. එසේනම් අප පෙර කිසිදු සැළසුමකින් තොරව සිදුකරන කර්ම හෙවත් කටකතා කර්මයත් 8 වැන්න වූ උපගාතක කර්මය බලවත් වීමටත් 5 වැන්නේ ශක්තිය වැදගත් වේ. එනම් යම් අයකුගේ පෙර ජීවිතයේ අකුසල් කර්ම යටපත් කර කුසලය වැඞීම කෙන්ද්‍රයේ 5 සහ 8 න් සිදුවේ. කටක්තා කර්මය ක‍්‍රියාත්මක වීම ජ්‍යොතීර් විද්‍යාවේදී මෙසේ පෙන්නුම් කරයි.
 
 එනම් සර්ප ශාප යෝගයයි පෙර සංසාරයේ දී ආයු බල ඇති සතුන්ට පීඩාකර මරා දැමීම සතුන් විසින් රකිණ ලද බිත්තර බිඳීම හෝ ආහාරයට ගැනීම නිසා ඇති වූ බලවත් අකුසල් කර්ම හේතුවෙන් හටගත් අකුසල් සංස්කාර වේ. මේ නිසා පින්වත් ඔබ ගම් බිත්තර වටු බිත්තර යනාදියත් කෑම විකිණීම එනම් යම් සතෙකු විසින් පරිස්සම් කරන ලද යන්නයි. එසේම ඉබ්බන් කපුටන් අලි ඇතුන් ආදිය සතුන් මැරීම සිදුකිරීම තමන්ගේ පටිච්චසමුපන්න උපතට එකී ආදීනව ගැන සිත කටයුතු කිරීම වැදගත් වේ.
 
 5 වැන්න වඳ රාශියක් වී එහි පාපී ග‍්‍රහයකු තැන්පත් වීම. 5 වැන්නේ රාහු තැන්පත්ව කුජ වැනි ග‍්‍රහයකු දැකීම. පුත‍්‍ර කාරක ගුරු පාපී ග‍්‍රහයින් සමඟ සංයෝග වීම කුජ රාහු සෙනසුරු වැනි නෛයිසර්ගික පාපීන් විසින් 5 දැකීම 5 වැන්නේ වීම නවාංශක ආදියෙන් දුර්වල වීම. නරක දේර්කාණාධිපති 8 අධිපති ආදී ග‍්‍රහයින් ගෙන් 5 සමන්විත වීම යනාදියත් 5 අධිපතියා හෝ ගුරු නරක දේර්කාණාධිපතියා වීම යන්න හේතුවෙන් දරු ඵල ප‍්‍රමාද විය හැක.
 
 මා දැන් යොමුවන්නේ ඉතාමත් විශේෂ කාරණයකටයි මේ කාරණා මෙසේ තිබයදී මා ලද අත්දැකීමෙන් මා කියන්නම් ඔබට. කිසිදු කාන්තාවක් වඳභාවයෙන් උපදින්නේ නැත. මා ඒ ආකාරයෙන් කියන්න කථා කිහිපයක්
 
 ගන්නම්. ඔබ අසා ඇති යම් කුටුම්භයන් තුළ සාමාන්‍යයෙන් විවාහ වී දරුවන් බලාපොරොත්තු වී සිටිය ද දරුඵල නොමැති බව වෛද්‍යවරුන්ද කේන්ද්‍ර සටහන් පරීක්ෂා කර අයවලූන් ද පවසා ඇති මොහොතක දරුවන් කුස තුළ පිළිසිඳගැනීම් ගැන. එනම් දරුවන් ලබන සාමාන්‍ය වයස ද පසුකර දරුඵල ලබන අවස්ථා නොයෙකුත් අසා ඇති නේද? ඔබ අසා නැත්නම් මා වෙත පැමිණ ඕනෑතරම් දැන ගන්න පුළුවන්. එසේනම් කුමක් ද ඒ අවස්ථාව. ඔය කේන්දර සටහනේ මා සාරාංශ ලෙස දැක්වු දරුඵල නොමැති යෝග නොවෙයි. එසේ නම් ප‍්‍රමාද වීම් සම්බන්ධවයි. ප‍්‍රමාද වීමට බලපෑ හේතුඵල ධර්මයන් ද මා දැක්වුවා. එසේනම් මේ අකුසල් සංස්කාර යටපත් කරගන්නා තෙක් ඔබට දරුවන් ප‍්‍රමාදවේ එය ස්ථිරයි.
 
 දැන් අපි බලමු කොහොමද මේ තත්ත්වයන් සාමාන්‍ය ජීවිතයට බලපාන්නේ කියලා. පළමුව තමන්ට දරුවන් නොමැතී යන්න සිතුවිල්ලෙන් මිදෙන්න. තමන් පූර්ව ජන්මයක සිදුකර ඇති අකුසල් සංස්කාරයේ ස්වභාවය හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් නොතැවී අප‍්‍රමාදව කුසල් සංස්කාරයේ යෙදෙන්න. අවශ්‍ය වතාවත්වල යෙදෙන්න. එසේම අවශ්‍ය වෛද්‍ය ප‍්‍රතිකාරවල යෙදෙන්න.
 
 මා දැන් දරුඵල ප‍්‍රමාද කරන ඔබට ඇති සාමාන්‍ය රෝගී තත්ත්වයන් ගැන කියන්නම්. මේ සියලූ රෝග මුල තත්ත්වයන් මා පෙර දැක්වූ දරුඵල ප‍්‍රමාද කිරීමේ ග‍්‍රහ සංයෝග ආශ‍්‍රයෙන් මනාවට පැහැදිලි වේ. මාසික ඔසප් චක‍්‍රය නිසියාකාරව නොවීම. මාසික ඔසප්වීම නිසියාකාරව සිදු වුවද නියමිත පරිදි අපද්‍රව්‍ය පිටතට ගලා නොයෑම, ඉතාම දැඩි හිසරදය, මාස් ශුද්ධිය අවස්ථාවේ දී ඇති වන තද බල උදරාබාදය, අන් අය නුරුස්සන ගතිය, සිහිනෙන් බය වීම, කුසහි ඇතිවන දරු ගැබ නොදැනුවත්ම ගබ්සා වීම, උදරයේ ඇති වන පිපුම් ස්වභාවය, සිහිනෙන් නොයෙකුත් දේ කැවීම, කොන්දේ අමාරුව යනාදි යයි. එනම් යම් ආකාරයේ වස විෂ වීම් ශරීරගතවීමයි. එසේම දැඩි ලෙස සිදුවන මානසික ආතතිය යන කරුණු සියල්ල මාගේ අත්දැකීමයි.
 
 මේ සකල විධ දෝෂ තත්ත්වයන් විවිධාකාරයෙන් මනුෂ්‍ය ජීවිතවලට බලපෑම් ඇති කරයි. එනම් අමනුෂ්‍ය දෝෂයන් අන වින කොඩිවින ආදිය කිරීම් විස විෂ ශරීර ගතකිරීම් යන විවිධාකාරයෙන් අකුසල් සංස්කාරය ගෙන දේ. ඒ තමන් විසින් පෙර සංසාරයේ වපුරාගත් ආකාරයයි .
 
 එසේනම් මේ විවිධාකාරයෙන් තමන්ගේ කුසල් පෙරදැරිව තමන්ට ලැබුණු මේ දුර්ලභ මනුෂ්‍ය ආත්මය තුළ ආකාර දෙකකට මේ සඳහා විසදුම් සොයාගත හැක. එක් පැතිකඩක් නම් ලොකෝත්තර විසඳුමයි. එනම් මෙම අකුසල් තත්ත්වය හඳුනාගෙන ඉදිරි සංසාර ගමන කෙටි කරලීම සඳහා තමන් විසින් උතුම් වූ බුදුරජාණන් වහන්සේ දේශණා කරන ලද උතුම් වූ සද්ධර්මයේ ගමන් ගැනීමයි. එසේත් නැත්නම් මෙම අකුසල් යටපත් කරමින් සියලූ දෝෂ නිවාරණය කර බලවත් දරු උපතක් සඳහා කටයුතු කිරීමයි.
 
 මෙවන් අවස්ථාවලදී නොයෙකුත් දෙනාගේ සුවහසක් ජීවිතයන් දුගතියට පත්ව ඇති මොහොතක උතුම් වූ බුදුගුණේ අනුභාවයෙන් ද මාගේ පියාණන් විසින් මා වෙත දායාද කළ පාරම්පරික වතාවත් ක‍්‍රමවේදයන්ගේ මහිමයෙන් බොහෝ දරුවන් නොමැතිව අනේක දුක්විඳ මනුෂ්‍යයන්ගේ අකුසල් සංස්කාර යටපත් කර කුස තුළ පින්වත් දරු ගැබක් ඇතිවීමටත් එකී දරු ගැබ ආරක්ෂා කර සකල විධ දෝෂයන් යටපත් කර පින්වත් දරුවන් ඇති කිරීමටත් අප හට හැකිවී තිබේ. ඒ සඳහා අප වෙත පැමිණ අද වන විට දරුඵල ලබා ඇති සුවහසක් පින්වතුන් සාක්ෂි දරණු ඇත.
 
 මේ සම්බන්ධව සිදු කළ යුතු වතාවත් ලිපියට ඇතුළත් නොකරන්නේ වාණිජ පරමාර්ථයෙන් කර්මය කර්මඵලය විශ්වාස නොකරන අය වෙත එකී ක‍්‍රමවේදයන් අත්පත් වුවහොත් එහි ප‍්‍රතිඵලය තුළින් දරුවන් නොමැතිව පීඩාවට පත්වුවන් තවත් එම තත්ත්වයෙන් ද බිමට වැටීමටත් තවත් මිත්‍යාවාදී ක‍්‍රමයන් පෙරදැරීව කටයුතු කිරීමෙන් ත‍්‍රිවිධ රත්නයේ ආශීර්වාද විශ්වාසය නොමැතිව කටයුතු කිරීමෙන් මීළඟ භවය කෙසේ සකස් කරගනීද යන්න විචිකිච්චාවෙනි . එබැවින් පින්කළ ඇත්තන්ට පැමිණ හැක.
 
 එසේ නම් වඳ ස්ත‍්‍රීන් උපදින්නේ නැත. දරු ඵල ප‍්‍රමාද වීම ඇති සියලූ දෙනාට හට බුදුරැුසින් බබළන බුදුරුවක් මවාගත් සර්වඥධාතූන් වහන්සේ වැඩ සිටින ඒ උතුම් ස්වර්ණමාලී නමින් පහල වූ ස්තූප වහන්සේ නමස්කාර ආනුභාවයෙන් අනුහසින් පින්වත් ඔබ සියලූදෙනා හට පින්වත් දරු සම්පත් අතිවේවායි ප‍්‍රාර්ථනා කරමු.

උපුටා ගැනීමකි

Related Articles