Home LifestyleTravel ගලායන වතුරේ භයානක සෙල්ලම් – කිතුල්ගල වයිට් වොටර් රාෆ්ටින්

ගලායන වතුරේ භයානක සෙල්ලම් – කිතුල්ගල වයිට් වොටර් රාෆ්ටින්

by LADY.LK

වයිට් වොටර් රාෆ්ටින්වලට ලංකාවේ තියෙන එකම තැන තමයි කිතුල්ගල. දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරී ඉතිං යන මේ සුන්දර ඉසව්ව පිහිටලා තියෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ. වොටර් රාෆ්ටින් කියලා කියන්නේ  ගංඟාවක ඉහළ සිට පහලට ස්වභාවික බැස්මවල් ඔස්සේ ආරක්ෂිත මෙවලම් පැළඳ පුහුණුවලත් මඟ පෙන්වන්නන් යටතේ අභියෝගාත්මක ගමනක නිරත වීමයි. එයට වයිට් වෝටර් රාෆ්ටින් යන නාමය ලැබෙන්නේ සුදු පෙන සහිත දිය මත ලිස්සා යෑම නිසාවෙනි.

කෙසේ නමුත් මේ වෙනුවෙන් ලංකාවේ පිහිට එකම ස්ථානය තමයි කිතුල්ගල.අභියෝගාත්මක ක්‍රීඩා අතරින් වඩාත් ප්‍රසිද්ධියට පත්ව ති‍බෙන මෙම ක්‍රීඩාවේ අත්දැකීම් ලබා ගන්න දෙස් විදෙස් සංචාරකයන් විශාල ප්‍රමාණයක් මෙම ඉසව්වට පැමිණෙනවා.

අමරිකාවේ 1970 දී පමණ ආරම්භ වූ මෙම ක්‍රීඩාව ඊට දශක දෙකකට පමණ පසුව මෙරට ආරම්භ වී තිබෙනවා. උගන්ඩාව කෙන්යාව වැනි රටවල් සංචාරක ආකර්ශනය දිනා ගැනීමේ අරමුණින් මෙය වඩාත් ප්‍රචලිත කර තිබෙනවා. එමෙන්ම කෘතිම ගංගා නිර්මාණය කරමින් මැලේසියාව , ඩුබායි වැනි රටවලත් මෙම ක්‍රීඩාව ඉතාමත් ප්‍රසිද්ධීයට පත් කර තිබෙනවා.

ඒ අතර ස්වභාවික පිහිටීම් අතර අවිනෝදයත්, ත‍්‍රාසයත්, ආරක්ෂාවත් සහිතව රාෆ්ටින් කීඩාවේ යෙදිය හැකි ලොව ප‍්‍රබලම ස්ථානයක් ලෙස කිතුල්ගල ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.  මෙම විරල පිහිටීමේ ඇති සුවිශේෂිත්වය නම් සෑම ගංඟා බැස්මක් (Rapid)අවසානයේදී ජලය නිසලව ගමන් කරන (Flat)ස්ථානයකට වැටීමයි. මේ ආකාරයේ පිට පිට රැපිඞ් 17 ක් මෙම ස්ථානයේ පිහිටා ඇත. මෙම පිහිටීම ක්‍රීඩාවේ නිරත වූවන්ගේ ජීවිත ආරක්ෂාවට ඉතාමත් වැදගත්ය. වේගවත් ගංඟා බැස්මක් අවසානයේ දී ඊලඟ බැස්මට පෙර යලි සූදානම් වීමට හෝ ක්‍රීඩකයාට ඉවත්වීමට  නිසල ජල තටාකය ආධුනිකයාටත් ප‍්‍රවීණයාටත් එක සේ ප‍්‍රයොජනවත්යමෙම ක්‍රීඩාවේ නිරත වීම නිසා අනතුරු දායී මරණ පවා මේ වනවිට වාර්තා වී තිබෙනවා.

කෙසේ නමුත් මේ වනවිට රාෆ්ටින් ඔලිම්පික් ක්‍රීඩාවක්ද වේ. එය ලංකාවේ දැන් ජාතික ක්‍රීඩා තරඟාවලි සංවිධානය කරන තත්වයටද පත්ව ඇත.

මේ අපූරු ස්ථානයට ඔබත් යනවනම් යන් ඕන මෙන් මේ විදිහට… කිතුල්ගලට ප්‍රවිශ්ඨ වෙන්න ප්‍රධාන මාර්ග හතරක් ගැන සඳහන් කරන්න පුළුවන්….. කොළඹ හා බස්නාහිර මුහුදු තීරය මෙන්ම දකුණේ ජීවත් වෙන අයටත් ලේසිම මාර්ගය වෙන්නේ අවිස්සාවේල්ලට ඇවිත් කරවනැල්ලෙන් දකුනට හැරිලා යටියන්තොට පසු කරමින් කිතුල්ගලට ලඟාවීම… කුරුණෑගල කෑගල්ල ආදී ප්‍රදේශ වගේම අනුරාධපුර පොලොන්නරුව ත්‍රීකුණාමලය වගේම යාපනය පැත්තේ ඉන්න අයටත් ලේසි පාර වෙන්නේ කෑගල්ල, ගලිගමුව, රුවන්වැල්ල පසු කර කරවනැල්ලෙන් වමට හැරී යටියන්තොට පසු කර කිතුල්ගලට ලඟාවීමට හැකි මාර්ගයයි…. නුවර ගම්පොල මාතලේ  අයටනම් නාවලපිටිය හරහා ගිනිගත්හේනට ඇවිත් දකුනට හැරෙන එක තමයි ලේසි. ඒ වගේම මධ්‍ය කඳුකරය හා ඒ ආශ්‍රිත අයට පුළුවන් හැටන් හරහා ගිනිගත්හේනට ඇවිත් වමට හැරී කිතුල්ගලට ලඟා වෙන්න පුළුවන්.

මෙම ප්‍රෙද්ශයේ  රාෆ්ටින් සේවා සැපයීම් ආයතන 10 ක් පමණ ක්‍රියාත්මක වෙනවා.. එම ආයතනවල 200ක් පමණ පිරිසක් සේවය කරන අතර ඊට අමතරව සංචාරක මඟ පෙන්වන්නන්ද, හෝටල් වලට ආහාර පාන සපයන්නන්ද, කුලී රථ රියදුරන්ද,  වෙනත් විවිධ සේවාවන් සපයන්නන්ද විශාල ප්‍රමාණයක් ඔබට පහසුකම් සපයන්න බලා ගෙන ඉන්වා.

යන්න කලින් දෙපාරක් හිත්න, අභියෝග ජය ගැනීම වගේම ජීවිත ආරක්ෂාවත් බොහොම වැදගත් නිසා.

 

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about white water rafting. You can read the article and put your feedback on it.

Related Articles